පුස්තකාල පාඨකයින්ගේ තොරතුරු ගවේෂණ කුසලතා වර්ධනය කිරිම සඳහා කැලණිය විශ්වවිද්‍යාල පුස්තකාලයේ දායකත්වය පිළිබඳ අධ්‍යයනයක්
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka
Abstract
විශ්වවිද්‍යාල පුස්තකාලය, විශ්වවිද්‍යාලයක හදවත ලෙස හඳුන්වන අතර එහි මුලික කාර්යයන් වන අධ්‍යාපනය, පර්යේෂණ ප්‍රකාශනය සහ දැනුම සංරක්ෂණය උදෙසා පුස්තකාලයෙන් විශාල දායකත්වයක් ලැබෙන්නාසේම අධ්‍යාපන කාර්යයට අවශ්‍ය සම්පත් එකතුව ගොඩනැගිම, සංවිධානය, පවත්වාගෙන යාම සහ වර්ධනය කිරිම මත පදනම් වි පුස්තකාල පාඨක වර්ගය මත රඳා පවතී. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ තොරතුරු ගවේෂණය කුසලතා වර්ධනය කිරිමේදි ශාස්ත්‍රීය පුස්තකාලයක් ශිෂ්‍යයාට කොතරම් දුරට සහාය වන්නේ ද යන ගැටළුව පදනම් කරගෙන මෙම පර්යේෂණය සිදු කරන ලදී. අධ්‍යයනයේ මුලික අරමුණු වුයේ කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථින් තුල තොරතුරු කුසලතා වර්ධනය කිරිමේ දි පුස්තකාලය විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් සහ ක්‍රියාත්මක කරනු ලබන ක්‍රමවේද මොනවාද යන්න ඇගයීම සහ ඒවායේ පවතින ගැටලු සහ අඩුපාඩු මොනවාද යන්න හඳුනාගැනිමත්, විද්‍යාර්ථින්ගේ වර්තමාන තොරතුරු සෙවිමේ කුසලතා හඳුනාගැනිමත්ය. දත්ත රැස් කිරිමේ ක්‍රමවේදය ලෙස ප්‍රශ්නාවලි සහ සම්මුඛ සාකච්ඡා යොදා ගත් අතර අහඹු නියැදිය යටතේ කාර්ය මණ්ඩල සේවකයින් 25 ක් සහ විද්‍යාර්ථින් 100 මගින් දත්ත රැස් කරන ලදී. පර්යේෂණ සොයාගැනීම් අනුව උසස් අධ්‍යාපනය තුළ න්ිරතවන විද්‍යාර්ථින් සඳහා විශ්වවිද්‍යාල පුස්තකාල කාර්යමණ්ඩලය විසින් තොරතුරු ගවේෂණය කිරිම සඳහා විවිධ ක්‍රියාකාරකම් වැඩසටහන් (විද්‍යාර්ථින් අනුගත කිරිමේ නවක නම්නීකරණ වැඩසටහන්, පුස්තකාල දේශන, තොරතුරු ගවේෂණ ක්‍රම පිළ ිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන්), පුස්තකාල චාරිකා, පුස්තකාල අත්පොත් ආදිය මඟින් සහ මාර්ගගත ආකාරයෙන් ද දායකත්වය සපයන බව සොයා ගන්නා ලදී. නමුත් එම වැඩසටහන් සහ මඟ පෙන්විම් පාඨකයා පොළඹවා ගැනිමට සහ පාඨකයා ආකර්ෂණය කර ගැනිමට සමත් නොවිම, සංකීර්ණ ගවේෂණ ක්‍රම පැවතිම, පාඨකයාට මාර්ගගත සුචිය පිළිබඳ දැනුවත්භාවයක් නොමැතිවිම ආදිය මෙහි දැකගත හැකි අඩුපාඩු වේ. පුස්තකාල දිශානති වැඩසටහන් මඟින් විද්‍යාර්ථින්ට අවශ්‍ය මඟපෙන්විම පුස්තකාල කාර්යමණ්ඩලය ලබා දුන් නමුත් විද්‍යාර්ථින්ගේ කාර්යබහුල කාලසටහන් සමඟ ඒවාට සහභාගි විමට නොහැකි බව ද සොයාගන්නා ලදී. අධ්‍යයනය අවසානයේ ප්‍රස්තුත වුයේ තොරතුරු තාක්ෂණය සහ තොරතුරු බහුලතාවය හේතුවෙන් ඉතා පහසුවෙන් සහ ඉක්මනින් තොරතුරු වෙත ප්‍රවේශ විමට පුස්තකාල කාර්යමණ්ඩලය ප්‍රමාණවත් තරම් දායකත්වයක් දක්වන බවත් විද්‍යාර්ථින් තුළ තොරතුරු ගවේෂණ ක්‍රම පිළිබඳ පුළුල් දැනුම් මට්ටමක් නොමැති බව සහ ඔවුන් පුස්තකාල භාවිතයට දක්වන ප්‍රමුඛතාවය අඩු බව සහ අන්තර්ජාලය තොරතුරු ගවේෂණය කිරිමේ ප්‍රධාන මාධ්‍ය බව අනාවරණය විය.
Description
Citation
Madhumali, P.B. Iresha ( 2020). පුස්තකාල පාඨකයින්ගේ තොරතුරු ගවේෂණ කුසලතා වර්ධනය කිරිම සඳහා කැලණිය විශ්වවිද්‍යාල පුස්තකාලයේ දායකත්වය පිළිබඳ අධ්‍යයනයක්. In : 6th National Research Conference on Applied Social Statistics, 2020. Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, p.43.