සීගිරි කුරුටු ගීවලින් නිරූපිත සන්නිවේදනය

dc.contributor.authorබණ්ඩාර, පී.බී.ඒ.එන්.ඩබ්ලිව්.
dc.date.accessioned2023-05-03T08:11:56Z
dc.date.available2023-05-03T08:11:56Z
dc.date.issued2022
dc.description.abstractලක්දිව රජ කළ කාශ්‍යප රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ පස්වන සියවස අග භාගයේ සීගිරිය නම් අපූර්ව නිර්මාණය කළ බව වංසකථා සනාථ කරයි. සීගිරියේ කැටපත් පවුරේ පද බැඳුණු ගීත කාව්‍ය අපේ අතීත උරුමයේ විශිෂ්ටත්වය මනාව පෙන්වා දෙයි. එමෙන්ම සීගිරිය තරම් ඉපැරණි ගී සම්භාරයක් ඇතුළත් කැටපත් පවුරක් ලෝකයේ වෙනත් කිසිම රටකින් තවමත් සොයාගෙන නොමැත. සීගිරිය නැරඹීමට දසතින් ජනී ජනයා පැමිණ තිබේ. සීගිරි සිතුවම්, සිංහ කෙවෙනිය සහ රජ මාළිගය ආදිය දුටු සීගිරි නැරඹුවෝ ස්වකීය හද සන්තානයට නැඟුණ දේ පද්‍යයට නඟා ඒ අසල වූ කැටපත් පවුරේ ලියූහ. සීගිරි කැටපත් පවුරේ ඇති කුරුටු ගී සිංහල ගීත සාහිත්‍යයෙන් ශේෂ වූ පැරණිතම සාධක ලෙස ද සැලකේ. මෙම අධ්‍යයනයේ ගැටළුව වූයේ සීගිරි ගීතවලින් නිරූපණය වන්නේ කුමක් ද යන්න අධ්‍යයනය කිරීමයි. සීගිරිකාමීන් කැටපත් පවුරේ කුරුටු ගෑ ගී තුළින් එකල සමාජය මනාව නිරූපණය වන්නේදැයි සොයා බැලීම මෙම අධ්‍යයනයේ අරමුණ වේ. මේ සඳහා ප්‍රකාශයට පත් වී ඇති මහාචාර්ය පරණවිතානගේ සීගිරි කුරුටු ගී ප්‍රමුඛ කරගත් ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් අවශ්‍ය දත්ත ලබාගෙන තිබේ. සීගිරි ගී තුළින් එකල සමාජය කැඩපතක් සේ විනිවිද පෙන්වන බව අවසන පැහැදිලි වෙයි.en_US
dc.identifier.citationබණ්ඩාර පී.බී.ඒ.එන්.ඩබ්ලිව්. (2022), සීගිරි කුරුටු ගීවලින් නිරූපිත සන්නිවේදනය, Yugathara Volume 4, Center for Heritage Studies, University of Kelaniya Sri Lanka. 1.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/26150
dc.publisherCenter for Heritage Studies, University of Kelaniya Sri Lankaen_US
dc.subjectසීගිරි ගී, සන්නිවේදනය, සමාජය, කැටපත් පවුර, සීගිරි සිතුවම්en_US
dc.titleසීගිරි කුරුටු ගීවලින් නිරූපිත සන්නිවේදනයen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Thumbnail Image
Name:
Yugathara 1.pdf
Size:
242.61 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description: