ජපන් භාෂාවේ හා සිංහල භාෂාවේ සංවාදවල යෙදෙන ඉල්ලීමක් පිළිගැනීමේ ක්‍රම
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Faculty of Humanities, University of Kelaniya
Abstract
දෛනික ජීවිතයේ නොයෙක් අවස්ථාවන්වලදී විවිධ තේමා මත පදනම් වූ සංවාද තිබේ. මෙම සංවාද අතුරින් අනෙක් පාර්ශ්වය විසින් කරනු ලබන ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් එම ඉල්ලීම පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට හැකිය. භාෂාව හා සංස්කෘතිය අතර පවතින සම්බන්ධතාව හේතුවෙන් අනෙක් පාර්ශ්වය විසින් කරනු ලබන ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්, එක් එක් භාෂාවේ භාවිත කරන වචන හා ක්‍රම විවිධ වේ. ඒ අනුව ජපන් භාෂාවේදීත් ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට හෝ එය පිළිගැනීම සඳහා විවිධ ක්‍රම භාවිත කරයි. ජපන් සංවාදවලදී භාවිත කරන බොහෝ වචන, මානව සම්බන්ධතා, අවස්ථාව සහ සංවාදයේ අන්තර්ගතය අනුව වෙනස් වේ. උදාහරණයක් ලෙස ජපන් භාෂාවේදී තමාට වඩා වයසින් වැඩි කෙනෙකු තමාගෙන් ඉල්ලීමක් සිදු කළ විට එය පිළිගන්නා ආකාරය සහ තමාට වඩා අඩු හෝ සම වයසේ කෙනෙකු තමාගෙන් ඉල්ලීමක් සිදු කළ විට එය පිළිගන්නා ආකාරය එකිනෙකට වෙනස් වේ. සිංහල භාෂාවේ යෙදෙන සංවාදවලදීත් ඉල්ලීමක් පිළිගැනීමේදීත් විවිධ ක්‍රම භාවිත කරනු ලැබේ. මෙහිදී ප්‍රධාන වශයෙන් සිංහල ජාතිකයන් හා ජපන් ජාතිකයන් මානව සම්බන්ධතා, අවස්ථා හා අන්තර්ගතය අනුව කුමන ආකාරයේ පිළිගැනීමේ ක්‍රම භාවිත කරනවාද යන්න පිළිබඳව පරීක්ෂා කෙරේ. මෙම සමීක්ෂණය ජපන් ජාතිකයන් හැට දෙනෙකු සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ජපන් භාෂාව ඉගෙන නොගන්නා පළමු වසරේ සිසුන් විසි දෙනෙකු, දෙවන වසරේ සිසුන් විසි දෙනෙකු, තුන්වන වසර සිසුන් විසි දෙනෙකු යොදා ගනිමින් සිදු කිරීමට බලාපොරොත්තු වේ. තවද සිංහල ජාතිකයන් හා ජපන් ජාතිකයන් අතර ඉල්ලීමක් පිළිගැනීමේ දී වෙනස්කම් තිබේද, ඉල්ලීමක් කළ අවස්ථාවේ දී එය පිළිගන්නා ආකාර පිළිබඳවත් පර්යේෂණය සිදු කෙරේ. මෙය මූලික වශයෙන් කරුණු දෙකක් මුල් කරගනිමින් සිදුකරනු ලැබේ. මෙහිදී සිංහල ජාතිකයන් හා ජපන් ජාතිකයන් මානව සම්බන්ධතා හා විවිධ අවස්ථා මුල් කරගනිමින් කුමන ආකාරය පිළිගැනීමේ ප්‍රකාශන භාවිත කරන්නේද යන්න පිළිබඳව විශ්ලේෂණය කෙරේ.
Description
Citation
ගුණරත්න එන්. බී. ඉඳුනි උපේක්ෂා (2021), ජපන් භාෂාවේ හා සිංහල භාෂාවේ සංවාදවල යෙදෙන ඉල්ලීමක් පිළිගැනීමේ ක්‍රම, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 23p.