Issue 02

Permanent URI for this collectionhttp://repository.kln.ac.lk/handle/123456789/26006

Browse

Search Results

Now showing 1 - 4 of 4
  • Item
    නිවුන් සහ නිවුන් නොවන සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනය කෙරෙහි බලපාන සාධක (ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල ඇසුරින්)
    (Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2021) දිසානායක, ඩී. එම්. ඒ. එස්.
    වර්තමාන ලෝකයේ වැඩිවන ජන සංඛ්‍යාවත් නාගරීකරණයත් හේතුවෙන් නිවුන් දරුවන්ගේ ව්‍යාප්තිය වැඩි වී ඇති බව හඳුනාගත හැකිය. සාමාන්‍ය දරුවන්ට සාපේක්ෂව නිවුන් දරුවන්ගේ සුවිශේෂී ලක්ෂණ දැකගත හැකි අතර ඒ සඳහා සාධක ගණනාවක් බලපානු ලබන බව හඳුනාගත හැකිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල නිවුන් සහ නිවුන් නොවන විද්‍යාර්ථීන් අධ්‍යයන ප්‍රදේශය කොට ගනිමින් පර්යේෂණයේ අරමුණ වශයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල නිවුන් සහ නිවුන් නොවන සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනය කෙරෙහි බලපාන සාධක හඳුනාගනු ලබයි. මෙම අධ්‍යයනය සඳහා ප්‍රාථමික දත්ත යොදා ගන්නා ලද අතර අධ්‍යයන ප්‍රදේශය තුළින් සම්භාවිතා නියැදුම් ක්‍රමය යටතේ ස්තෘත සසම්භාවී නියැදුම් ක්‍රමය මඟින් නියැදිය සඳහා ඒකක තෝරා ගන්නා ලදී. මෙම පර්යේෂණය සඳහා නිවුන් සහ නිවුන් නොවන සහෝදර සහෝදරියන් වශයෙන් නියැදි දෙකක් සඳහා ඒකක 100 බැගින් තෝරාගන්නා ලදී. අධ්‍යයන අරමුණට අදාළව ප්‍රශ්නාවලි ක්‍රමය යටතේ දත්ත රුස් කර ගන්නා ලදී. සාධක විශ්ලේෂණය යොදා ගනිමින් නිවුන් සහ නිවුන් නොවන සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනය කෙරෙහි බලපාන සාධක හඳුනා ගන්නා ලද අතර එහිදී නිවුන් සහෝදර සහෝදරියන් සඳහා බාහිර සාධක, ඉගෙනුම් සාධක සහ සමාජීය සාධක වශයෙන් සාධක තුනක් බලපානු ලබන බවත් නිවුන් නොවන සහෝදර සහෝදරියන් සඳහා බාහිර සාධක, ඉගෙනුම් සාධක, සමාජීය සාධක සහ මානසික සාධක වශයෙන් සාධක 4 ක් බලපානු ලබන බව හඳුනාගන්නා ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල නිවුන් සහ නිවුන් නොවන සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනය කෙරෙහි බලපාන සාධක පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යයනයක් මෙමඟින් සිදු කර ඇත.
  • Item
    අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ දී පාරිභෝගික හැසිරීම පිළිබඳ අධ්‍යයනය (මහනුවර දිස්ත්‍රික්කය ඇසුරෙන්)
    (Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2021) බණ්ඩාර, එම්.ජී.යූ.එස්.
    විද්‍යුත් තාක්ෂණික ක්ෂේත්‍රයේ සහ සන්නිවේදන තාක්ෂණයේ වේගවත් සංවර්ධනය සමඟ ව්‍යාපාර ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක්ව ඇති අතර එමනිසා වර්තමානය වනවිට සාමාන්‍ය අලෙවිකරණ ක්‍රමවේදයද අන්තර්ජාලයේ බලපෑමත් සමඟ නව්‍යකරණයව ඇති බව දැක්විය හැකිය. මෙම පසුබිම තුළ ගොඩනැගුණු නව ව්‍යාපාර ක්ෂේත්‍රයක් ලෙස විද්‍යුත් වාණිජ්‍යය හඳුන්වාදිය හැකි අතර විද්‍යුත් වාණිජ්‍යය ක්ෂේත්‍රයට අයත් ප්‍රධාන ව්‍යාපාර ආකෘතියක් වන ඊ2ක්‍ ආකෘතිය ආශ්‍රිතව මාර්ගගත සාප්පු සවාරි ක්‍රමය තුළ පාරිභෝගික හැසිරීම පිළිබඳව මෙම අධ්‍යයනයේදී අවධානය යොමුකර ඇත. ඒ අනුව මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ වශයෙන් අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම (මාර්ගගත සාප්පු සවාරි ක්‍රමය) ආශ්‍රිත පාරිභෝගික හැසිරීම සඳහා බලපාන සාධක හඳුනාගැනීම දැක්විය හැකිය. අධ්‍යයනය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20-24 වයස් කාණ්ඩයට අයත් ජනගහනය සංගහනය ලෙස යොදාගෙන ඇති අතර තෝරාගත් නියැදියට සංරචක 100 ක් ඇතුළත් වේ. දත්ත විශ්ලේෂණය සඳහා සාධක විශ්ලේෂණය සහ කයි වර්ග පරීක්ෂාව යොදා ගෙන ඇත. කයි වර්ග පරීක්ෂාවට අනුව මාර්ගගත සාප්පු සවාරි ක්‍රමය භාවිතය, වයස සහ ප්‍රාදේශීත්වය යන සාධක සමඟ සම්බන්ධතාවයක් පවතින බව හඳුනාගන්නා ලද අතර මාර්ගගත සාප්පු සවාරි ක්‍රමය ආශ්‍රිත පාරිභෝගික හැසිරීමට බලපාන ප්‍රධාන සාධක ලෙස ආයතනික හා සමාජ සාධක, තාක්ෂණික පිළිගැනීම හා තාක්ෂණික අවබෝධය සහ පාරිභෝගික ලක්ෂණ පිළිබඳ සාධක යන සාධක තුන සාධක විශ්ලේෂණය හරහා හඳුනාගන්නා ලදී. මාර්ගගත සාප්පු සවාරි ක්‍රමය භාවිතය සඳහා පාරිභෝගිකයන්ගේ අනුගතවීමේ ප්‍රතිශතය ඉහළ නංවා ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග ලෙස; පාරිභෝගිකයන් සඳහා වට්ටම් ලබාදීම, නොමිලේ භාණ්ඩ බෙදාහැරීම :ත්‍රුැ ෘැකසඩැරහ* සහ පළමු වරට වෙබ් අඩවිය භාවිතා කරන පාරිභෝගිකයෙකුට පහසුවන පරිදි රූපමය උපදෙස් මාලාවක් වෙබ් අඩවියට ඇතුළත් කිරීම දැක්විය හැකිය.
  • Item
    ජංගම අන්තර්ජාල පැකේජ මිලදී ගැනීමේ හැසිරීම කෙරෙහි බලපානු ලබන සාධක
    (Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2021) දිසානායක, ඩී. එම්. ඒ. එම්.
    වර්තමානය වන විට අන්තර්ජාලය යනු පෞද්ගලික ක්ෂේත්‍රයේ මෙන්ම රාජ්‍ය ක්ෂේත්‍රය තුළ ද දියුණු වෙමින් පවතින ක්ෂේත්‍රයකි. ආරම්භයේ සිට වර්තමානය දක්වාම ගෝලීය වශයෙන් ක්‍රමයෙන් වර්ධනය වූ අන්තර්ජාල භාවිතය පුද්ගල දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වී ඇත. තොරතුරු සෙවීම, විනෝදාස්වාදය උදෙසා, සමාජ ජාලා භාවිතය, මාර්ගගත බැංකුකරණය, මාර්ගගත සාප්පු සවාරි සහ මාර්ගගත අධ්‍යාපනය යන කාර්යයන් උදෙසා අන්තර්ජාලය වැඩි වශයෙන් භාවිතා කරනු ලබයි. විදුලි සංදේශ ක්ෂේත්‍රය තුළ ආරම්භයේ සිට වර්තමානය දක්වා ම ඉහළ වර්ධනයක් පෙන්නුම් කරනු ලබන මෙම අන්තර්ජාල භාවිතය ගෝලීය වශයෙන් මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන ලදී. අන්තර්ජාල භාවිතය ඉහළ යාමත් සමග අන්තර්ජාල සේවා සපයනු ලබන සන්නාමකරුවන් විසින් පාරිභෝගික ප්‍රජාව උදෙසා ජංගම අන්තර්ජාල පැකේජ හඳුන්වා දෙන ලදී. ඒ තුළින් සාධාරණ මිලක් යටතේ තම අන්තර්ජාල අවශ්‍යතාවය තෘප්තිමත් ආකාරයෙන් ඉටුකරවා ගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනුව ජංගම අන්තර්ජාල පැකේජ මිලදී ගැනීමේ හැසිරීම කෙරෙහි බලපානු ලබන සාධක පිළිබඳව අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ අරමුණ විය. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරනු ලැබූ අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් ඒ අතර කාර්යක්ෂම භාවිතයක් පෙන්නුම් කරන ලදී. ඒ අනුව මෙම අධ්‍යයනයේ සංගහනය ලෙස ශ්‍රී ලංකාවේ සියලූම රාජ්‍ය විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීන් හඳුනාගන්නා ලදී. නියැදිය තෝරා ගැනීම සම්භාවිතා නියදුම් ක්‍රමය යටතේ ස්තෘත සසම්භාවී නියැදීම මගින් නියැදි ඒකක 100 තෝරා ගන්නා ලදී. අධ්‍යයනයට අදාළ තොරතුරු රැස්කිරීම ප්‍රශ්නාවලි ක්‍රමවේදය යටතේ සිදු කරනු ලද අතර අධ්‍යයන අරමුණට අදාළ ව පාරිභෝගික මිලදී ගැනීමේ හැසිරීම කෙරෙහි බලපානු ලබන සාධක හඳුනාගැනීම සඳහා සාධක විශ්ලේෂණය යොදා ගන්නා ලදී. ඒ අනුව සාධක විශ්ලේෂණය තුළින් ජංගම අන්තර්ජාල පැකේජ මිලදී ගැනීම සඳහා බලපානු ලබන සාධක තුනක් හඳුනා ගන්නා ලදී. එනම් ජංගම අන්තර්ජාල පැකේජය පිළිබඳ බාහිර සාධක, ජංගම අන්තර්ජාල පැකේජයේ විස්තරාත්මක සාධක, ජංගම අන්තර්ජාල පැකේජයේ තාක්ෂණික සාධක යනාදී වශයෙන් හඳුනාගන්නා ලදී.
  • Item
    නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ප්‍රජා සහභාගිත්වය : (ගම්පහ මහ නගර සභාව ඇසුරෙන්)
    (Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2021) පීරිස්, ටී.එච්.එම්.
    නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය යනු බොහෝ රටවල් විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන විශාල අභියෝගයකි. ශ්‍රී ලංකාවේද මෙය ජාතික ගැටලුවක් බවට පත් වී ඇත. පුරවැසියන් සෑමවිටම උපකල්පනය කරනු ලබන්නේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පළාත් පාලන ආයතනවල වගකීමක් බවත් ඔවුනට කිසිඳු වගකීමක් ඒ සඳහා නොමැති බවත්ය. නමුත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ජනනය වන ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම පුරවැසියන්ගේද වගකීමක් වේ. එබැවින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා ප්‍රජා සහභාගීත්වය තීරණාත්මක සාධකයක් වන අතර එය තිරසාර ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ උපාය මාර්ගයක්ද වේ. මෙම අධ්‍යයනය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ මහ නගර සභාව කේන්ද්‍ර කොටගෙන සිදු කර ඇති අතර තෝරාගත් නිවාස 100ක් ආවරණය කරමින් මෙම අධ්‍යයනය සිදු කරන ලදී. මෙම අධ්‍යයනයේ අරමුණ වනුයේ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ප්‍රජා සහභාගීත්වය කවර ආකාරයෙන් බලපෑමක් සිදු කරයිද යන්න හඳුනා ගැනීමයි. එහිදී ලැබුණු ප්‍රතිඵල වනුයේ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ප්‍රජා සහභාගීත්වය ධනාත්මක බලපෑමක් ඇති කරන බවයි.