ජපන් භාෂාවේ හා සිංහල භාෂාවේ සංවාදවල යෙදෙන ඉල්ලීමක් පිළිගැනීමේ ක්‍රම

dc.contributor.authorගුණරත්න, එන්. බී. ඉඳුනි උපේක්ෂා
dc.date.accessioned2022-06-02T06:16:34Z
dc.date.available2022-06-02T06:16:34Z
dc.date.issued2021
dc.description.abstractදෛනික ජීවිතයේ නොයෙක් අවස්ථාවන්වලදී විවිධ තේමා මත පදනම් වූ සංවාද තිබේ. මෙම සංවාද අතුරින් අනෙක් පාර්ශ්වය විසින් කරනු ලබන ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් එම ඉල්ලීම පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට හැකිය. භාෂාව හා සංස්කෘතිය අතර පවතින සම්බන්ධතාව හේතුවෙන් අනෙක් පාර්ශ්වය විසින් කරනු ලබන ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්, එක් එක් භාෂාවේ භාවිත කරන වචන හා ක්‍රම විවිධ වේ. ඒ අනුව ජපන් භාෂාවේදීත් ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට හෝ එය පිළිගැනීම සඳහා විවිධ ක්‍රම භාවිත කරයි. ජපන් සංවාදවලදී භාවිත කරන බොහෝ වචන, මානව සම්බන්ධතා, අවස්ථාව සහ සංවාදයේ අන්තර්ගතය අනුව වෙනස් වේ. උදාහරණයක් ලෙස ජපන් භාෂාවේදී තමාට වඩා වයසින් වැඩි කෙනෙකු තමාගෙන් ඉල්ලීමක් සිදු කළ විට එය පිළිගන්නා ආකාරය සහ තමාට වඩා අඩු හෝ සම වයසේ කෙනෙකු තමාගෙන් ඉල්ලීමක් සිදු කළ විට එය පිළිගන්නා ආකාරය එකිනෙකට වෙනස් වේ. සිංහල භාෂාවේ යෙදෙන සංවාදවලදීත් ඉල්ලීමක් පිළිගැනීමේදීත් විවිධ ක්‍රම භාවිත කරනු ලැබේ. මෙහිදී ප්‍රධාන වශයෙන් සිංහල ජාතිකයන් හා ජපන් ජාතිකයන් මානව සම්බන්ධතා, අවස්ථා හා අන්තර්ගතය අනුව කුමන ආකාරයේ පිළිගැනීමේ ක්‍රම භාවිත කරනවාද යන්න පිළිබඳව පරීක්ෂා කෙරේ. මෙම සමීක්ෂණය ජපන් ජාතිකයන් හැට දෙනෙකු සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ජපන් භාෂාව ඉගෙන නොගන්නා පළමු වසරේ සිසුන් විසි දෙනෙකු, දෙවන වසරේ සිසුන් විසි දෙනෙකු, තුන්වන වසර සිසුන් විසි දෙනෙකු යොදා ගනිමින් සිදු කිරීමට බලාපොරොත්තු වේ. තවද සිංහල ජාතිකයන් හා ජපන් ජාතිකයන් අතර ඉල්ලීමක් පිළිගැනීමේ දී වෙනස්කම් තිබේද, ඉල්ලීමක් කළ අවස්ථාවේ දී එය පිළිගන්නා ආකාර පිළිබඳවත් පර්යේෂණය සිදු කෙරේ. මෙය මූලික වශයෙන් කරුණු දෙකක් මුල් කරගනිමින් සිදුකරනු ලැබේ. මෙහිදී සිංහල ජාතිකයන් හා ජපන් ජාතිකයන් මානව සම්බන්ධතා හා විවිධ අවස්ථා මුල් කරගනිමින් කුමන ආකාරය පිළිගැනීමේ ප්‍රකාශන භාවිත කරන්නේද යන්න පිළිබඳව විශ්ලේෂණය කෙරේ.en_US
dc.identifier.citationගුණරත්න එන්. බී. ඉඳුනි උපේක්ෂා (2021), ජපන් භාෂාවේ හා සිංහල භාෂාවේ සංවාදවල යෙදෙන ඉල්ලීමක් පිළිගැනීමේ ක්‍රම, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 23p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24610
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectඉල්ලීමේ ප්‍රකාශන, ඉල්ලීම් අවස්ථා, ඉල්ලීමක් පිළිගැනීමේ විධි, මානව සම්බන්ධතා, සංවාදයේ අන්තර්ගතයen_US
dc.titleජපන් භාෂාවේ හා සිංහල භාෂාවේ සංවාදවල යෙදෙන ඉල්ලීමක් පිළිගැනීමේ ක්‍රමen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 23.pdf
Size:
114.89 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections