Issue 02
Permanent URI for this collectionhttp://repository.kln.ac.lk/handle/123456789/22430
Browse
8 results
Search Results
Item විදේශ ගත වූ සාමාජිකයන් සහිත පවුල්වල ආර්ථික තත්ත්වයන් එම පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනයේ සාධන මට්ටම කෙරෙහි සිදු කරන බලපෑම(2019) Dissanayake, R.P.S.S.රටක ඉදිරි ගමන තීරණය කරන ප්‍රධානම සාධකය බවට එම රටේ අධ්‍යාපනය පත්ව ඇත. එයට හේතුව වී ඇත්තේ රටක ශ්‍රම බලකායේ ගුණාත්මක භාවය අධ්‍යාපනය මත රඳා පැවතීමය. මෙම නිසාම නුතන සමාජයේ ප්‍රධාන ගැටලුවක් වන විදේශ සේවයේ නියුතු සමාජිකයන් සහිත පවුල්වල ආර්ථික තත්ත්වයන් එම පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනයේ සාධන මට්ටම කෙරෙහි සිදුකරන බලපෑම කෙබඳුද යන්න මෙම අධ්‍යයනයේ ගැටලුව බවට පත්වූ අතර එම බලපෑම කෙබඳුද යන්න සොයා බැලීම මුලික අරමුණ බවට පත් කරගන්නා ලදී. ශ්‍රී ලංකාවේ වයඹ පලාතයේ ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අධ්‍යයන ප්‍රදේශය ලෙස යොදාගෙන මෙම පර්යේෂණය සිදුකරන ලදී. මෙම පර්යේෂණයේදී නියැදියේ ප්‍රමාණය තිරණය සඳහා යමානී (Yamane) ක්‍රමය භාවිත කරන ලද අතර ඒ මත පාසල් 41 ක් සඳහා, ස්තෘත සසම්භාවී ක්‍රමවේදය මත සිසුන් 100 ක නියැදියක් තෝරා ගන්නා ලදී. මෙම නියැදිය මත පදනම්ව ප්‍රශ්නාවලි ක්‍රමය හා සම්මුඛ සාකච්ඡා ක්‍රමය හරහා දත්ත ලබා ගන්නා ලදී. එම දත්ත අරමුණු වලට අදාළ වෙමින් විස්තරාත්මක සංඛ්‍යාන ක්‍රම, සහසම්බන්ධතා විශ්ලේෂණය හා ප්‍රතිපායනය යන විශ්ලේෂණ ක්‍රමවේදයන් මත විශ්ලේෂණය කර නිගමන කිහිපයකට එලඹෙන ලදී. එනම්, විදේශ සේවයේ නියුතු සාමාජිකයන් සහිත පවුල්වලින් 54% ක පවුල් ප්‍රමාණයක්ම රුපියල් 35,000 - 50,000 ක් අතර ආදායමක් උපයන පවුල් බව, මෙම පවුල්වලින් 30% ක් පමණ ප්‍රමාණයක් සමස්ත ආදායමින් අධ්‍යාපනය සඳහා වෙන් කරන ්නේ 7% ත් 12% ත් අතර ප්‍රමාණයක් බව නිගමනය කළ හැකි වූ අතර පවුල් වල මාසික ආදායම, අධ්‍යාපනය සඳහා දරණ වියදම යන සාධක හා අධ්‍යාපනයේ සාධන මට්ටම අතර ධන සහසම්බන්ධතවක් පවතින බව නිගමනය කළ හැකි විය.Item තේ වතු කම්කරු කුටුම්භවල ආර්ථික පසුබිම පිළිබඳ අධ්‍යයනයක්(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka., 2019) Bandara, B.G.T.D.ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉහළ ම විදේශ විනිමයක් අඛණ්ඩව උපයන ක්ෂේත්‍රය ලෙසත් ඉහළ ම කාන්තා සේවා නියුක්තිය පවතින ක්ෂේත්‍රය ලෙසත් තේ කර්මාන්තය හඳුනාගත හැකි ය. නමුත් එම ක්ෂේත්‍රයේ ප්‍රධාන දායකත්වය දක්වන තේ වතු කම්කරු කුටුම්භ, ශ්‍රී ලංකාව තුළ ඉහළම දරිද්‍රතාවයෙන් පෙළෙන අතර එම කුටුම්භවල ආර්ථික පසුබිම කුමන ආකාරයෙන් සමන්විත වන්නේ ද යන්න මෙම අධ්‍යයනයේ ගැටලුව වේ. මෙම අධ්‍යයනයේ අරමුණ, තේ වතු කම්කරු කුටුම්භවල ආර්ථික පසුබිම හඳුනාගැනීමයි. මෙම අධ්‍යයනය සඳහා අවශ්‍ය දත්ත, බහුපිය පොකුරු නියැදීම තුලින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රේග්ලී වතුයායේ කුටුම්භ 100 කින් යුත් නියැදියක් මගින් රැස් කරගන්නා ලදී. ඒ සඳහා මූලිකවම ප්‍රශ්නාවලි ක්‍රමය සහ සම්මුඛ සාකච්ඡා ක්‍රමය භාවිතා කර ඇත. දත්ත ඉදිරිපත් කිරීම සඳහා වගු සහ ප්‍රස්තාර සටහන් භාවිතා කර ඇති අතර දත්ත විශ්ලේෂණය කිරීම සඳහා විස්තරාත්මක සංඛ්‍යානමය විශ්ලේෂණ ක්‍රමවේද යොදා ගන්නා ලදී. තේ වතු කම්කරු කුටුම්භවල සාමාන්‍ය සාමාජික සංඛ්‍යාව 5 ක් ද ඒ අතුරෙන් ස්ථීර තේ වතු කම්කරුවන් ලෙස සාමාන්‍යයෙන් සාමාජිකයන් දෙදෙනෙකු සේවා නියුක්ත වන අතර කුටුම්භ මූලික ආර්ථිකය ඒ තුලින් නිර්මාණය වේ. කුටුම්භ ආර්ථිකය සඳහා මූලිකවම පදනම්වන්නාවූ දෙමාපිය අධ්‍යාපනය, ඉතා පහළ මට්ටමක පවතින අතර කුටුම්භ 13% ක දෙමාපියන් කිසිදාක පාසල් අධ්‍යාපනය ලබා නොමැති අතර 8 ශ්‍රේණිය තුළ දී 87%ක් පමණ පාසල තුලින් විතැන්ව ඇත. මෙම ආර්ථිකය තම කුටුම්භය සඳහා ප්‍රමාණවත් නැත යන සංකල්පය මත 89%ක් පමණ කුටුම්භ අමතර ආදායම් මාර්ග වෙත යොමු වී ඇත. වතු ක්ෂේත්‍රය තුළ දී දෛනික කටයුතු සඳහා අවශ්‍ය ණය ගනුදෙනු සිදු වේ. වතු ක්ෂේත්‍රයේ කුටුම්භ මාසික වියදම, කුටුම්භ අධ්‍යාපන වියදම මත එකිනෙකින් මූලිකවම වෙනස් වේ. ඒ අනුව වතු අංශයේ අඛණ්ඩ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා අධ්‍යාපනික පහසුකම් වැඩිදියුණු කිරීම සහ රජය මැදිහත්ව එම සමාජයේ ආකල්ප සංවර්ධනය කල හැකි ය. තේ වතුකරය තුළ පවතින අමතර ආදායම් ඉපයීමේ ක්‍රම සංවර්ධනය කල යුතු අතර ජීවන වියදමට සරිලන පරිදි වතු කම්කරු දෛනික වැටුප රු. 1000/= ක් දක්වා ඉහළ නැංවීම තුලින් වතු සමාජයේ ආර්ථික හා සමාජයීය පසුගාමීත්ව තත්ත්වය වෙනස් කල හැකි වේ.Item Factors Influencing Drug Addiction among the Youth: Special Reference to Rehabilitation Centres and Counseling Centres Established under the National Dangerous Drug Control Board(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka., 2019) Dasanayake, D.U.P.Drug addiction is defined as a chronic, relapsing disorder characterized by compulsive drug seeking, continued use despite harmful consequences, and longlasting changes in the brain. Even though there is no evidence of ongoing illicit manufacture of drugs in Sri Lanka, the number of drug addicts that admit for treatment per year has been significantly increasing. Therefore, this study is established to find out the factors influencing drug addiction among the youth. The sample size for the study was 50 youths from the “Nawadiganthaya” rehabilitation centre and the “Siyapatha” counseling centre. Descriptive statistics, factor analysis, were used for data analysis and SPSS, and Minitab and Excel were used for data presenting purposes. The results of principal component factor analysis identified five factors, family & social issues, deprivation, physical issues, companionship and social Isolation. According to the findings of the study, the only determined relationship with drug addiction, among the demographic factors is the education level. As identified, the most commonly used drugs are cigarettes, heroin and ice. This paper is however limited to the investigation of these factors and recommends the way forward in identifying and reducing drug addiction among the youth in Sri Lanka.Item ග්‍රාමීය ජනතාවගේ මුල්‍යයන කටයුතු කෙරෙහි රාජ්‍ය බැංකු වල දායකත්වය පිළිබඳ අධ්‍යයනයක්(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka., 2019) Chathurangani, D.A.K.නවීන යුගයේ අවශ්‍යතාවයන් සංකීර්ණ වීමත් සමඟ රටේ බොහෝ දෙනා තම මුල්‍යයන කටයුතු ඉටුකර ගැනීම සඳහා රාජ්‍ය බැංකු භාවිතා කරයි. නාගරික හෝ ග්‍රාමීය වශයෙන් ගත් විට වෙනසක් නොමැතිව ජනතාව තම මුල්‍යයන කටයුතු සඳහා රාජ්‍ය බැංකු භාවිතා කරන ආකාරය දක්නට ලැබේ. ඒ අනුව තලවිල ග්‍රාමයේ ජනතාවගේ මුල්‍යයන කටයුතු සඳහා රාජ්‍ය බැංකුවල දායකත්වය කෙබඳුද යන්න හඳුනා ගැනිම මුලික ගැටලුව විය. මෙම ගැටලුව පදනම් කරගත් ප්‍රධාන අධ්‍යයන අරමුණ වුයේ ග්‍රාමීය අංශයේ මුල්‍යයන කටයුතු සඳහා රාජ්‍ය බැංකු ව්‍යාප්තියෙන් ඇති දායකත්වය විමසා බැලීමයි. මේ සඳහා තලවිල නැගෙනහිර ග්‍රාමසේවා වසමේ සියලුම පවුල් නියෝජනය වන ආකාරයට යමානේ (Yamane) නියැඳුම් ක්‍රමය යටතේ නියැදි ඒකක 85ක් තෝරාගත් අතර සරල සසම්භාවි ක්‍රමය මගින් අවශ්‍ය පවුල් තෝරාගන්නා ලදී. දත්ත රැස්කිරීම සඳහා ප්‍රශ්නාවලි ක්‍රමය, සම්මුඛ සාකච්ඡා ක්‍රමය හා තවත් ද්විතියීක මුලාශ්‍ර ද යොදාගන්නා ලදී. දත්ත විශ්ලේෂණය සඳහා විස්තරාත්මක සංඛ්‍යානය, කයිවර්ග පරීක්ෂාව, සංගහන මධ්‍යන්‍යය සඳහා ප්‍රාන්තර නිමානය, අපරාමිතික පරීක්ෂා හා බහුගුණ ප්‍රතිපායනය යොදාගෙන ඇත. ඒ අනුව ජනතාවගේ ප්‍රජාවිද්‍යාත්මක සාධකයන් මුල්‍යයන කටයුතු සඳහා රාජ්‍ය බැංකු භාවිතය අතර සම්බන්ධතාවයක් පවතින බවද, ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා රාජ්‍ය බැංකු ඉතාමත් වැදගත් කාර්යයභාරයක් ඉටු කරන බවද, ජනතාවගේ දෛනික වැඩකටයුතුවලදී රාජ්‍ය බැංකු විශාල බලපෑමක් කරනු ලබන අතර හා ජනතාවගේ තෘප්තිමත් වීම ඉහළ මට්ටමක පවති. මේ සඳහා ඉදිරිපත් කරන යෝජනා අතර සාම්ප්‍රදායික සුරැකුම් වෙනුවට සාමුහික ඇප පදනම් කරගෙන කණ්ඩායම් ණය ක්‍රම දියත් කළ යුතුය.Item ශ්‍රී ලංකාවේ මුළු සාධක ඵලදායීතාවය සහ ආර්ථික වර්ධනයට එමගින් සිදුවන බලපෑම පිළිබඳ අධ්‍යයනය කිරීම(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka., 2019) Gunarathna, D.D.Y.N.ආර්ථික විද්‍යාවේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගනු ලබන සෑම යෙදුමක් ම භූමිය, ශ්‍රමය ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය යන පුළුල් සාධක හතරට ඇතුලත් වේ. මෙම අධ්‍යයනයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ සාධක ඵලදායිතාවය අතර පවතින අන්තර් සම්බන්ධතාවය ඇස්තමේන්තු කිරීම මෙන්ම ඉතාමත් අඩු අවධානයකින් යුතුව ආර්ථික වර්ධනයට බලපාන තාක්ෂණික ප්‍රගතිය සහ නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඇස්තමේන්තු කිරීම සඳහා වැඩිදුරටත් අවධානයක් යොමු කර එහි වැදගත්කම ඇස්තමේන්තු කිරීම මෙම අධ්‍යයනය මගින් සිදුකර ඇත. ඒ අනුව අධ්‍යයනයේ දී නිෂ්පාදන ශ්‍රිතය ඇස්තමේන්තු කිරීම සඳහා කොබ් ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය භාවිතා කරන ලද අතර සෝලෝ වර්ධන ආකෘතියට අනුව තාක්ෂණික ප්‍රගතිය ඇස්තමේන්තු කොට එහි වෙනස්වීම සමස්ත සාධක ඵලදායීතාව ලෙස දක්වා ඇත. 1990 සිට 2018 දක්වා කාලය තුළ ආර්ථික වර්ධනයට අදාළ දත්ත යොදාගෙන ඇත. ආර්ථික වර්ධනය සහ මුළු සාධක ඵලදායීතාවය අතර සම්බන්ධතාව හඳුනා ගැනීම සඳහා කාලශ්‍රේණි අධ්‍යයනයක් මගින් සිදුකරන ලද අතර අත්‍යවශ්‍ය ඒක මූල පරික්ෂා සහ සානුකලන පරික්ෂා ආදී ආර්ථිකමිතික පරීක්ෂාවන් ද අදාළ පරිදි සිදු කරන ලදී. එසේම වර්ධන ගිණුම්කරණ ක්‍රමවේදය මගින් ආර්ථිකමිතික ඇස්තමේන්තුවල නිරවද්‍යතාව ද නැවත විමසා බලන ලදී. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, සහ බංගලාදේශය යන රටවල දළ දේශීය නිශ්පාදිතය, ප්‍රාග්ධන තොගය සහ ශ්‍රම බලකාය පිළිබඳව ලබා ගන්නා ලද තොරතුරු ආශ්‍රයෙන් මෙම රටවල් හතරෙහි ආර්ථික වර්ධනය සඳහා මුළු සාධක ඵලදායිතාවේ බලපෑම කෙසේද යන්න හඳුනාගැනීමද සිදු කරන ලදී. ඒ අනුව අධ්‍යයනය මගින් පැහැදිලි වූයේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට මෙන්ම මෙම රටවල් හතරෙහි ආර්ථික වර්ධනය සඳහා ද මුළු සාධක ඵලදායීතාව ඉතාමත් ප්‍රශස්ත ආකාරයෙන් භාවිතයට නොගන්නා බවයි. ආර්ථික වර්ධන ක්‍රියාවලියට බලපාන මුළු සාධක ඵලදායීතාවය ඉතාමත් ඉහළ අගයක නොපැවතීම තුළ සාධක ඵලදායීතාවය තවදුරටත් වර්ධනය කිරීමෙහිලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව පැහැදිලි වේ.Item Impact of television advertising on consumer purchasing behavior: with special reference to Gampaha Divisional Secretariat Division(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka., 2019) Perera, A.P.D.N.The study is focused on the impact of television advertising on consumer purchasing behavior in Gampaha Divisional Secretariat Division in respect of food. Television advertising is a very effective tools of communicating message to its target audience. Consumer purchasing behavior is influenced by the customer value associated with the product or service. The objective of the study was to identify the impact of television advertising on consumer purchasing behavior in respect of food. 100 respondents were selected as the sample using simple random sampling technique consisted in the age of 18 years and above. Questionnaires were distributed among the selected sample and secondary data were collected through journals, census reports, statistical abstracts, research papers and the World Wide Web. Collected data were analyzed by using the SPSS statistical package version 22 and MS Excel 2016 software. Correlation analysis, Independent Sample T-Test and Chi Square Test were used to test the objectives. According to the data analysis, demographic characteristics of respondents have no impact on the relationship between television advertising and consumer purchasing behavior. When comparing mean hours of gender on watching television, there is no significant difference between mean hours of watching television of male and female. Television advertisements are not used to purchase food. Finally, it can be concluded that there is no impact of television advertising on food purchasing.Item කාන්තාවන් ආර්ථික වශයෙන් ක්‍රියාකාරීත්වය පහළ මට්ටමක පැවතීමට බලපාන සාධක පිළිබඳ අධ්‍යයනය : අම්පාර දිස්ත්‍රික්කය ඇසුරින්(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2019) Bandara, M.K.I.A.ශ්‍රී ලංකාවේ ජනගහනය සංයුතියල අධ්‍යාපන තත්ත්වය අනුව පුරුෂ ජනගහනයට වඩා ස්ත්‍රීන්ගේ වර්ධනයක් දක්නට ලැබුනද, ශ්‍රී ලංකාව තුළ කාන්තාවන් ආර්ථික වශයෙන් ක්‍රියාකාරීත්වය පහළ මට්ටමක පවතින බව කිව හැක. ශ්‍රම බලකාය තුළ කාන්තාවන්ගේ දායකත්වය අවම මට්ටමක පැවැතීම ලෝක මට්ටමේ ගැටලුවකි. මෙහි අධ්‍යයන අරමුණ වන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ කාන්තාවන් ආර්ථික වශයෙන් ක්‍රියාකාරීත්වය පහළ මට්ටමක පැවතීමට බලපාන සාධක අධ්‍යයනය කිරීමයි. උප අරමුණු වශයෙන් ආර්ථික සාධක, සමාජීය සාධක, ප්‍රජා විද්‍යාත්මක සාධක මෙන්ම කාන්තාවන්ගේ අධ්‍යාපනය ශ්‍රම සහභාගිත්වය කෙරෙහි ඇති කරන බලපෑම විමසා බැලීම සිදු කරයි. මෙම අධ්‍යයනයට කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය අවම වශයෙන් පවතින දිස්ත්‍රික්කයක් ලෙස අම්පාර දිස්ත්‍රික්කය තෝරා ගත් අතර එහි මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ග්‍රම සේවා වසම් හතරක් තුලින් 92 ක නියැදියක් සම්භාවිතා නියැදුම් ක්‍රමයක් වන පොකුරු නියැදීම යටතේ තෝරා ගන්නා ලදී. කාන්තාවන් ආර්ථිකයට ක්‍රියාකාරී නොවීමට බලපාන සාධක වන කාන්තාවගේ මවගේ හා පියාගේ අධ්යාපන මට්ටම්, උසස් අධ්‍යාපනයට මෙන්ම රැකියාවකට යොමු නොවීමට බලපාන හේතු සාධක, අධ්‍යාපනය ලැබූ පාසල, නිවසේ තත්ත්වය ආදී සමාජීය සාධකත්, එසේම වයස, විවාහකත්වය, විවාහක වයස, විවාහ වූ ආකාරය, සාඵල්‍යතා මට්ටම්, රෝගයකින් පෙළීම, සංක්‍රමණ ආදී ප්‍රජා විද්‍යාත්මක සාධකත්, එසේම පවුලේ ආදායම, පවුලේ ආර්ථික කටයුතුවලට සම්බන්ධ වීම, ආදායම් උපයන්නාගේ රැකියාව, පෙර නිරත වූ රැකියාව, කාල සීමා හා වැටුප්, ප්‍රදේශයේ පවතින රැකියා මට්ටම්, සහනාධාර යන ආර්ථික සාධක අධ්‍යයනය කරන ලදී. එමෙන්ම දත්ත විශ්ලේෂණය සඳහා විස්තරාත්මක සංඛ්‍යාන ක්‍රම, සහසම්බන්ධතා සංගුණක, ප්‍රතිපායනයල සාධක විශ්ලේෂණය, කයි වර්ග පරීක්ෂාව යන දත්ත විශ්ලේෂණ ක්‍රම යොදා ගන්නා ලදී. ආර්ථික වශයෙන් ක්‍රියාකාරී නොවන පවුල්වල ඉතුරුම් ප්‍රමාණය කෙරෙහි පවුලේ ආදායමෙහි බලපෑම පරීක්ෂා කිරීමේදී ඉහළ ධන සහසම්බන්ධතාවයක් පවතින බව දැක ගත හැකි විය. සාධක විශ්ලේෂණය තුලින් කාන්තාව ආර්ථික වශයෙන් ක්‍රියාකාරී නොවීමට බලපාන ප්‍රධාන සාධක පහකට බෙදා ගත හැකි විය. මෙහිදී ගත හැකි ප්‍රධානම නිගමනය වූයේ කාන්තාවන් ආර්ථික වශයෙන් ක්‍රියාකාරී නොවන බව සම්පූර්ණ සත්‍යයක් නොවන බවයි. නිවෙසේ වැඩ කටයුතු, දරුවන් රැකබලා ගැනීමට, අමතරව පවුලේ ආර්ථික කටයුතු සඳහා දායක වීම කාන්තාවන්ට පැවරී තිබේ. එසේම මෙම ප්‍රදේශය රැකියා අවස්ථා පැවතීම 69.56% ගේ අදහස රැකියා අවස්ථා සුළු ප්රමාණයක් පමණක් ඇති බවයි. ප්‍රදේශය තුළ ආර්ථික වශයෙන් ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමට ප්‍රදේශයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, නව රැකියා අවස්ථා ලබාදීම, ඉඩම් ගැටලු විසඳීම, අධ්‍යාපන අවස්ථා වැඩි දියුණු කිරීම, ණය ආධාර ලබාදීම වැනි දේ අවශ්‍ය වන බව යෝජනා කළ හැකිය.Item රජයේ පාසල් ගුරුවරුන්ගේ සේවා තෘප්තිමත්භාවය හා ඒ කෙරෙහි බලපාන සාධක : කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇසුරින්(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka., 2019) Wijesingha, W.M.W.M.පාසල් මට්ටමින් ගුරුවරුන් යනු අධ්‍යාපන පද්ධතියක විශාලතම පිරිවැය සහ විශාලතම මානව ප්‍රග්ධන සම්පතයි. ගුරුවරුන් සම්බන්ධ වැදගත් සාධකයක් වන්නේ රැකියා තෘප්තියයි. හුදෙක් රැකියාවක් ලෙස නොව වෘත්තියක් ලෙස ඉගැන්වීම පිළිබඳ තෘප්තිය වැදගත් ප්‍රතිපත්තිමය ගැටලුවක් වන අතර එය ගුරුවරුන්ගේ කාර්යක්ෂමතාවය සමඟ සම්බන්ධ වී එය අවසානයේ සිසුන්ගේ ජයග්‍රහණයට බලපායි. ශ්‍රී ලංකාවේ රජයේ පාසල් ගුරුවරුන්ගේ රැකියා තෘප්තියෙහි ස්වභාවය අධ්‍යයනය කිරීම හා ඒ කෙරෙහි බලපාන සාධක සොයා බැලීම යන්න මෙම අධ්‍යයනයට පසුබිම වේ. මෙම ගැටලුව මත පදනම් ව රැකියා තෘප්තියෙහි ස්වභාවය විමසා බැලීම, රැකියා තෘප්තිය කෙරෙහි බලපාන සාධක විමසා බැලීම, රැකියා තෘප්තිය හා වෘත්තීය කැපවීම අතර සම්බන්ධතාවය හඳුනා ගැනීම, රැකියා තෘප්තිය ඉහළ නැංවීමට යෝජනා ඉදිරිපත් කිරීම ආදිය මෙහි අරමුණු වේ. මේ සඳහා කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ රජයේ පාසල් ගුරුවරුන් 138 ක නියැදියක් සරල සසම්භාවී නියැදීම යටතේ ලබාගත් අතර ප්‍රශ්නාවලි ක්‍රමය හා සම්මුඛ සාකච්ඡා ක්‍රමය යොදා ගනිමින් දත්ත රැස් කරන ලදී. දත්ත විශ්ලේෂණය සඳහා විස්තරාත්මක සංඛ්‍යානය, කයි-වර්ග පරීක්ෂාව, පෙළ පරීක්ෂාව හා සාධක විශ්ලේෂණ ක්‍රමය යොදාගෙන ඇත. වයස, සේවා කාලය, වැටුප් ශ්‍රේණිය, වැටුප, දැනට සේවය කරන පාසලේ සේවා කාලය, අධ්‍යාපන මට්ටම, නිල නිවාස, අතිකාල දීමනා, මුල්‍ය ප්‍රතිලාභ, සේවක ණය, වැටුප් රහිත විදේශීය නිවාඩු, රක්ෂණ ප්‍රතිලාභ, නිවසේ සිට පාසලට ඇති දුර, වෘත්තීය නිපුණතා සංවර්ධනය, කාර්ය මණ්ඩලය, රැකියා අවස්ථා හා පිළිගැනීම්, වෘත්තීය කැපවීම ආදිය රැකියා තෘප්තිමත්භාවය කෙරෙහි බලපාන සාධක වේ. ගුරුවරුන් ස්ත්‍රී පුරුෂ භාවය අනුව සසම්භාවීව ව්‍යාප්ත වී නොමැති බව දැක ගත හැකි විය. වැටුපල අතිකාල දීමනා, නිල නිවාස, ලබාදෙන මුල්‍ය ප්‍රතිලාභ සම්බන්ධයෙන් ගුරුවරුන් තෘප්තිමත් නොවේ. සේවක ණය, රක්ෂණ ප්‍රතිලාභ, වැටුප් රහිත විදේශීය නිවාඩු, වෘත්තීය නිපුණතා සංවර්ධනය සඳහා ලබා දෙන සහයෝගය පිළිබඳව මධ්‍යස්ථය තෘප්තිමත්භාවයක් දක්වයි. රැකියාවෙහි වෙනස් විය යුතු අංග පිළිබඳව ගුරුවරුන්ගේ අදහස විමසීමේදී 54.3% ක් වැටුප, ඇගයීම් ක්‍රම, දිනසටහන් හා වාර සටහන්ල මාරුවීම් ක්‍රම යන සියල්ල වෙනස් විය යුතු බවත් 21.9% ක් වැටුප වෙනස් විය යුතු බවත් 13% ක් ඇගයීම් ක්‍රම ද 7.2% ක් දින සටහන් හා වාර සටහන් ද වෙනස් විය යුතු බව හා ප්‍රගති සටහන් ආදිය වෙනස්විය යුතු බව ප්‍රකාශ කරන ලදී.