පේෂ කර්මාන්ත නිෂ්පාදනවල නිරතවන්නන් මුහුණපාන ගැටළු (මහනුවර දිස්ත්‍රික්කය ඇසුරින්)
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka
Abstract
ශ්‍රී ලංකාව තුළ පේෂ කර්මාන්තය ක්‍රිස්තු පූර්ව 543න් වැනි ඔබ්බට දිවෙන දිගු ඉතිහාසයක් ඇති අතර එමඟින් ග්‍රාමීය ප්‍රජාවන් කෙරෙහි රැකියා උත්පාදනය කරනු ලබයි. නමුත් වර්තමානයේ පේෂ කර්මාන්තය ඵලදායිතාවය පවත්වාගෙන යාම සඳහා විවිධ ගැටළු රැසකට නිෂ්පාදකයින් මුහුණ දෙමින් සිටිති. ඒ අනුව මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ වනුයේ මහනුවර දිස්ත්‍රික්කයේ පේෂ කර්මාන්ත නිෂ්පාදන සිදු කිරීමේ දී නිෂ්පාදකයින් මුහුණපාන ගැටළු හඳුනා ගැනීමයි. ශ්‍රී ලංකාව තුළ දිස්ත්‍රික්කය මට්ටමෙන් පේෂ කර්මාන්ත නිෂ්පාදකයින් වැඩි පිරිසක් සිටින්නේ මහනුවර දිස්ත්‍රික්කය වන බැවින් අධ්‍යයන ප්‍රදේශය ලෙස මහනුවර යොදා ගනිමින් සරල සසම්භාවී නියැදි ක්‍රමවේදය යටතේ පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව තුළ ලියාපදිංචිව සිටින නිෂ්පාදකයින් 240දෙනෙකුගෙන් ප්‍රශ්නාවලි ක්‍රමය මඟින් දත්ත රැස් කර ඇත. මෙම දත්ත විශ්ලේෂණය කිරීම සඳහා බහුගුණ ප්‍රතිපායනය, සාධක විශ්ලේෂණය සහ කයි වර්ග පරික්ෂාව යන දත්ත විශ්ලේෂණ ක්‍රම යොදා ගන්නා ලදී. ඒ අනුව සාධක විශ්ලේෂණය මඟින් පේෂ කර්මාන්ත නිෂ්පාදන සිදු කිරීමේ දී නිෂ්පාදකයින් මුහුණපාන ප්‍රධාන සාධක 3ක් ගම්‍ය විය. ඒවා නම් රජය මැදිහත් නොවීමේ ගැටළු, තාක්ෂණික හා සුබසාධක ගැටළු, මූල්‍ය හා නව්‍යකරණ ගැටළු යන සාධක බලපාන බව සොයා ගනියි. මෙලෙස පේෂ කර්මාන්තය නිෂ්පාදකයින් මුහුණ පාන ගැටළු මඟහරවා ගැනීම සඳහා රජය මඟින් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම, අන්තර්ජාලය හා නවීන විද්‍යුත් ක්‍රම හරහා අලෙවිකරණ කටයුතු සිදු කිරීම ආදිය යෝජනා ලෙස පෙන්වා දිය හැකිය.
Description
Citation
ටී.එච්.එම්. පීරිස් (2022), නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ප්‍රජා සහභාගිත්වයට බලපාන හේතු සාධක (ගම්පහ මහ නගර සභාව ඇසුරෙන්), Journal of Social Statistics, Volume 09, Issue 01, Department of Social Statistics, Faculty of Social Sciences University of Kelaniya Sri Lanka. 53-64.