ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළ සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ යෝග්‍යතාවය
No Thumbnail Available
Date
2020
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka
Abstract
අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් අතරින් 23,000 ක් පමණ පිරිසක් පමණක් වාර්ෂිකව විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා ගත්තද විශ්වවිද්‍යාල සිසුන්ට ලබාගත් දැනුම ප්‍රායෝගිකව යොදා ගනිමින් රැකියාවක නිරතවීමට අවස්ථාව නොලැබේ. මෙම පර්යේෂණයේ අරමුණ වන්නේ දැනට උපාධිය අවසන් කර ඇති උපාධිධාරීන් තම උපාධියට සුදුසු පරිදි උගත් දෑ උපයෝගී කරගනිමින් ඵලදායී රැකියාවන්හි නිරත වනවාදැයි සොයාබැලීම, විශ්වවිද්‍යාලයන්වල ඒ ඒ විෂයයන්ට අදාලව දැනට පවත්නා විෂය නිර්දේශයන් රැකියා වෙළඳපොළ සඳහා කෙතෙක් දුරට සුදුසු වන්නේදැයි සොයා බැලීම සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය රැකියා වෙළඳපොළට සුදුසු ආකාරයට ඉහළ නැංවීමේලා ක්‍රියාත්මක කර ඇති හා යෝජිත ක්‍රියාමාර්ග පිළිබඳව සලකා බැලීම යන කරුණු වේ. මෙම පර්යේෂණයේ සංගහනය ලෙස 2019 වර්ෂයේදී උපාධිය අවසන් කළ උපාධිධාරීන් හැඳින්විය හැකි අතර කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබා 2019 වර්ෂයෙ ්දී තම උපාධිය අවසන් කළ උපාධිධාරීන් ස්තෘත සසම්භාවී නියැදුම් ක්‍රමය යටතේ නියැදිය සඳහා තෝරා ගන්නා ලදී. මෙම පර්යේෂණය සඳහා ප්‍රශ්නාවලියක් යොදාගෙන සිසුන්ගෙන් ලබාගත් ප්‍රාථමික දත්ත මෙන්ම සංඛ්‍යාලේඛන හා දත්ත අධීක්ෂණ ඒකකයෙන් ලබාගත් ද්වීතියික දත්ත ද යොදා ගන්නා ලදී. රැස්කරගන්නා ලද දත්ත SPSS මෘදුකාංගය භාවිතයෙන් විශ්ලේෂණය කරන ලදී. මෙම පර්යේෂණයේ ප්‍රතිඵල ලෙස දැක්විය හැක්කේ රැකියා වෙළඳපොළ තුළ පවතින ඉල්ලුම තාක්ෂණයත් සමඟ යාවත්කාලීන වුවද විශ්වවිද්‍යාල විෂය නිර්දේශයන්හි පවතින කරුණු යාවත්කාලීන නොවීම හා තාක්ෂණික වශයෙන් ප්‍රායෝගික දැනුමක් උපාධිධාරීන්ට නොමැති වීම විශාල ගැටළුවක් වන බවයි. එමෙන්ම රජය විසින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වෙනසක් ඇති කිරීම උදෙසා විෂය නිර්දේශයන් ආර්ථිකය මුල් කරගත් ක්‍රමවේදයකට සැකසීම, භාෂා හා තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ලබාදීම හා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම වැනි ක්‍රියාමාර්ග කිහිපයක් යෝජනා කර ඇත. මෙම පර්යේෂණයෙන් ලබාගත හැකි නිගමනය වනුයේ රැකියා වෙළඳපොළට ගැලපෙන ආකාරයෙන් උපාධිධාරීන් බිහිකිරීමේ අවශ්‍යතාවක් ඇති බවත් කඩිනමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය.
Description
Keywords
රැකියා වෙළඳපොළ, විශ්වවිද්‍යාල, විෂය නිර්දේශය, උපාධිධාරීන්, අධ්‍යාපනය
Citation
Bandara, I.H.R.T.M. (2020). ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළ සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ යෝග්‍යතාවය. In : 6th National Research Conference on Applied Social Statistics, 2020. Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, p.60.