Volume 09 - 2022

Permanent URI for this communityhttp://repository.kln.ac.lk/handle/123456789/26322

Browse

Search Results

Now showing 1 - 10 of 12
  • Item
    ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු සිදු වීමට බලපාන සාධක
    (Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2022) කුමාරි, ආර්.එම්.අයි.එන්.
    වර්තමාන ලෝකයේ සිදු වන කාර්මීකරණය මෙන්ම නාගරීකරණය හේතුවෙන් සියලු දෙනාටම මුහුණපාන්නට සිදු වී ඇති ගැටලුවක් ලෙස මාර්ග අනතුරු හඳුනා ගත හැකිය. මාර්ග අනතුරු යනු වාහනයක් සම්බන්ධ වන පොදු මාර්ගයේ සිදුවීමක් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන්ට හෝ දේපළවලට හානි සිදු වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය :2020*ට අනුව මිලියන 1ග3 කට අධික ජනතාවක් මාර්ග අනතුරු හේතුවෙන් වසරකට මිය යයි- එමෙන්ම ශ්‍රී ලංකාවේ ද හාරදහස් දෙසියකට ආසන්න ප්‍රමාණයක් මාර්ග අනතුරු හේතුවෙන් වසරකට මිය යයි- එනිසා මෙම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු සිදුවීමට බලපාන සාධක මොනවාද යන්න හඳුනා ගැනීමයි- මේ සදහා ද්විතීයික දත්ත යොදා ගන්නා ලදී- එහිදී රථවාහන පොලිස් මූලස්ථානය මගින් වාර්ෂිකව සකස් කරන වාර්තා යොදා ගත් අතර 2014 සිට 2020 දක්වා වාර්තාවල සඳහන් සාධක පිළිබඳව සලකා බලන ලදී- දත්ත විශ්ලේෂණය කිරීමේදී සාධක විශ්ලේෂණය යොදා ගත් අතර එහිදී අනාවරණය වූයේ මාර්ග අනතුරු සිදු වීමට බලපාන සාධක මානව සාධක, දේශගුණික හා කාලගුණික සාධක, මාර්ගවල තත්වයන් හා වාහනවල තත්වයන් යන ආදි ලෙස සාධක හතරක් යටතේ වර්ගීකරණය වන බවයි- එමෙන්ම නොසැලකිලිමත් රිය ධාවනය, වැරදි තීරණ, මධ්‍යසාර/මත්පැන් භාවිතය, නින්ද යාම, වාහනයේ වේගය, පැහැදිලි ආලෝක තත්වය හා වලාකුළු සහිත කාලගුණය යන සාධක ප්‍රධාන වශයෙන් මාර්ග අනතුරු සිදු වීමට බලපාන බවයි.
  • Item
    The Impact of Female Migration to Middle-East on their Family’s Social and Economic Development
    (Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2022) Premasiri, K.G.M.H.
    As a developing country in the Third World, Sri Lanka pursued foreign employment without any discrimination between men and women to alleviate poverty after the 1977 Open Economic Policy. to lift itself out of poverty. But the traditional woman who worked in the family got rid of it and joined the labor force and went abroad for employment in the Middle East. In such a context the main problem here is to study whether emigration for employment in the Middle East has had a social and economic impact. The main objective of applicable this problem is to identify the household income status of married women before and after going abroad for employment. To achieve these objective, the study was conducted on 100 women migrants based in 45 Grama Niladhari Divisions in the Medirigiriya Divisional Secretariat Division in the Polonnaruwa District, which is a poorest in Sri Lanka. Here a simple random sampling method is used to select the sample from the desired population. Questionnaire method was used to retrieved the data from the sample. Accordingly, this study confirmed that there is a difference between the income status of married women before and after going abroad. That is, their income has increased with the emigration. Therefore, better results can be achieved by creating local employment opportunities for women or establishing activities to uplift the families and children of women migrant workers.
  • Item
    සමාජ මාධ්‍ය හරහා අපරාධ වින්දිතයන් බවට පත්වීමට බලපාන හේතු අධ්‍යයනය: බස්නාහිර පළාත ඇසුරින්
    (Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2022) මධුෂානි, කේ. දිනිති ප්‍රදීපා
    අන්තර්ජාල තාක්ෂණය සොයා ගැනීමත් සමඟ මානව සන්නිවේදනය වේගවත් වූ අතර වර්තමානය වනවිට ලෝකයේ මෙන්ම ලංකාවේ ද සමාජ මාධ්‍ය හරහා අනවසරයෙන් ඇතුළු වීම, මාර්ගත තර්ජනය, ලුහුබැඳීම, වෛරස්වලට ගොදුරුවීම, වාණිජ පැතිකඩයන් හරහා මුදල් වංචා සිදුකිරීම හා ව්‍යාජ සබැඳි මිත්‍රත්වය වැනි අපරාධයන් රැසක් නිර්මාණය වී ඇත. තවද බස්නාහිර පළාත තුළින් 2019 වර්ෂයේ දී වැඩිම පුද්ගලයන් සංඛ්‍යාවක් වූ 368 දෙනෙකු සමාජ මාධ්‍ය අපරාධ ගොදුරු බවට පත්වී ඇති බව වාර්තා කර ඇත. එමනිසා මෙම අධ්‍යයන සංගහනය ලෙස බස්නාහිර පළාතේ අපරාධ ගොදුරු බවට පත්වූ පරිශීලකයන් 100 දෙනෙකු ස්තෘත සසම්භාවී නියැදුම් ක්‍රමය මඟින් තෝරා ගන්නා ලද අතර අදාළ දත්ත රැස් කිරීම ප්‍රශ්නාවලි ක්‍රමවේදය යටතේ සිදු කරන ලදී. ඒ අනුව මෙම අධ්‍යයන විශ්ලේෂණය තුළින් පුරුෂ 51්‍රක් සමාජ මාධ්‍ය අපරාධවලට ගොදුරු වී ඇති බවත් එම පරිශීලකයන් අතරින් 50්‍රක්ම වයස අවුරුදු 25 - 30ත් වයස් කාණ්ඩයේ පසුවන බවත් හඳුනාගත හැකිය. තවද මෙම පරිශීලකයන් අතරින් 69්‍රක් අවිවාහක වූ අතර 32්‍රක් උපාධි අපේක්ෂකයන් ලෙස අනාවරණය විය. එසේම 35්‍රක ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ රැකියාවල නිරත විය. මෙම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ වූ සමාජ මාධ්‍ය පරිශීලකයන් අපරාධ ගොදුරු බවට පත්වීමට බලපාන සාධක විශ්ලේෂණයේදී “සාධක බලපෑම“, “ආර්ථික බලපෑම“ සහ “පරිශීලක හැසිරීමේ බලපෑම“ ලෙස ප්‍රධාන සාධක තුනක් යටතේ තෝරාගත් විචල්‍යයන් හඳුනාගත හැකිය. තවද සෙසු අරමුණක් වු අපරාධ ගොදුරු බවට පත්වීමට බලපාන විචල්‍යයන් සහ ප්‍රජා විද්‍යාත්මක සාධක අතර සම්බන්ධතාව සලකා බැලීමේ දී වයස සමඟ දැනුවත්භාවය නම් විචල්‍යය පමණක් සම්බන්ධතාවක් දක්වන බව පැහැදිලි වේ. තවද මෙම සම්බන්ධතා සලකා බැලීමේ දී සමාජ මාධ්‍ය අපරාධ ගොදුරු බවට පත්වීමට බලපාන විචල්‍යයන් සහ පුමිතිරිභාවය පිළිබඳ සිදුකළ පරීක්ෂාවේ ප්‍රතිඵලවලට අනුව ශක්තිමත් මුරපදයක් භාවිත නොකිරීම, ව්‍යාජ දැන්වීම්වලට ප්‍රතිචාර දැක්වීම, ලින්ක් විවෘත කිරීම යන විචල්‍යයන් තුන සඳහාම 91ග5්‍රක ඉහළ පුරුෂ එකඟතාවයක් දක්වා ඇත. මෙම අධ්‍යයනයේ තවත් එක් සෙසු අරමුණක් වු පූර්ව සහ පශ්චාත් පරිශීලක හැසිරීම් වන සමාජ මාධ්‍ය භාවිතය, සමාජ මාධ්‍ය තුළ සිටින මිතුරන් සංඛ්‍යාව සහ සමාජ මාධ්‍ය වෙත ඡායාරූප උඩුගත කිරීම යන විචල්‍යයන් අතර වෙනසක් පවතින බව ද නිගමනය විය.
  • Item
    Factors affecting the Adoption of Mobile Banking by Rural People: With special reference to Kalutara District
    (Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2022) Dilaksha, W. D. V.
    Financial services are not easily accessible to people in remote rural areas. In a contemporary business environment, financial institutions close bank branches in difficult areas due to the costs associated with maintaining branches. As a result, people in these rural areas are excluded from joining the financial sector. Mobile banking allows individuals to access banking services anywhere, anytime. Despite the existence of mobile banking, those who need financial services do not follow it. Although people in rural Sri Lanka have access to mobile phones, this does not lead to mobile banking. This study examines the factors influencing mobile banking among the rural population in the Kalutara district of Sri Lanka. Accordingly, a survey questionnaire was prepared and used to collect data from 399 respondents in five rural divisional secretariat divisions in the Kalutara district using cluster sampling method. The results of the study contribute to knowledge by illustrating that it is not essential for individuals to adapt to mobile banking, whether they own or use a mobile phone. The study revealed that people's context as well as awareness, usefulness, cost, complexity, trust, and relative advantage influence mobile banking adoption in rural areas. As the mobile banking system is in its infancy in the rural market, users are more sensitive to the cost, ease of use of the system and trust in the bank than the information and service quality that the system can provide. Therefore, banks can devise appropriate strategies with the current demand of the users and future changes.
  • Item
    The Impact of Customer Key Purchasing Determinants on Brand Equity of Toothpaste Market
    (Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2022) Sandamali, W.P.T.T.
    In present world toothpaste industry is one of the fastest growing industries in the world and there is a highly competitive market for toothpaste in Sri Lanka as well. In such a situation, this study was conducted “To Identify the customer key purchasing determinants on brand equity of toothpaste market’’. Relevant primary data have been collected mainly through the questionnaire to achieve the objectives. Data collection was based on the Colombo district and 100 respondents were randomly selected for the study. Based on the results revealed by the factor analysis, image of the product, sales, advertising and awareness can be identified as the customer key purchasing determinants on brand equity of toothpaste market. The chi square test statistics revealed that there is a significant relationship between education level, profession, monthly income and brand loyalty. Moreover, it further revealed that gender has an impact on brand awareness. This analysis also revealed that there is a significant relationship between age, monthly income and brand association. Considering this analysis, it is also clear that there is a relationship between gender, monthly income and perceived quality. Finally, it can be concluded that the brand equity in the toothpaste market can be developed through the improvement of toothpaste according to the customer key purchasing determinants derived by this study and by adopting effective marketing strategies such as creative packaging with a strong message, creative advertising, and discounts.
  • Item
    Identify the Factors of Visual Merchandising on Customer Behavior on Apparel Sector (With reference to Colombo District)
    (Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2022) Dharmarathna, R.G.R.T.
    Apparel industry is one of the fast-growing industries in Sri Lanka. So Due to increasing high competition in retail sector and the similarity of selling same merchandise. Therefore, now days every marketer pays more attention to visual merchandising aspect to attract the customers and to survive in the industry. The purpose of this research is to study the identify factors of visual merchandising on customer purchasing behavior on apparel in Colombo district. Hence, the problem of the study is “what are the factors affecting for customer purchasing behavior on apparel”, the main objective of the study is to identify the factors of visual merchandising on customer purchasing behavior. There is one sub objective of the study is to find out the demographic factors of respondents that affecting to the overall shopping experience. The data was collected by Google form from the selected of sample of the customers who visit selected retail shops, the sample size was decided by “Yamane” calculation method. Factor analysis chi square test, Descriptive statistics used to analyze the collected data. According to the result of analysis, the factors that affecting to the customer purchasing behavior of retails shops has been identified namely, Facilities of shopping, time saving and comfortable environment which are evident from the analysis that out of 10 factors given. Gender education level, monthly income of the respondents’ is affecting the shopping experience.
  • Item
    පේෂ කර්මාන්ත නිෂ්පාදනවල නිරතවන්නන් මුහුණපාන ගැටළු (මහනුවර දිස්ත්‍රික්කය ඇසුරින්)
    (Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2022) තන්තිරිගෙ, ප්‍රසාදිනි
    ශ්‍රී ලංකාව තුළ පේෂ කර්මාන්තය ක්‍රිස්තු පූර්ව 543න් වැනි ඔබ්බට දිවෙන දිගු ඉතිහාසයක් ඇති අතර එමඟින් ග්‍රාමීය ප්‍රජාවන් කෙරෙහි රැකියා උත්පාදනය කරනු ලබයි. නමුත් වර්තමානයේ පේෂ කර්මාන්තය ඵලදායිතාවය පවත්වාගෙන යාම සඳහා විවිධ ගැටළු රැසකට නිෂ්පාදකයින් මුහුණ දෙමින් සිටිති. ඒ අනුව මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ වනුයේ මහනුවර දිස්ත්‍රික්කයේ පේෂ කර්මාන්ත නිෂ්පාදන සිදු කිරීමේ දී නිෂ්පාදකයින් මුහුණපාන ගැටළු හඳුනා ගැනීමයි. ශ්‍රී ලංකාව තුළ දිස්ත්‍රික්කය මට්ටමෙන් පේෂ කර්මාන්ත නිෂ්පාදකයින් වැඩි පිරිසක් සිටින්නේ මහනුවර දිස්ත්‍රික්කය වන බැවින් අධ්‍යයන ප්‍රදේශය ලෙස මහනුවර යොදා ගනිමින් සරල සසම්භාවී නියැදි ක්‍රමවේදය යටතේ පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව තුළ ලියාපදිංචිව සිටින නිෂ්පාදකයින් 240දෙනෙකුගෙන් ප්‍රශ්නාවලි ක්‍රමය මඟින් දත්ත රැස් කර ඇත. මෙම දත්ත විශ්ලේෂණය කිරීම සඳහා බහුගුණ ප්‍රතිපායනය, සාධක විශ්ලේෂණය සහ කයි වර්ග පරික්ෂාව යන දත්ත විශ්ලේෂණ ක්‍රම යොදා ගන්නා ලදී. ඒ අනුව සාධක විශ්ලේෂණය මඟින් පේෂ කර්මාන්ත නිෂ්පාදන සිදු කිරීමේ දී නිෂ්පාදකයින් මුහුණපාන ප්‍රධාන සාධක 3ක් ගම්‍ය විය. ඒවා නම් රජය මැදිහත් නොවීමේ ගැටළු, තාක්ෂණික හා සුබසාධක ගැටළු, මූල්‍ය හා නව්‍යකරණ ගැටළු යන සාධක බලපාන බව සොයා ගනියි. මෙලෙස පේෂ කර්මාන්තය නිෂ්පාදකයින් මුහුණ පාන ගැටළු මඟහරවා ගැනීම සඳහා රජය මඟින් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම, අන්තර්ජාලය හා නවීන විද්‍යුත් ක්‍රම හරහා අලෙවිකරණ කටයුතු සිදු කිරීම ආදිය යෝජනා ලෙස පෙන්වා දිය හැකිය.
  • Item
    නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ප්‍රජා සහභාගිත්වයට බලපාන හේතු සාධක (ගම්පහ මහ නගර සභාව ඇසුරෙන්)
    (Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2022) පීරිස්, ටී.එච්.එම්.
    නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල පවතින ප්‍රධානතම ගැටලුවක් ලෙස පෙන්වා දිය හැකිය. එමෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවද මෙම ගැටලුවට මුහුණ දී ඇත. මක්නිසාදයත් සීඝ්‍රයෙන් වර්ධනය වන ජනගහනය සහ නාගරීකරණය නිසාය. නාගරික ඝන අපද්‍රව්‍ය උත්පාදනය වීම සිදු වන්නේ ප්‍රජාවගේ ඍජු දායකත්වය නිසාය. එමනිසා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම ප්‍රජාවගේම වගකීමක් මෙන්ම යුතුකමක්ද වේ. නමුත් ප්‍රජාව සෑමවිටම උපකල්පනය කරනුයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය රජයට අයත් වගකීමක් බවත් ඒ සඳහා ඔවුන්ගේ දායකත්වය අනවශ්‍ය බවත්ය. මෙම අධ්‍යයනය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ මහ නගර සභාව කේන්ද්‍ර කොටගෙන සිදු කර ඇති අතර මේ සඳහා ප්‍රාථමික දත්ත භාවිතා කර ඇත. සරල සසම්භාවි නියැදුම් ක්‍රමය යටතේ තෝරාගත් නිවාස 100ක් ආවරණය කරමින් මෙම අධ්‍යයනය සිදු කරන ලදී. ගෘහස්ත මට්ටමින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණයෙහි ප්‍රජා සහභාගිත්වය අවබෝධ කර ගැනීම සඳහා ප්‍රශ්නාවලියක් සමඟ සමීක්ෂණයක් භාවිතා කරන ලදී. මෙම අධ්‍යයනයේ අරමුණ වනුයේ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ප්‍රජා සහභාගීත්වයට බලපාන සාධක මොනවාද යන්න හඳුනා ගැනීමයි. මේ සඳහා සාධක විශ්ලේෂණය සිදුකොට ඇත. එහිදී ලැබුණු ප්‍රතිඵල වනුයේ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ප්‍රජා සහභාගිත්වයට බලපාන සාධක ලෙස ඝන අපද්‍රව්‍ය නැවත භාවිතා කිරීම, ඝන අපද්‍රව්‍ය අවම කිරීම, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ප්‍රජාවගේ දැනුවත්භාවය, ඝන අපද්‍රව්‍ය මගින් ආර්ථික ප්‍රතිලාභ ලැබීම, ඝන අපද්‍රව්‍ය එකතු කිරීම හා බැහැර කිරීම සහ කොම්පෝස්ට්කරණය කිරීම පෙන්වා දිය හැකි බවයි.
  • Item
    Factors affecting the Severity of Motorcycle Accidents in Sri Lanka
    (Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2022) Peiris, M.C.B.B.
    Road traffic accidents have become the first leading cause of death in the young generation. among these road accidents, motorcycle accidents can be identified as the most prominent case of road traffic death. According to the statistics of Sri Lankan police (2017-2020), motorcycles have become the highest responsible vehicle in road accidents. Motorcycle has become a trend among the young generation due to their easy riding style and affordability. Therefore, it caused to increase in the number of accidents occurred in road accidents. This study, therefore, intended to determine the risk factors associated with motorcycle accidents in Sri Lanka in the year 2020. The results were obtained using three analytical methods. To identify the individual impact of factors two-way analytical methods were used. Focusing the main objective is to identify the risk factors both Binary logistic regression and ordinal logistic regression were used. In 2020, 41% of accidents have been reported as minor accidents, and 34% represented as damage-only accidents while grievous accidents have shown as 22% of total accidents. Although, only 3% of fatal accidents have been occurred in 2020. Moreover, it was found that among all the attributes of road characteristics only time of the day, gender, age of license, & human factor, condition is significantly associated with the severity of accidents. Finally, the findings derived through this study would be useful for policymakers to reduce motorcycle accidents.
  • Item
    2010 සිට 2020 කාලයේ ශ්‍රී ලංකාව තුළ සියදිවි නසා ගැනීම් සඳහා බලපෑ සමාජ ආර්ථික සාධක
    (Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2022) කුමාරි, ඩබ්. එම්. අයි. එස්. එස්.
    ලක්දිව රජ කළ කාශ්‍යප රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ පස්වන සියවස අග භාගයේ සීගිරිය නම් අපූර්ව නිර්මාණය කළ බව වංසකථා සනාථ කරයි. සීගිරියේ කැටපත් පවුරේ පද බැඳුණු ගීත කාව්‍ය අපේ අතීත උරුමයේ විශිෂ්ටත්වය මනාව පෙන්වා දෙයි. එමෙන්ම සීගිරිය තරම් ඉපැරණි ගී සම්භාරයක් ඇතුළත් කැටපත් පවුරක් ලෝකයේ වෙනත් කිසිම රටකින් තවමත් සොයාගෙන නොමැත. සීගිරිය නැරඹීමට දසතින් ජනී ජනයා පැමිණ තිබේ. සීගිරි සිතුවම්, සිංහ කෙවෙනිය සහ රජ මාළිගය ආදිය දුටු සීගිරි නැරඹුවෝ ස්වකීය හද සන්තානයට නැඟුණ දේ පද්‍යයට නඟා ඒ අසල වූ කැටපත් පවුරේ ලියූහ. සීගිරි කැටපත් පවුරේ ඇති කුරුටු ගී සිංහල ගීත සාහිත්‍යයෙන් ශේෂ වූ පැරණිතම සාධක ලෙස ද සැලකේ. මෙම අධ්‍යයනයේ ගැටළුව වූයේ සීගිරි ගීතවලින් නිරූපණය වන්නේ කුමක් ද යන්න අධ්‍යයනය කිරීමයි. සීගිරිකාමීන් කැටපත් පවුරේ කුරුටු ගෑ ගී තුළින් එකල සමාජය මනාව නිරූපණය වන්නේදැයි සොයා බැලීම මෙම අධ්‍යයනයේ අරමුණ වේ. මේ සඳහා ප්‍රකාශයට පත් වී ඇති මහාචාර්ය පරණවිතානගේ සීගිරි කුරුටු ගී ප්‍රමුඛ කරගත් ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් අවශ්‍ය දත්ත ලබාගෙන තිබේ. සීගිරි ගී තුළින් එකල සමාජය කැඩපතක් සේ විනිවිද පෙන්වන බව අවසන පැහැදිලි වෙයි.