Abstract:
රටක උපත් හා මරණ අනුපාතිකයන් අතර පවත්නා වෙනසෙහි ප්‍රතිඵලයක් ලෙස ස්වභාවික වර්ධනයක් සිදු වීම හෝ නොවීම සිදු වන අතර එය ජන සංඛ්‍යා ව්‍යුහය පිළිබද අධ්‍යයනයේ එක් පැතිකඩක් වේ. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවෙහි ජනගහන වර්ධනය වර්තමානය වනවිට සංඛ්‍යාත්මක වශයෙන් ක්‍රමිකව වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කළ ද ජනගහනයේ වර්ධන වේගය පහළ මට්ටමක පවතී. ශ්‍රී ලංකාවේ ජනගහනයේ මෑත කාලින උපනතීන් පිළිබඳ 1871 දී පැවැත් වූ ප්‍රථම ජන සංගණනය වැදගත් වන අතර එය හේත ුකොට ගෙන එම කාල වකවානුවේ පැවැති ගති ලක්ෂණයන් සහ එම ලක්ෂණයන් වර්තමානය වන විට එනම් 2012 අවසාන ජන සංගණනය වන විට කොතෙක් දුරට වෙනස් වී ඇත් ද යන්න සහ 2012 ජන සංගණනය පාදක කර ගනිමින් ශ්‍රි ලංකාවේ වර්තමාන ජනගහනයේ හඳුනාගත හැකි උපනතීන් මොනවාද යන්න මෙම ලිපිය මගින් මුලිකව ම සාකච්ඡාවට ලක් කර ඇත. මෙම මෑත කාලින උපනතින් ශ්‍රි ලංකාවේ ඉදිරි සංවර්ධන ගමනට එල්ල කරන බලපැමත් මෙහිදී සැකවින් සාකච්ඡාවට ලක්කොට ඇත. මෙම අධ්‍යයනය සඳහා ද්විතීයික දත්ත යොදා ගන්නා ලදී. සංඛ්‍යානමය විශ්ලේෂණ ක්‍රම ශිල්ප යොදා ගනිමින් දත්ත විශ්ලේෂණය සිදු කරන ලද අතර ප්‍රස්තාර හා වගු භාවිතයෙන් දත්ත ඉදිරිපත් කර ඇත. මෙම අධ්‍යයනයේ දී ස්ත්‍රී සාඵල්‍යා අනුපාතිකය පහළ අගයක් ගැනීම, පුරුෂ ජනගහනයට සාපේක්ෂව ස්ත්‍රී ජනගහනය ඉහළ යෑම, රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා බාහිර සංක්‍රමණ වැඩි වීම, ළමා ජන සංඛ්‍යාව අඩු වීම, වියපත් ජනගහනයේ වැඩි වීම, ආදී ප්‍රධාන උපනතීන් කිහිපයක් හඳුනාගත හැකි විය.