NRCASS 2020

Permanent URI for this collectionhttp://repository.kln.ac.lk/handle/123456789/22377

Browse

Search Results

Now showing 1 - 10 of 40
  • Item
    ව්‍යවසායකත්වය සඳහා කැලණිය විශ්වවිද්‍යාල සිසුන්ගේ නැඹුරුව
    (Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Athukorala, W.A.V.D.K.
    නව ව්‍යාපාර ඇරඹීම නැතහොත් පවතින ව්‍යාපාරයකට නව මුහුණුවරක් ගෙන ඒම යන අර්ථ දැක්වීම අපට ව්‍යවසායකත්වයට ලබාදිය හැකිය. රටක ආර්ථිකයට විශාල බලපෑමක් සිදු කළ හැකි බල ප්‍රභවයක් ලෙස ව්‍යවසායකත්වය අපට හඳුනාගත හැක. නමුත් වර්තමනයේ පවත්නා ව්‍යාපාරවලින් බොහෝමයක හිමිකාරීත්වය දරන්නන් වන්නේ ව්‍යාපර පිළිබඳ වැඩි දුර අධ්‍යාපනයක් නොලැබූ සාමන්‍ය පුද්ගලයන් ය. ඒ අනූව උසස් අධ්‍යාපනයක් ලැබූ විශ්වවිද්‍යාල සිසුන්ද නව ව්‍යාපාර ආරම්භ කිරීමට නැඹුරුවක් දක්වයි ද? නොදක්වයි ද? යන්න විමසීම සහ එයට බලපාන සාධක ගවේෂණය මෙන්ම සිසුන් තුළ ඇති ව්‍යාපාරික දැනුම වර්ධනය කිරීමට යෝජනා ඉදිරිපත් කිරීම මෙම පරීක්ෂණයේ මූලික අරමුණ වේ. ඒ අනූව, කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨ හතරක් තෝරා ගෙන එයින් එක් එක් වසර වලින් විද්‍යාර්ථීන් 100 බැගින් ගෙන 400ක නියැදියක් කොටස් නියැදුම් ක්‍රමය මඟින් තෝරාගන්නා ලදි. අධ්‍යයනය සදහා ප්‍රාථමික දත්ත යොදාගත් අතර එහිදී ප්‍රශ්නමාලා ක්‍රමය මඟින් දත්ත ලබා ගන්න ලදී. වගු, ප්‍රස්තාර හා කයිවර්ග පරීක්ෂාව වැනි පරීක්ෂණ ක්‍රම මඟින් දත්ත විශ්ලේෂණය කරන ලදී. නව ව්‍යාපාර ආරම්භ කිරීමේදී අවධානමක් ගැනීමට සිදු වන අතර එම අවධානමට මුහුණදීමට සිසුන් බිය වීමද, නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔවුන්ට මූලික ප්‍රාග්ධනයක් නොමැති වීම, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ව්‍යාපාර පිළිබද දැනුමක් නොමැති වීම, මෙලෙස ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය සම්පත් රජයෙන් ප්‍රමාණවත්ව නොලැබීම යන ගැටලු හදුනාගත හැකිවිය. එසේම වර්තමාන ලෝකයක් මුහුණ දී ඇති කොරෝනා වසංගතය නිසා අද නව නිර්මාණ හා නව ව්‍යාපාර පිළිබද බොහෝ සිසුන්ගේ අවධානය යොමු වී ඇති අතර ඒ සදහා රජයේ අදාළ බලධාරීන් ඊට දිරිගැන්වීම් සිදු කිරීම, විශ්වවිද්‍යාල සිසුන්ගේ ව්‍යාපාරික දැනුම වර්ධනයට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, නව ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය රජය විසින් පහසු ක්‍රම යටතේ සැලසීම නව ව්‍යාපාර ඇරඹීමට සිසුන්ගේ නැඹුරුව වැඩි කිරීමට උපක්‍රම ලෙස යෝජනා කළ හැකිය.
  • Item
    කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් අධ්‍යාපනයට COVID 19 වසංගතයේ බලපෑම
    (Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Madhushani, N.M.S.H.S.; Amarakoon, B.G.T.H.; Sewwandi, D,B.M.
    කොරෝනා වෛරසය යනු සෙම්ප්‍රතිශ්‍යාවේ සිට දරුණු නිදන්ගත ශ්වසන රෝග දක්වා වර්ධනය විය හැකි රෝගාබාධ ඇති කරන විශාල වෛරසයකි. මෙය චීනයෙන් ආරම්භ වී ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 250කට අධිකව ව්‍යාප්ත විය. මේ හේතුවෙන් ලංකාවේ සියලුම අංශ කෙරෙහී විශාල බලපෑමක් එල්ල විය. එමගින් අධ්‍යාපනය කෙරෙහිද විශාල බලපෑමක් සිදු විය. ඒ අනූව එම වෛරසය හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාල මාස 5ක් පමණ අඛණ්ඩව වසා දැමුණී. මෙලෙස විශ්වවිද්‍යාල වසා දැමීම හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාල සිසුන් අධ්‍යාපනික, තාක්ෂණික හා ආර්ථික වශයෙන් මුහුණ දුන් ගැටලු පිලිබඳ අධ්‍යනය කිරීම මෙම අධ්‍යනයේ මූලික අරමුණ විය. කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨ හතරක් තෝරා ගෙන එයින් එක් එක් වසර වලින් විද්‍යාර්ථීන් 100 බැගින් ගෙන 400ක නියැදියක් පොකුරු සසම්භාවී නියැදුම් ක්‍රමය මගින් තෝරාගන්නා ලදි. අධ්‍යනය සඳහා ප්‍රාථමික දත්ත යොදාගත් අතර එහිදී ප්‍රශ්ණමාලා ක්‍රමය මගින් දත්ත ලබාගන්නා ලදී. වගු හා ප්‍රස්තාර වැනි සරල සංඛ්‍යාන ක්‍රම මෙන්ම කයිවර්ග පරීක්ෂාව වැනි පරීක්ෂණ ක්‍රම මඟින් දත්ත විශ්ලේෂණය කරන ලදී. කොරෝනා සමයේ ඇදිරි නීතිය දැමීම හේතුවෙන් ඔවුන්ට අධ්‍යාපන අවස්ථා බොහෝදුරට සීමා විය. මාර්ගගත අධ්‍යාපන ක්‍රමය හරහා අධ්‍යාපන කටයුතු සිදු කිරීමේදී පොළොන්නරුව, අනුරාධපුර වැනි දුෂ්කර ප්‍රදේශවල සිස ුන්ට තාක්ෂණික මෙන්ම ආර්ථික ගැටලු නිසා දේශණ වලට සහභාගී විමට නොහැකි විය. පළමු වසර හා දෙවන වසර සිසුන්ට එම අවස්ථාවද අහිමි වූ අතර මෙහිදී වැඩි වශයෙන් බලපෑම් එල්ල වූයේ ඔවුන්ටය. ඒ අනූව COVID 19 වසංගතය කැලණිය විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනයට අහිතකර ලෙස බලපා ඇති බව දත්තවලට අනූව නිගමනය කළ හැකිය. විභාග කටයුතු සිසුන්ට පීඩනයක් නොවන ආකාරයට පැවැත්වීම, සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් නිවැරදිව අනුගමනය කිරීම, ඇගයීම් ලකුණු සාමාන්‍යයෙන් ලබාදෙන ප්‍රමාණයට වඩා වැඩි කිරීමට කටයුතු කිරීම කොරෝනා වෛරසය නිසා සිසුන්ට බලපෑ අධ්‍යාපන ගැටලු වලට විසදුමක් ලෙස යෝජනා කළ හැකිය.
  • Item
    ගුණාත්මක අධ්‍යාපනය සහ තිරසර සංවර්ධනය
    (Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Wickramanayaka, D.G.A.M.
    ගෝලීය වශයෙන් 2030 වර්ෂය වන විට ඉටුකර ගැනීමට අපේක්ෂිත තිරසාර සංවර්ධන අරමුණු 17 අතුරින් සිව්වන අරමුණ බවට පත්ව ඇත්තේ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමයි. එහි පරමාර්ථය වී ඇත්තේ “සියල්ලන් ඇතුළත් කර ගත් හා සාධාරණ ගුණාත්මක අධ්‍යාපනය සහ සියල්ලන් උදෙසා ජීවිත කාලීන ඉගෙනුම් අවස්ථා ප්‍රවර්ධනය කිරීම” යන්නයි (www.undp.org) ලෝක බැංකුව පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකාවේ ළමයෙකු සාමාන්‍යයෙන් වසර 13ක පාසල් අධ්‍යාපනයක් සම්පූර්ණ කරන නමුත් එහි ගුණාත්මකභාවය සමඟ සැසඳූ විට ළමයෙකුට හිමිව ඇත්තේ වසර 8.3කට සමාන ඉගෙනුමක් පමණි. ඒ අනුව වසර 4.7 ක ඉගෙනුම් පරතරයක් නිර්මාණය වී තිබේ (ලෝක බැංකුව, 2018). ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපන ප්‍රවේශය පුළුල් කිරීම අරමුණු කර ගත් එකක් වන අතර පසුගිය දශක කීපයේ දී 92.7% ක ප්‍රශංසනීය සාක්ෂරතාවයක් සාක්ෂාත් කර ගෙන ඇත ( මහ බැංකු වාර්ෂික වාර්තාව, 2019). නමුත් නාගරික හා ග්‍රාමීය වශයෙන් අධ්‍යාපනයේ පවත්නා අසමානතා සැලකීමේ දී උදාහරණ වශයෙන් පාසල් වර්ගය අතර පවත්නා වෙනස්කම් සහ ඒවායේ යෝග්‍යතාවය අනුව දරුවන්ගේ ඉගෙනුම් සහ අධ්‍යාපනයේ එල සීමා වී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ගුණාත්මක අධ්‍යාපන ප්‍රවේශය වෙත පවත්නා අසමාන අවස්ථා මොනවාද යන්න හඳුනා ගැනීම මෙම අධ්‍යයනයේ ගැටලුව වන අතර එමඟින් ඇති වන ප්‍රතිවිපාක පිළිබඳ විමසීම ද මෙහි අරමුණ විය. මේ සඳහා ද්විතීයික දත්ත යොදා ගෙන ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තා, අධ්‍යාපන දෙපාර්තමේන්තු වාර්ෂික වාර්තා, වෙනත් ආයතනික වාර්තා, පොත් පත් හා සඟරා ආදිය භාවිත කර ඇත. ඒ අනුව පාසල් වර්ගය, ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය හා සම්පත් යෙදවුම් හා පාසල් කළමනාකරණය තුළ අසමානතා තිබෙන බවත්, ඒවා ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා බලපාන බවත් හඳුනා ගැනීමට හැකි විය. මෙම අසමාන ඉගෙනුම් අවස්ථා දරුවන්ගේ ඉගෙනුම් ඵලයන්හි අසමානකම් වලට තුඩු දෙන අතර එය ජාතික විභාග වල කාර්ය සාධන වාර්තා සහ අධ්‍යාපන පර්යේෂණ හා ඇගයිම් මධ්‍යස්ථාන වාර්තා මගින් විද්‍යාමාන වේ. ඒ අනුව, ශ්‍රී ලංකාව ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය සඳහා සියල්ලන්ම ඇතුළත් වීම සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරන නමුත් අධ්‍යාපනයේ ගුණාත්මක බව සම්බන්ධයෙන් අසමානතා පවතින බව මනාව පැහැදිලි වේ.
  • Item
    ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළ සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ යෝග්‍යතාවය
    (Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Bandara, I.H.R.T.M.
    අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් අතරින් 23,000 ක් පමණ පිරිසක් පමණක් වාර්ෂිකව විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා ගත්තද විශ්වවිද්‍යාල සිසුන්ට ලබාගත් දැනුම ප්‍රායෝගිකව යොදා ගනිමින් රැකියාවක නිරතවීමට අවස්ථාව නොලැබේ. මෙම පර්යේෂණයේ අරමුණ වන්නේ දැනට උපාධිය අවසන් කර ඇති උපාධිධාරීන් තම උපාධියට සුදුසු පරිදි උගත් දෑ උපයෝගී කරගනිමින් ඵලදායී රැකියාවන්හි නිරත වනවාදැයි සොයාබැලීම, විශ්වවිද්‍යාලයන්වල ඒ ඒ විෂයයන්ට අදාලව දැනට පවත්නා විෂය නිර්දේශයන් රැකියා වෙළඳපොළ සඳහා කෙතෙක් දුරට සුදුසු වන්නේදැයි සොයා බැලීම සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය රැකියා වෙළඳපොළට සුදුසු ආකාරයට ඉහළ නැංවීමේලා ක්‍රියාත්මක කර ඇති හා යෝජිත ක්‍රියාමාර්ග පිළිබඳව සලකා බැලීම යන කරුණු වේ. මෙම පර්යේෂණයේ සංගහනය ලෙස 2019 වර්ෂයේදී උපාධිය අවසන් කළ උපාධිධාරීන් හැඳින්විය හැකි අතර කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබා 2019 වර්ෂයෙ ්දී තම උපාධිය අවසන් කළ උපාධිධාරීන් ස්තෘත සසම්භාවී නියැදුම් ක්‍රමය යටතේ නියැදිය සඳහා තෝරා ගන්නා ලදී. මෙම පර්යේෂණය සඳහා ප්‍රශ්නාවලියක් යොදාගෙන සිසුන්ගෙන් ලබාගත් ප්‍රාථමික දත්ත මෙන්ම සංඛ්‍යාලේඛන හා දත්ත අධීක්ෂණ ඒකකයෙන් ලබාගත් ද්වීතියික දත්ත ද යොදා ගන්නා ලදී. රැස්කරගන්නා ලද දත්ත SPSS මෘදුකාංගය භාවිතයෙන් විශ්ලේෂණය කරන ලදී. මෙම පර්යේෂණයේ ප්‍රතිඵල ලෙස දැක්විය හැක්කේ රැකියා වෙළඳපොළ තුළ පවතින ඉල්ලුම තාක්ෂණයත් සමඟ යාවත්කාලීන වුවද විශ්වවිද්‍යාල විෂය නිර්දේශයන්හි පවතින කරුණු යාවත්කාලීන නොවීම හා තාක්ෂණික වශයෙන් ප්‍රායෝගික දැනුමක් උපාධිධාරීන්ට නොමැති වීම විශාල ගැටළුවක් වන බවයි. එමෙන්ම රජය විසින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වෙනසක් ඇති කිරීම උදෙසා විෂය නිර්දේශයන් ආර්ථිකය මුල් කරගත් ක්‍රමවේදයකට සැකසීම, භාෂා හා තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ලබාදීම හා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම වැනි ක්‍රියාමාර්ග කිහිපයක් යෝජනා කර ඇත. මෙම පර්යේෂණයෙන් ලබාගත හැකි නිගමනය වනුයේ රැකියා වෙළඳපොළට ගැලපෙන ආකාරයෙන් උපාධිධාරීන් බිහිකිරීමේ අවශ්‍යතාවක් ඇති බවත් කඩිනමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය.
  • Item
    ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල / විද්‍යායතන තෝරා ගැනීමට බලපාන සාධක
    (Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Hashani, B.C.G.
    ශ්‍රී ලංකාවේ වර්තමානය වන විට උසස් අධ්‍යාපන අවස්ථා වර්ධනය වී තිබේ. ඒ අනුව වත්මන් තරුණ පරපුර උසස් අධ්‍යාපනය සඳහා වැඩි නැඹුරුතාවයක් දක්වමින් බොහෝ පිරිසක් ඒ සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාලරැවිද්‍යායතන තෝරා ගැනීමේ ප්‍රවණතාවයක් ඇති බව හඳුනාගත හැකිය. මෙම අධ්‍යයනයේ අරමුණ වන්නේ සිසුන් උසස් අධ්‍යාපනය සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල/විද්‍යායතන තෝරා ගැනීමට බලපාන සාධක හඳුනාගැනීමයි. හිම බෝල නියදිය යොදාගෙන දකුණු පළාතේ තරුණ ප්‍රජාව 50 දෙනෙක් නියදිය ලෙස ගනු ලැබීය. ප්‍රශ්නාවලි ක්‍රමය මඟින් දත්ත රැස්කර විස්තරාත්මක සංඛ්‍යානය භාවිතයෙන් දත්ත විශ්ලේෂණය කිරීමට SPSS හා Excel මෘදුකාංග භාවිත කර ඇත. දත්ත විශ්ලේෂණයේ ප්‍රතිඵලවලට අනුව පෞද්ගලික විශ්වවිද්‍යාල/විද්‍යායතන තෝරාගැනීමට හේතු වන ප්‍රධාන සාධකය ලෙස අ.පො.ස උසස් පෙළ විභාගයේ පවතින අධික තරගකාරීත්වය සහ රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා තේරීමට ’ අගය ප්‍රමාණවත් නොවීම බව අනාවරණය විය. එමෙන් ම රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා තේරීපත් වූ අය ද ප්‍රතිඵල පැමිණ වසරක් යනතුරු බඳවා ගැනීම් සිදු නොකිරීම,නවක වදය,කැමති විශ්වවිද්‍යාලය නොලැබීම,කැමති පාඨමාලාවට නොතේරීම,උපාධිය අවසන් කිරීමට දීර්ඝ කාලයක් ගතවීම,වසරක තුනක කාලයකින් විශේෂ උපාධියක් ලබා ගැනීමට හැකි වීම යන සාධක මෙම තෝරා ගැනීමට හේතු වී ඇති බව අනාවරණය විය. එමෙන් ම අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල පැමිණීමට පෙර අපේක්ෂිත ප්‍රතිඵල මත උපාධිය ආරම්භ කිරීමට අවස්ථාව සලසා තිබීම,ජාත්‍යන්තර විශ්වවිද්‍යාල මගින් පිරිනමන උපාධි පාඨමාලාවන් මෙරට දී හැදෑරීමට හැකිවීම, පූර්ණ කාලීන හා අර්ධ කාලීන වශයෙන් තමන්ට රුචි පරිදි උපාධිය හැදෑරීමට හැකිවීම,රැකියා වෙළදපොළට උචිත ප්‍රමිතිගත උපාධි හා පෞද්ගලික ආයතන අතර පවතින පුළුල් සබදතාවය නිසා රැකියාවලට වැඩි ඉඩ ප්‍රස්ථාවක් ලැබීම යන හේතු ද බලපා ඇති බව අනාවරණය විය. පෞද්ගලික විශ්වවිද්‍යාලයක් තෝරා ගැනීමේ දී එය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමත වීම පිළිබඳව ද අවධානය යොමු කරන බව අධ්‍යයනයෙන් තහවුරු විය. තවද පෞද්ගලික විශ්වවිද්‍යාල/විද්‍යායතන අනුගමනය කරනු ලබන මහජන සම්බන්ධතා ක්‍රමෝපායන් හා වඩාත් තෘප්තිමත් සේවයක් සැපයීම සිසුන් පෞද්ගලික විශ්වවිද්‍යාල/විද්‍යායතන තෝරා ගැනීමට අදාළ තීරණාත්මක කාර්යයභාරයක් ඉටු කරන බව අධ්‍යයනයෙන් තහවුරු විය.
  • Item
    ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය කෙරෙහි covid 19 හි බලපෑම
    (Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Wickramanayake, D.G.A.M.
    ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින covid 19 වෛරසයෙන් පීඩාවට පත් මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා දෙන කර්මාන්ත අතරින් තෙවැනි විශාලතම ව්‍යාපාරය වන්නේ සංචාරක කර්මාන්තයයි. 2019 වර්ෂයට සාපේක්ෂව 2020 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම 60%කින් අඩු වී ඇත. එසේම මෙම කාලය තුළ විශාලතම සංචාරක ප්‍රභව වෙළෙඳපොළ ඉන්දියාව බවට පත්ව තිබෙන අතර ශ්‍රී ලාංකිකයන් 95%ක් පමණ ශ්‍රී ලංකාවට ගුවන් මගින් පැමිණ ඇත. (SRTDA, 2020). ශ්‍රී ලංකා ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 84ක් වන අතර එයින් 5%ක් ම සංචාරක ව්‍යාපාරය මත රඳා පවතී. මිලියන 22ක ජනගහනයෙන් මිලියන 2කට අධික ජනතාවක් සෘජුව හෝ වක්‍රව සංචාරක කර්මාන්තයේ නියැලී සිටින අතර එය ආර්ථිකය සමඟ ප්‍රතිලෝම වේ (රණසිංහ. ආර්, 2020). සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධ එම සෘජු හා වක්‍ර රැකියා ප්‍රමාණය සමස්ත ශ්‍රම බලකායෙන් 4.6%කි. ඒ අනුව covid 19 වෛරසය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය කෙරෙහි ඇති කර තිබෙන බලපෑම අධ්‍යයනය කිරීම අධ්‍යයනයේ ගැටලුව වේ. ඒ සඳහා ද්විතීක දත්ත පදනම් කර ගෙන ඇත. ශ්‍රී ලංකා මහ බැංකු හා ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්ෂික වාර්තා, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි වාර්තා, ආයතනික වාර්තා, පොත් පත් සහ සඟරා යනාදිය ඒවා වේ. සංචාරක ව්‍යාපාරය ගෝලීය වශයෙන් විශාලතම හා වේගයෙන් වර්ධනය වන කර්මාන්තයකි. එමෙන්ම කලාපීය සංවර්ධනයට මඟ පාදන, විවිධ වර්ගයේ රැකියා සහ ව්‍යාපාර සඳහා සෘජුවම සහාය වන සංචාරක කර්මාන්තය covid 19 හේතුවෙන් බිඳ වැටී ඇත. ගෝලීය තරඟකාරිත්වය තුළ සෞඛ්‍යාරක්ෂිත බව, ශ්‍රී ලාංකික අනන්‍යතාවය, ආගන්තුක සත්කාර වල අපගේ ශක්තිමත් මානව, සමාජීය හා පොහොසත් සාරධර්ම ප්‍රදර්ශනයෙන් නැවත ලෝකයට සන්නිවේදනයෙන් හා ස්ථානගත කිරීම සහ ශක්තිමත් ගමනාන්ත ප්‍රතිරූපයක් ගොඩනැගීමට ආරම්භ කර ඇත. එසේම සංචාරක කර්මාන්තය නැවත ගොඩනැංවීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කර ඇත. මූල්‍යමය ප්‍රතිපාදන වෙන් කිරීම, නව සංචාරක ආකර්ෂණ ස්ථාන 12ක් සංවර්ධනය කිරීම, පැරණි දුම්රිය ස්ථාන නවිකරණය කිරීම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඇති මන්නාරම්, කල්පිටිය සහ මඩකලපුවෙහි පැරණි බලකොටු සංවර්ධනය කිරීම, රටවල් 48 ක් සඳහා වීසා බලපත්‍රය දීර්ඝ කිරීම, සංචාරක බද්ද අත්හිටුවීම සහ සංචාරක හෝටල් සහ වාහන හිමියන්ට සහන ලබා දීම ආදිය ඒ අතර විය.
  • Item
    The impact of Covid-19 outbreak on the tourism industry in Sri Lanka
    (Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Weerakkody, W. C. L.
    Covid-19 outbreak started in Wuhan, China, in December of 2019. The WHO declared the Covid-19 outbreak as a pandemic on 11th of March 2020. With the spread of Covid-19 all over the world, considerable number of patients were identified in Sri Lanka. The Covid-19 outbreak in Sri Lanka affected tourism industry. Tourism industry can be considered as the main path of income in Sri Lanka. The objectives of the research are identifying the impacts of Covid-19 outbreak for the tourism industry in Sri Lanka, considering about the effects on the whole economy which were caused by the tourism industry, and paying attention to the actions that are implementing by the relevant parties. All the tourist hotels in the Sri Lanka are considered as the population and five hotels selected randomly which are in Colombo district. The research is based quantitative data and those data are collected as secondary data. The collected data were analyzed using SPSS software and chi square test, and Anova model are used to analyze data. With the Covid-19 outbreak, the arrivals of foreign passengers were reduced and finally the airport is closed. The government and other parties take actions and imposing new rules on the tourism industry and the tourists’ hotels are implementing some relevant actions to reconstruction of the tourism industry. According to the research, the Covid-19 affect to tourism industry badly and thereby the main income source of Sri Lanka has collapsed. Finally, according to the research it can be concluded that Sri Lankan tourism industry has faced large losses with the effects of Covid-19, and it can be reconstructed by implementing relevant actions.
  • Item
    Covid – 19 Pandemic and Unemployment in Sri Lanka
    (Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Weerasinghe, M.G.D.L; Madhuwanthi, Y.I.; Wijemanna, P.R.
    The Covid-19 pandemic also known as the corona virus pandemic, is an ongoing pandemic of in the world. This pandemic has affected economic and social activities all over the world. There are lot of countries have locked down their economies. Unemployed persons available and/or looking for work, and who did not work and taken steps to find a job during last 4 weeks and ready to accept a job given a work opportunity within next two weeks are defined as unemployed. Unemployment is a key measure of economic health. Sri Lankan labor force has 8.6 million of economically active population in the 4th quarter of 2019.Because of this pandemic employment protection has been threatened and the loss of income. The problem is how to affect Covid -19 pandemic to unemployment in Sri Lanka? Objectives of this study, is to identify the relationship between these two, how this situation affects to Sri Lankan economy, due to the impact of new trade routes, export import orientation, international trade and advancement of new transportation system we as a country experience the impact of globalization. In this study, primary data from questionnaire and secondary data from quarterly data reports of Census and Statistics department, Sri Lanka have used to this study and used descriptive statistics for represent data and used some statistical data packages for data analysis.The challenge that Sri Lanka faces now is that how to take control over economy regenerated employment opportunities and take relevant measures protect existing employment in the labor market through proper labor market reforms. As a result of this study we found the unemployment rate got increased because of the pandemic and these two have positive relationship. The final conclusion is that the objectives have been achieved.
  • Item
    Factors affecting the profitability of small-scale gem mining industry (Based on Kuruwita divisional secretariat in Rathnapura district)
    (Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Wickramanayaka, D.G.A.M.; Henegedara, G. M.
    Gem industry, which is highly developed through the advancement of technology, has increased Sri Lanka's foreign exchange. By 2017, Sri Lanka has received a total of 22,075 million Rupees. This is a very high contribution of 99.85% of the total mineral exports to Sri Lanka (Economic and Social Statistics of Sri Lanka, 2018). Small-scale gem miners have very important part of this industry. The goal of small scale gem miners to get into the gem industry is to improve their quality of life. However, the profit earned by the miners is not enough to sustain the small scale gem mining business as a profitable business. Accordingly, the study aims to find out what factors are driving the small scale gem mining business as a profitable venture. The purpose of this study was to study the problems faced by small scale gem miners today. As the study area, the Kuruwita Divisional Secretariat in the Ratnapura District and 50 small scale gem miners in the two Grama Seva Divisions of Ihalagama / Theppanawa and Pathagama in this Divisional Secretariat were selected as the study sample. This study is mainly based on primary data. Data were analyzed using quantitative and qualitative analysis methods using a structured questionnaire. The results of the chi-Squared test revealed that the level of experience, technology, and investment potential (capital) influence the small-scale gem mining business as a profitable venture and level of education does not influence in the small-scale gem mining business as a profitable venture. It was also revealed that there were problems with the availability of raw materials, labor, licensing, mechanical technology and the gem market. Proposals to provide practical knowledge, financial support and marketing facilities to promote the value of small scale gem mining among the younger generation can be proposed.
  • Item
    චිත්‍රපට දැන්වීම්කරණයේ ඡායාරූපමය භාවිතය : තෝරා ගත් ශ්‍රී ලාංකීය චිත්‍රපට කිහිපයක පෝස්ටර් දැන්වීම්වලට විශේෂිතව*
    (Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Dulanjalee, K.A.N.
    වර්තමානය වන විට සිනමාව කලාවක් පමණක් නොව, ප්‍රධාන ධාරාවේ කර්මාන්තයක් බවට ද පත් වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස චිත්‍රපට වෙළඳපොළක් බිහිවී ඇති අතර චිත්‍රපට නිර්මාණකරුවන්ට එකී වෙළඳපොළ තරගකාරීත්වයට මුහුණ දීමට සිදු වී ඇත. එනිසා චිත්‍රපටයක් ප්‍රේක්ෂකයා වෙත ගෙන යාමේදී ප්‍රචාරණ සැලැසුමක් අනුව කටයුතු කිරීමට ද සිදු වී ඇති අතර එවැනි සැලැසුම් අතර චිත්‍රපට පෝස්ටරයට ප්‍රමුඛතාවයක් ලැබී ඇත. මෙම අධ්‍යයනයේ මූලික අවධානය යොමු කර ඇත්තේ චිත්‍රපට පෝස්ටර් නිර්මාණයයට යොදාගන්නා නිශ්චල ඡායාරූප සම්බන්ධවයි. ‘ශ්‍රී ලංකාව තුළ බිහිවන චිත්‍රපට සඳහා නිර්මාණය කරන පෝස්ටර් දැන්වීම්වලට යොදා ගැනෙන ඡායාරූප මගින්, චිත්‍රපටයේ අන්තර්ගතය හෝ සංක්ෂිප්තය නිසි පරිදි ප්‍රේක්ෂකයාට සන්නිවේදනය වේ ද?’ යන පර්යේෂණ ගැටලුව පාදක කර ගනිමින් මෙම පර්යේෂණය සිදු කර ඇත. ජාතික චිත්‍රපට සංස්ථාවේ දළ ආදායම් වාර්තාවන්ට අනුව 2015 සිට 2018 දක්වා වසරවල ඉහළ ආදායම් ලැබූ චිත්‍රපට අතුරින්, ශානර 5 ක් නියෝජනය වන සේ චිත්‍රපට 5 ක් පර්යේෂණය සඳහා යොදා ගත් අතර එම චිත්‍රපටවල පෝස්ටරයේ ඇති ඡායාරූප හා චිත්‍රපට අන්තර්ගතය අතර සම්බය විශ්ලේෂණය කිරීම සඳහා ප්‍රශ්නාවලි හා සම්මුඛ සාකච්ඡා මගින් දත්ත රැස් කරන ලදි. ප්‍රශ්නාවලිය සඳහා නියැදිය වශයෙන් අහඹු නියැදි ක්‍රමයට 50 දෙනෙකු තෝරා ගන්නා ලදී. සම්මුඛ සාකච්ඡා සඳහා නියැදිය තෝරා ගනු ලැබුවේ, තෝරාගත් චිත්‍රපටවල අධ්‍යක්ෂකවරුන්, නිශ්චල ඡායාරූපය ශිල්පීන්, ග්‍රැෆික් නිර්මාණකරුවන් සහ සිනමා ක්ෂේත්‍රයේ විෂය ප්‍රවීණයන්ය. රැස් කර ගත් ප්‍රමාණාත්මක දත්ත SPSS මෘදුකාංගය හරහා ද ගුණාත්මක දත්ත ගුණාත්මක විශ්ලේෂණය හරහා ද විශ්ලේෂණය කරන ලදි. බහුතරයක් ශ්‍රී ලාංකික චිත්‍රපට පෝස්ටර් සඳහා යොදා ගන්නා ඡායාරූප, චිත්‍රපටයේ අන්තර්ගතය හෝ සංක්ෂිප්තය නිරූපණය කරන ඒවා නොවන බවත්, ඒ වෙනුවට චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට රංගන දායකත්වය ලබා දෙන ජනප්‍රිය රංගන ශිල්පියෙකු හෝ ශිල්පිනයක නිරූපණය වන ආකාරයෙන් හෝ නැතිනම් චිත්‍රපටය විසින් ඉලක්ක කරන ලද ප්‍රේක්‍ෂක ප්‍රජාව වඩාත් ඉක්මණින් ආකර්ෂණය කර ගැනීමේ සන්නිවේදනාත්මක ශක්‍යතා සහිතව පෝස්ටර් නිර්මාණය කර ඇති බවත් පැහැදිලි විය. පෝස්ටර් මගින් චිත්‍රපටයේ අන්තර්ගතය හෝ සංක්ෂිප්තය නිරූපණය වී ඇති අවස්ථාවලදීට වඩා ජනප්‍රිය රංගන ශිල්පියෙකු හෝ ශිල්පිනයක නිරූපණය වන ආකාරයෙන් පෝස්ටර් නිර්මාණය කර ඇති අවස්ථාවලදී එම පෝස්ටර් ප්‍රේක්ෂකයාගේ මතකයේ රැඳී ඇති බව ද තහවුරු විය.