නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ගෘහ ඒකකයන්ගේ සහභාගිත්වය: (ගම්පහ මහ නගර සභාව ඇසුරෙන්)

dc.contributor.authorපීරිස්, ටී. එච්. එම්.
dc.date.accessioned2023-06-13T03:43:31Z
dc.date.available2023-06-13T03:43:31Z
dc.date.issued2021
dc.description.abstractඝන අපද්‍රව්‍ය කළමනාකරණය යන්න බොහෝ රටවල් මුහුණ දෙන විශාල අභියෝගයකි (Hikkaduwa, 2015). එහිදී ශ්‍රී ලංකාවේද මෙම නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය යන ගැටලුව මහජන සෞඛ්‍යයට මෙන්ම පාරිසරිකවද ගැටලුවක් බවටද පත්වී ඇති අතර එය ජාතික ගැටලුවක් බවටද පත් වී ඇත (Pinnawalam 2016). නාගරික ගෘහ ඒකකයන් සෑම විටම උපකල්පනය කරනු ලබන්නේ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම පළාත් පාලන ආයතනවල වගකීමක් බවත් ඔවුන්ට කිසිඳු ආකාරයේ යුතුකමක් හෝ වගකීමක් නොපවතින බවත්ය. නමුත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ජනනය වන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම පුරවැසියන් සියල්ලන්ගේම වගකීමක් වන අතර ශ්‍රී ලංකාව තුළ තිරසාර ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා ගෘහ ඒකකයන්ගේ සහභාගීත්වය තීරණාත්මක සාධකයක් බවට පත්වී ඇත (Pinnawala, 2016) ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව සිදු කර ඇති පර්යේෂණ තිබුණද ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ගෘහ ඒකකයන්ගේ දායකත්වය කෙසේද යන්න සිදු කර ඇති පර්යේෂණ ඉතාමත් අල්ප වශයෙන් පවතී (Shunkor, 2011) එම නිසා නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ගෘහස්ථ වශයෙන් සිදු කළ යුතු යුතුකම් මොනවාද යන්න පිළිබඳව දැනුවත් කිරීම් සිදු කළ යුතු අතර ඒ සඳහා සැලකිය යුතු අවධානයක් පර්යේෂකයන් වශයෙන් යොමු කළ යුතු වේ. ශ්‍රී ලංකාවේ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව එනම් නාගරික මෙන්ම ප්‍රාදේශීය ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව අවධානය යොමු කර ඇත (Pinnawala, 2016). නමුත් ඝන අපද්‍රව්‍ය විශාල ලෙස වර්ධනය වනු ලබන්නේ ප්‍රාදේශීය ප්‍රදේශවලට සාපේක්ෂව නාගරික ප්‍රදේශවලය (Khatib, 2011) මක්නිසාදයත් නාගරික ප්‍රදේශවල ජන ඝනත්වය ඉතා ඉහළ වීමත් සීමිත ඉඩකඩ ප්‍රමාණයක් තිබීමත් නිසාය. එමනිසා නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ගෘහ ඒකකයන්ගේ සහභාගීත්වයට අදාළ වන ඇතැම් කොටස් මගහැර යා හැකිය. ගම්පහ මහ නගර සභාවේ ගෘහ ඒකකයන්ගෙන් උත්පාදනය වන නාගරික ඝන අපද්‍රව්‍ය 3R මූලධර්මය සම්බන්ධව එනම් ඝන අපද්‍රව්‍ය අඩු කිරීම, නැවත භාවිතය හා ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ කොම්පෝස්ට්කරණය පිළිබඳව පුළුල් දැනුමක් ලබා ගත හැකිය. මෙම අධ්‍යයනය මගින් අධ්‍යයනය කරනුයේ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සිදු කරනුයේ කෙසේද යන්න පිළිබඳව ය. එමනිසා අනෙකුත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය එනම් ප්‍රාදේශීය හා වතු ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම පිළිබඳව මෙම අධ්‍යයනය මගින් සිදු නොකෙරේ. එමෙන්ම ගම්පහ මහ නගර සභාව තුළ සිදු කරනු ලබන ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයන් පිළිබඳව සහ ගෘහ ඒකකයන්ගේ දායකත්වය සඳහා ගම්පහ මහ නගර සභාවේ දායකත්වය පිළිබඳව පමණක් මෙම අධ්‍යයනය සිදු කර ඇත. ඒ අනුව නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ගෘහ ඒකකයන්ගේ සහභාගීත්වය කවර ආකාරයේ බලපෑමක් ඇති කරයිද යන්න හඳුනාගැනීම මෙම අධ්‍යයනයේ අරමුණ වේ.en_US
dc.identifier.citationපීරිස් ටී. එච්. එම්. (2021), නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ගෘහ ඒකකයන්ගේ සහභාගිත්වය: (ගම්පහ මහ නගර සභාව ඇසුරෙන්), 7th National Research Conference on Applied Social Statistics, 2020. Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka. 1-6en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/26368
dc.publisherDepartment of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lankaen_US
dc.titleනාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ගෘහ ඒකකයන්ගේ සහභාගිත්වය: (ගම්පහ මහ නගර සභාව ඇසුරෙන්)en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Thumbnail Image
Name:
NRCASS 2021 01.pdf
Size:
315.99 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections