Journals

Permanent URI for this communityhttp://repository.kln.ac.lk/handle/123456789/5519

Browse

Search Results

Now showing 1 - 10 of 288
  • Item
    ගාලූ මෝදර අවකාශයන්හි ස්ථාපිත ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක ආලේඛ්‍ය ස්මාරක මූර්ති පිළිබඳ අධ්‍යනයක්
    (Center for Heritage Studies, University of Kelaniya Sri Lanka, 2022) ධර්මශ්‍රී, සි.පී.
    ශ්‍රී ලාංකේය කලාව ගොඩනැගිමේදී දේශපාලනික මැදිහත් විම අතීතයේ සිට ප්‍රබලව දක්නට ඇත. ලාංකේය දෘශ්‍ය කලාව බෞද්ධ ආරාම කේන්ද්‍ර කොට ගෙන රාජ්‍ය අනුග්‍රහය මත බිහිවිය. අනුරාධපුර රාජධානියේ සිට මහනුවර රාජධානිය දක්වා බෞද්ධ ආරාම කේන්ද්‍ර කොට ගොඩනැගුණු දේශපාලනික ආලේඛ්‍ය මුර්ති කලාව වර්ෂ 1818 දී යටත්විජීතයක් බවට පත්විමෙන් පසුව එම මුර්ති කලාව කැපී පෙනෙන විචල්‍යයතාවයක් දක්නට ලැබේ. එම දේශපාලන ආලේඛ්‍ය මූර්ති අතර වඩාත් කැපීපෙන, සමාජ හා දේශපාලන අරමුණ සහිත මෙන්ම පුරාවිද්‍යාත්මක උරුම වටිනාකමක් සහිත ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මූර්තිය, අධ්‍යයන විෂය පථය ලෙස හැඳින්විය හැක. මෙම පර්යේෂණ පත්‍රිකාවේ දී එම ස්මාරක මූර්තිය බිහි වූ අවධියේ දේශපාලන විචල්‍යතාවයන් සහ බලපෑ සමාජ දේශපාලන උත්ප්‍රේරණයන්ගේ මැදිහත්වීම කොතෙක් දුරට මූර්තිය ගොඩනැගීමට බලපෑම කළ ආකාරය සොයා බැලීම සිදු කෙරේ. එම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් දේශපාලන ආලේඛ්‍ය මූර්තිය වර්තමානයේදී නාගරික අවකාශය ප්‍රසාරණය වීම, නව ඉදිකිරීම් සහ මූර්තිය ස්ථාපිත භූමි දර්ශනය සමඟ මූර්තියේ අර්ථකථනය ප්‍රති අර්ථ කථනය බිහිවීම පිළිබඳව ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙයිග
  • Item
    පාඬිග්ගම වන්නි වැදි ගම්මානය ආශ්‍රිතව පවතින අස්පර්ශිත සංස්කෘතික උරුමයන් සහ ඒවායෙහි වර්තමාන සහ අනාගත පැවැත්ම පිළිබඳ විමර්ශනයක්
    (Center for Heritage Studies, University of Kelaniya Sri Lanka, 2022) පුෂ්පකුමාර, ආර්.ඩී.ඩී.
    අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 54 හිරල්ලුගම ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පිහිටි පාඬිග්ගම ගම්මානය අංශ කිහිපයකින් වැදගත්කම් උසුලන ගම්මානයකිග දිවයිනේ වාසය කරන වැදි ජන ප්‍රභේද අතරින් වන්නි වැදි ලෙස ව්‍යවහාර කරන පිරිස මෙම ගම්මානයේ වාසය කරතිග ස්පර්ෂිත උරුමයන් මෙන්ම අස්පර්ෂිත උරුමයන්ගෙන් ද සමන්විත පාඬිග්ගම ගම්මානයේ සංස්කෘතික වටිනාකම් නිවැරදිව අර්ථකථනය කර ගැනීම වැදගත් වේග ඒ අනුව මෙම පර්යේෂණයේ අරමුණ වන්නේල පාඬිග්ගම ගම්මානයේ පවතින අස්පර්ෂිත සංස්කෘතික උරුමය අධ්‍යයනය කිරීම සහ එහි වර්තමාන සහ අනාගත පැවැත්ම පිළිබඳ සාකච්ඡා කිරීමයිග වර්තමානයේ පවතින අභියෝගවලින් අස්පර්ෂිත උරුමය ආරක්ෂා කොට ඒවා අනාගතය සඳහා සුරක්ෂිත කිරීම පර්යේෂණයේ අවශේෂ අරමුණකිග වන්නි වැදි ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාවය අර්ථකථනය කරගැනීමේ දී පාඬිග්ගම අස්පර්ෂිත උරුමය කොතෙක් දුරට ඉවහල් වන්නේ දරෑ යන්න පර්යේෂණයේ ගැටලුවයිග පර්යේෂණ ක්‍රමවේදයේ දී ප්‍රථමයෙන් වන්නි වැදි ජනතාව පිළිබඳ ලියැවී ඇති ප්‍රාථමික සහ ද්වීතියික සාහිත්‍ය මූලාශ්‍රය හැදෑරීම සිදු වියග අනතුරුව අස්පර්ෂිත උරුමයන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්ති සහ මූලාශ්‍රය පරිශීලනය කෙරිණිග සාහිත්‍ය විමර්ශනයෙන් පසුව ක්ෂේත්‍ර ගවේෂණය සිදු වූ අතර එහිදී පාඬිග්ගම ගම්මානයේ ක්ෂේත්‍ර ගවේෂණය කරන ලදීග ක්ෂේත්‍ර ගවේෂණයේ දී ඡායාරූපකරණයල දර්ශන පටිගත කිරීමල සම්මුඛ සාකච්ඡා සහ සහභාගීත්ව නිරීක්ෂණය :ඡ්රඑසජසච්බඑ ධඉිැරඩ්එසදබ* ආදී ක්‍රම කිහිපයක් යොදා ගැනීමට සිදු වියග මේ අතරින් ප්‍රාථමික ජන කොට්ඨාස පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී සහභාගීත්ව නිරීක්ෂණයට සුවිශේෂී ස්ථානයක් හිමි වේග ඇදහිලි විශ්වාසල ශාන්තිකර්මල භාෂාව සහ ජනශ්‍රැති වැනි ක්ෂේත්‍ර ආශ්‍රිත ව පවතින අස්පර්ෂිත උරුමය අධ්‍යයනය කිරීමේ දී සහභාගීත්ව නිරීක්ෂණය වැදගත් වේග පාඬිග්ගම ඇදහිලි විශ්වාසවලල දිවයිනේ මහා වැදි සම්ප්‍රදායේ ලක්ෂණල වන්නි වැදි ජනතාවගේ ලක්ෂණ සහ නුවර කලාවියේ ලක්ෂණ ද අන්තර්ගත වී ඇතග දෙවියන් මායම් වීමල පිදේනි ශාන්තියල වැද්දා කන්දට දානය දීම වැනි ඇදහිලි විශ්වාස සහ ජනශ්‍රැතිල භාෂාව වැනි අස්පර්ෂිත උරුමයන් විශාල ප්‍රමාණයක් පාඬිග්ගම ගම්මානයේ පවතීග මෙම අස්පර්ෂිත උරුමයන්හි වර්තමාන සහ අනාගත පැවැත්ම පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබේග එබැවින් පාඬිග්ගම අස්පර්ෂිත උරුමය විධිමත්ව අර්ථකථනය කොට එහි වර්තමාන සහ අනාගත පැවැත්ම තහවුරු කිරීම වැදගත් වේග
  • Item
    ශ්‍රී ලංකාවේ ස්වභාවික උරුම කළමනාකරණය තුළ වනාන්තර සංරක්ෂණය කිරීමේ වත්මන් නෛතික යාන්ත්‍රණයේ කාර්යභාරය
    (Center for Heritage Studies, University of Kelaniya Sri Lanka, 2022) රෝසා, එස්. ආර්. එල්.
    ඉන්දියානු සාගරයේ පිහිටි භූමි ප්‍රමාණය අතින් කුඩා දිවයිනක් වුවද විවිධ දේශගුණික, කාලගුණික, භූවිද්‍යාත්මක සාධකයන් පදනම්ව ස්වභාවිකව නිර්මාණය වී ඇති වනාන්තර පද්ධති රැසක් ශ්‍රී ලංකාවේ ස්වභාවික උරුමයන් අතර හඳුනාගත හැක. වර්තමානයේ ස්වභාවික උරුමයන්ගේ විනාශයට මානව ක්‍රියාකාරකම් ප්‍රධානත ම හේතුවක් වන බැවින් ස්වභාවික උරුමයන්ට තර්ජනයක් වන මානව ක්‍රියාකාරකම් පාලනය කිරීමට ශක්තිමත් නීතියක පැවැත්ම අත්‍යවශ්‍ය සාධකයකි. මෙරට නීතිය පිළිබඳ අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ වනාන්තර ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් නෛතික යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ ද යන්න මෙහි පර්යේෂණ ගැටලුව වන අතර ඒ ඔස්සේ වනාන්තර ආරක්ෂා කිරීමේ දී මෙරට නීතියේ පවතින දුර්වලතාවයන් හඳුනාගනිමින් අනාගත නීති සංශෝධනයන් සිදු කිරීමේ දී අවධානය යොමු කළ යුතු තත්වයන් පිබඳව නිර්ණායකයන් හඳුනාගැනීම මෙම පර්යේෂණයේ මූලික අරමුණයි. මෙහිදී නීතිය පිළිබඳ මූලාශ්‍ර වශයෙන් ව්‍යවස්ථා, නඩු තීන්දු, අන්තර්ජාතික සම්මුතීන් ආදිය අධ්‍යයනය කරමින් සමාජ විද්‍යා පර්යේෂණයන් හි දී යොදාගනු ලබන දත්ත රැස් කිරීමේ ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය භාවිත කර ඇත. බි්‍රතාන්‍ය පාලන සමයේ සම්පාදනය කරන ලද 1907 අංක 16 දරණ කැළෑ ආඥා පනත ප්‍රමුඛව 1937 අංක 02 දරණ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත, 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත, 1988 අංක 03 දරණ ජාතික උරුම වන භූමි පනත, ආදී වශයෙන් වන සංරක්ෂණය සඳහා ඍජු හා වක්‍ර වශයෙන් දායක කර ගත හැකි ව්‍යවස්ථා ගණනාවක් මෙරට නීති පද්ධතිය තුළ හඳුනාගත හැක. අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති, ජනගහණ වර්ධනය, ජනාවාසකරණය, නාගරීකරණය, වගා කටයුතු හේතුවෙන් වනභූමි විනාශ වීම දිනෙන් දින ඉහළ යන අතර එහි අනාගත අවධානම පිළිබඳ සැළකිය යුතු අවධානයක් යොමු කරන බවක් නොපෙනේ. පවත්නා නීතිය වුවද ක්‍රියාත්මකවීමේ දී අක්‍රමිකතා හඳුනාගත හැක. එබැවින් වන සංරක්ෂණ නීති ව්‍යවස්ථා සඳහා වරින් වර සංශෝධනයන් සිදු වුවද වර්තමාන තරඟකාරී ලෝකය තුළ සීඝ්‍ර සංවර්ධන ඉලක්කයන් කරා ගමන් කිරීමේදී තිරසර සංවර්ධනය පෙරදැරිව ස්වභාවික වනභූමි සඳහා වන හානිය අවම කිරීමට නව නීති සම්පාදනය කිරීමත්, ජාත්‍යන්තර නීති තත්වයන් හා මාර්ගෝපදේශ අනුගමනය කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැනි ප්‍රබල නීතියක හා ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවන් ආදිය කෙරෙහි අවධානය යොමු කරමින් මෙරට නෛතික යාන්ත්‍රණය සවිබල ගැන්විය යුතුය.
  • Item
    මොරටුව ශුද්ධ වූ එම්මානුවෙල් පල්ලියේ ඔරලෝසු කණුව ආශ්‍රිතව කාර්මික පුරාවිද්‍යා උරුමය විමසීම
    (Center for Heritage Studies, University of Kelaniya Sri Lanka, 2022) අමරසිංහ, ඒ.එල්.බී.එම්.
    කාර්මික පුරාවිද්‍යාව විෂයක් වශයෙන් පුරාවිද්‍යාවට සම්බන්ධ වන්නේ ක්‍රි.ව 1950න් පසුව ය. කෙසේ නමුත් නූතන තාක්ෂණික ප්‍රවර්ධනයන්ගේ මුල් කාලීන කාර්මික අවශේෂ අධ්‍යයනය කරනු ලබන විෂයක් වන මෙහිදී වසර 50ක් තරම් පමණ පැරණිවන වස්තූන් කාර්මික පුරාවස්තුවක් ලෙස නම් කර ඇත. ප්‍රවාහන පුරාවිද්‍යාව, සන්නිවේදන පුරාවිද්‍යාව, සිවිල් ඉංජිනේරු විද්‍යාව, යාන්ත්‍රික පුරාවිද්‍යාව, වාස්තු විද්‍යාව ආදී ක්ෂේත්‍ර ඔස්සේ කාර්මික පුරාවිද්‍යා විෂය පථය විහිදී ඇත. ඒ අනුව ඔරලෝසු කණු ද කාර්මික උරුමයක් ලෙස වැදගත් වේ. මෙහිදී වසර 160ක පමණ ඉතිහාසයකට උරුමකම් කියන මොරටුව ශුද්ධ වූ එම්මානුවෙල් පල්ලියේ කාර්මික උරුමය වන ඔරලෝසු කණුව වෙත අවධානය යොමු කොට ඇත. මෙම පර්යේෂණයේ අරමුණ වූයේ ඔරලෝසු කණුවේ කාර්මික අගය හඳුනාගැනීමයි. ඒ අනුව එම්මානුවෙල් පල්ලියේ ඔරලෝසු කණුවෙහි කාර්මික අගයක් ඇත්ද? යන්න මූලික ගැටලුව බවට පත් විය. මෙම පර්යේෂණය සඳහා මූලික වශයෙන් පුස්තකාල ගවේෂණය, ක්ෂේත්‍ර ගවේෂණය, සම්මුඛ සාකච්ඡා යන ක්‍රමවේදයන් භාවිතයට ගැනුණි. ස්වංක්‍රීයව නාදවන සීනූ 03ක් හා අතින් ඇද නාද කරන සීනුවකින් සමන්විත මෙම ඔරලෝසුව බි්‍රතාන්‍ය සමාගමක අගනා නිමයුමකි. පල්ලියේ ම කොටසක්ව පවතින මෙම ඔරලෝසු කණුව නිතර ම නඩත්තු කිරීමට ලක්වන අතර ඉතා හොඳ තත්ත්වයකින් යුක්තව වර්තමානය දක්වා පැවත එන අතර අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස එම්මානුවෙල් පල්ලියේ ඔරලෝසු කණුව අගනා කාර්මික උරුමයක් බව හඳුනාගැනීමට හැකි විය.
  • Item
    ශ්‍රී ලංකාවේ ආදිවාසී ජන අස්පර්ශිත උරුමය පිළිබඳ අධ්‍යයනයක්
    (Center for Heritage Studies, University of Kelaniya Sri Lanka, 2022) නාරද හිමි, දෝතලුඔය
    ව්‍යවහාරික, ප්‍රාසාංගික හා ලේඛනගත කලාවන් ද පාරම්පරික දේශීය දැනුම් සම්භාරය පොදුවේ අස්පර්ශිත උරුමය ලෙස ගත හැක. එකී අස්පර්ශිත උරුමයෙන් පෝෂණය වූ ජන කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාවේ ජීවත්වන ආදිවාසීන් (වැද්දන්) පෙන්වාදිය හැකිය. මෙම පර්යේෂණයේ අරමුණ වූයේ ආදීවාසීන්ගේ අස්පර්ශිත උරුමය පිළිබඳ අධ්‍යයනය කොට එහි විවිධතා හඳුනාගැනීමයි. වැදි ජනතාවගේ අස්පර්ශිත උරුමයේ විවිධතා කවරේ ද? ඒ හා බැඳුන වැදි ජන ජිවිතය කෙබඳු ද? යන්න අධ්‍යයනය කිරීම මෙහි පර්යේෂණ ගැටළුව විය. පර්යේෂණය සාර්ථක කරගැනීම සඳහා සාහිත්‍යය මූලාශ්‍ර අධ්‍යයනය පර්යේෂණ ක්‍රමවේදය ලෙස යොදාගන්නා ලදීග මෙම පර්යේෂණ ක්‍රමවේදය ඔස්සේ විමර්ශනය කොට ලාංකික ආදිවාසී ජනතාවට ආවේණික වූ අස්පර්ශිත උරුමයේ විවිධතා පිළිබඳ කරුණු අනාවරණය කරගැනීමට හැකිවිය. විශේෂයෙන් ආදිවාසීනට අනිකුත් ජන කොට්ඨාසයන්ගෙන් වෙන් වූ සංස්කෘතියක් ඇත. එම සංස්කෘතියට අයත් වූ සංස්කෘතික අංගයන් සහ ප්‍රවේණිගතව පැවත එන ව්‍යවහාර භාෂාව, ජනශ්‍රැති, යාතුකර්ම විධි, ඇදහිලි හා විශ්වාස, සාම්ප්‍රදායික තාක්ෂණය, ජීවන රටාව හා බැඳුන ආහාර කල්තබා ගැනීම් ක්‍රම, ආහාර වර්ග, අභිචාර විධි, දඩයම් ක්‍රම, කෙම් ක්‍රම, හා සිරිත්විරිත්, නිතිරීති එනම් තහංචි, වෛද්‍ය ප්‍රථිකාර ක්‍රම යනාදිය පිළිබඳව අධ්‍යයනය කිරීමට හැකිවිය. මෙම අස්පර්ශිත උරුමයන් අනිකුත් ජන සමාජවලින් වෙනස් වූවකි. වර්තමානය වන විට වැදි ජනතාව තුළින් ද මෙම උරුමය වියැකී යන තත්වයක් ද දක්නට ලැබේ.
  • Item
    කාලය හා අවකාශය තුළ මහනුවර නගරයේ ආරම්භය හා එහි විකාශනය පිළිබඳව ඵෙතිහාසික හා පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්
    (Center for Heritage Studies, University of Kelaniya Sri Lanka, 2022) ප්‍රසන්න, එස්.ඒ.
    වර්ෂ 1988 දී යුනෙස්කෝ (UNESCO) ලෝක උරුම සම්මුතිය මඟින් සංස්කෘතික ලෝක උරුමයක් ලෙසින් ප්‍රකාශයට පත්කරන ලද සෙංකඩගල නුවර නොහොත් මහනුවර නගරයේ ඉතිහාසය පිළිබඳව විමසීමේ දී පෙනීයන්නේ එය ඉතා දීර්ඝ කාලයක සිට ක්‍රමයෙන් වර්ධනය වී ඇති බවයි. මෙම නගරයේ ආරම්භය පිළිබඳව විවිධ ආකාරයේ ජනප්‍රවාද රාශියක් ඇතිමුත් විද්වතුන් තුළ මේ කරුණු අරභයා පොදු එකඟතාවයක් ඇති බවක් නොපෙනේ. ඒ අනුව දැනට ඇති ඵෙතිහාසික කරුණු, ජනප්‍රවාද, සිතියම් හා පිඹුරු, එමෙන් ම ඉතිරිව ඇති පුරාවිද්‍යාත්මක ස්මාරක ආදිය කෙරෙහි අවධානය යොමු කරමින් මහනුවර නගරයේ බිහිවීම හා එහි විකාශනය පිළිබඳව ප්‍රමාණාත්මක අධ්‍යනයක් සිදුකිරීම මෙහි මූලික අරමුණයි. ඒ අනුව කාලය හා අවකාශය තුළ මහනුවර නගරයේ වර්ධනය කෙසේ සිදුවී ද? යන්න මෙහි මූලික පර්යේෂණ ගැට`ඵව ලෙසින් දැක්විය හැකිය. එසේම මෙහි පර්යේෂණ ක්‍රමවේදය පශ්චාත් ප්‍රත්‍යක්ෂ මූලවාදී විධි ක්‍රම අනුව සිදුකෙරී ඇති අතර එහි දී ගුණාත්මක දත්ත කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන ලදීග ඒ අනුව දත්ත රැස්කිරීම සඳහා ක්‍ෂේත්‍ර අධ්‍යයනය, සම්මුඛ සාකච්ඡා හා පුස්තකාල අධ්‍යයනයන් මූලික වශයෙන් සිදුකරන ලදීග ප්‍රාග් ඵෙතිහාසික යුගයේ සිට ජනාවාස ලෙසින් පැවති මෙම භූ කලාපය ගම්පොළ රාජධානි සමයේ දී නගරයක් ලෙසින් ක්‍රමයෙන් වර්ධනය හා විකාශනය වීම සිදුව ඇත. එහි දී රජු හා දෙවියන් මූලික වුණු සැලසුමක් අනුව සිදුවී ඇති බව හඳුනාගත හැකිය. මහනුවර රාජධානී සමයේ දී එහි අග නගරය ලෙසින් මෙහි උපරිම අවස්ථාවට පත්වී ඇති අතර නගර සංවර්ධනයේ දී එහි ආරක්ෂාව කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වා ඇති බව හඳුනාගත හැකිය. නමුත් විවිධ අවස්ථාවන්හි දී මෙම නගරය දෙස් විදෙස් ආක්‍රමණිකයන් විසින් විනාශකර ඇති අතර එම කාලයන් තුළ එහි පාලකයින් විසින් යළි ගොඩනැඟීම ද මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයක් ලෙසින් පෙන්වාදිය හැකිය. එසේ ම බි්‍රතාන්‍යන් විසින් මහනුවර බලය අල්ලාගෙන සිටි කාලයේ පැවති ඵෙතිහාසික භූ දර්ශනය වර්තමානය වන විට සැලකිය යුතු මට්ටමකින් ආරක්ෂා වී ඇති ආකාරය ද මේ තුලින් හඳුනාගත හැකිය.
  • Item
    ගන්නෝරුව කෘෂි කෞතුකාගාරය තුළ ප්‍රදර්ශිත කෞතුක වස්තු සම්බන්ධයෙන් අනුගමනය කර ඇති ‘ඉදිරිපත් කිරීම හා අර්ථකථන’ ක්‍රියාමාර්ග පිළිබඳ ස්වාධීන අධ්‍යයනයක්
    (Center for Heritage Studies, University of Kelaniya Sri Lanka, 2022) තිලකරත්න, යූ.ඩී.ආර්. ෂෙහාන්
    කිසියම් රටක ජීවත්වන ජනතාවගේ ආරම්භය හෝ මුල් පදිංචියේ සිට මෑත කාලය දක්වා සිදුව ඇති වෙනස්වීම් සමුදාය ප්‍රදර්ශිත කැඩපතක් වශයෙන් කෞතුකාගාර හඳුනාගත හැකිය. පෞරාණික භාණ්ඩ එක්රැස් කිරීම, සංරක්ෂණය, ප්‍රදර්ශනය කිරීම, ආරක්ෂා කිරීම වැනි වැදගත් කාර්යයන් රැසක් කෞතුකාගාරයකින් සිදුවේ. කෞතුකාගාරයක් සතු භාණ්ඩ ප්‍රදර්ශනය කිරීමේ දී ‘අර්ථකථනය කිරීම හා ඉදිරිපත් කිරීම’ යන සංකල්පය තීරණාත්මකව වැදගත් වේ. මන්ද කෞතුකාගාරයට ලැබෙන ජන ප්‍රසාදය තීරණය කිරීම කෙරෙහි ඒ සම්බන්ධයෙන් අනුගමනය කර තිබෙන ක්‍රියාමාර්ග ඍජුව ම බලපාන බැවිනි. උරුමය අර්ථකථනය හා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු උපායමාර්ග පිළිබඳව 2008 ෂඣඵධී ප්‍රඥප්තිය මඟින් ද ෆ්‍රීමන් ටිල්ඩන්, තිමෝති ඇම්බෲස් වැනි අය විසින් ද කරුණු ඉදිරිපත් කර ඇත. ඒවා අවධානයට ගනිමින් ගන්නෝරුව කෘෂි කෞතුකාගාරයේ කෞතුක වස්තු ‘අර්ථකථනය කිරීම හා ඉදිරිපත් කිරීම’ සම්බන්ධයෙන් අනුගමනය කර තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව ස්වාධීන නිරීක්ෂණයක් සිදුකිරීම මෙහි අරමුණ විය. ගන්නෝරුව කෘෂි කෞතුකාගාරය තුළ කෘෂි උරුමය ‘අර්ථකථනය කිරීම හා ඉදිරිපත් කිරීම’ සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේද හා උපායමාර්ග අනුගමනය කර තිබේ ද? යන්න මෙහි අධ්‍යයන ගැටලුව විය. අධ්‍යයන ක්‍රමවේදය වශයෙන් පුස්තකාල අධ්‍යයනය සහ ක්ෂේත්‍ර අධ්‍යයනය යන ක්‍රමවේද භාවිත කළ අතර වගු, රුක් සටහන් සහ ඡායාරූප භාවිතයෙන් තොරතුරු වර්ගීකරණය කොට විශ්ලේෂණාත්මක හා සංසන්දනාත්මක අධ්‍යයනය මඟින් අර්ථකථනයන් සිදුකෙරිණි. ‘අර්ථකථනය කිරීම හා ඉදිරිපත් කිරීම’ සම්බන්ධයෙන් ෂඣඵධී ප්‍රඥප්තිය තුළ දැක්වෙන මූලධර්මවලට මෙන් ම ෆ්‍රීමන් ටිල්ඩන්, තිමෝති ඇම්බෲස් ඉදිරිපත් කර තිබෙන උපායමාර්ගවලට ද අවධානය යොමුකරමින් ගන්නෝරුව කෘෂි කෞතුකාගාරය තුළ කෞතුක වස්තු නරඹන්නන්ට අර්ථකථනය කොට ඉදිරිපක් කොට තිබේ. එය ප්‍රශස්ත ආකාරයෙන් සිදුකර තිබෙන බවට නිරීක්ෂණය විය. කොළඹ ජාතික කෞතුකාගාරයේ අංක 15 මැදිරිය සමඟ සැසඳීමේ දී තිමෝති ඇම්බෲස් දක්වන ගතික ඉදිරිපත් කිරීමේ හා අර්ථකථනය කිරීමේ ක්‍රමවේද මේ තුළ අනුගමනය කර නොතිබීම දුර්වලතාවක් ලෙස හඳුනාගත හැකි වූ අතර මෙම කෞතුකාගාරයේ ඉදිරි සාර්ථකත්වය උදෙසා එම ගතික උපායමාර්ගික ක්‍රමවේද අනුගමනය කිරීම වැදගත් බවට පෙන්වාදිය හැකිය.
  • Item
    කොටියාගල, වත්තේගම පුරාණ රජමහා විහාරයේ අස්පර්ශිත සිතුවම් කලාව පිළිබඳ අධ්‍යයනයක්
    (Center for Heritage Studies, University of Kelaniya Sri Lanka, 2022) සෙනරත්, ජේ.එම්.ඩී.ඒ.කේ.; සෙනරත්, ජේ.එම්.අයි.කේ.
    බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි අවධිය දක්වා විහිදෙන්නා වූ විහාර ආරාම නිර්මාණයේ ආරම්භය විවිධ යුග පරාසයන් රැසක් පසුකරමින් වර්තමානය දක්වා විකාශනය වී ඇත. අනුරාධපුර රාජධානිය පිහිටුවීමටත් පෙර සිට ලංකාවේ ජනයා ආගමික කටයුතුවල නිරන්තරයෙන් නියුතු වී සිටි බවට බොහෝ සාධක සෙල්ලිපි ආශ්‍රයෙන් හමුවී ඇත. මේ සමඟ ම නිර්මාණය වූ විහාර සංකල්පය හා ඒ ආශ්‍රිත අවශේෂ කලා නිර්මාණ කෘති ඉතා සුවිශේෂි ස්ථානයක් හොබවනු ලැබේ. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කරවීම නිසා දියුණුවට පත් අංශයක් ලෙසට ගෘහ නිර්මාණ හා චිත්‍ර කලාව හැඳින්වීම හැකිය. මෙලෙස නිර්මාණය වූ ගෘහ නිර්මාණ හා චිත්‍ර විවිධ යුග පසු කරමින් විවිධ ප්‍රතිසංස්කරණයන්ට මෙන්ම විවිධ සතුරු උපද්‍රවයන්ට නතු වෙමින් මේ දක්වා විකාශනය වී තිබීම හඳුනාගත හැකිය. මෙම ලිපියෙහි මුඛ්‍ය අරමුණ වන්නේ කොටියාගල, වත්තේගම පුරාණ රජමහා විහාරයේ හඳුනාගත හැකි අස්පර්ෂිත උරුම පිළිබඳ අධ්‍යයනයක් සිදුකිරීමයි. මෙහි පර්යේෂණ ක්‍රමවේදය වශයෙන් සාහිත්‍ය මුලාශ්‍ර හා පුරාවිද්‍යාත්මක මුලාශ්‍ර භාවිතය මෙන්ම මානව විද්‍යාත්මක මූලාශ්‍ර භාවිත කරනු ලැබේ. විහාර ආශ්‍රිතව නිර්මාණය වූ ගෘහ නිර්මාණ හා චිත්‍ර කලාව මඟින් පිළිබිඹු කරන ශ්‍රී ලාංකීය ජනයාගේ අන්‍යතාවය අනාගතය උදෙසා රැකගැනීමේ අවශ්‍යතාවය හඳුනාගත හැකිය. වර්තමානයේ බෙහෙවින් කැපීපෙනෙන සදකඩපහණ, මුරගල, මකර තොරණ, පනේල චිත්‍ර, පිළිම නෙළීමේ කලාව විවිධ ආකාරයෙන් විකාශනය වී තිබේ. බුදු දහම පොදු ජනතාව අතරට රැගෙන යාම පිණිස උපයෝගී කරගත් මෙම කලා නිර්මාණ බුද්ධ චරිතය, බෝසත් චරිත කථා මෙන්ම ශාසන ඉතිහාසය යන අංශ පිළිබඳව පු`ඵල් අවබෝධයක් පහසුවෙන් ම ලබා දීමට යොදාගෙන ඇත. කලා රසය මෙන්ම ඉපැරණි කලා නිර්මාණ ශිල්පියා සතු දක්‍ෂතාවය පිළිබිඔු වන්නා වූ සංස්කෘතික අංශ ආරක්‍ෂා කිරීමත් එම නිර්මාණ අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීමත් ලෝක ප්‍රජාවන්ගේ වගකීමක් මෙන්ම යුතුකමක් වේ.
  • Item
    ස්වභාවික උරුමයක් වන කන්නෙලිය වැසි වනාන්තරය හා බැදුණු ග්‍රාමීය ජීවනෝපාය
    (Center for Heritage Studies, University of Kelaniya Sri Lanka, 2022) මිහිරිණි, එච්.එල්.අයි.
    මෙම ශාස්ත්‍රිය ලිපිය මඟින් අවධානය යොමු කරනු ලබන්නේ ස්වභාවික උරුමයක් වන කන්නෙලිය වැසි වනාන්තරය හා බැඳුණු ග්‍රාමීය ජීවනෝපාය පිළිබඳවයි. කන්නෙලිය වන රක්ෂිතය ශ්‍රී ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි පහත් බිම් නිවර්තන වැසි වනාන්තරයකි. සිංහරාජ ලෝක උරුම වැසි වනාන්තරයට සාපේක්ෂව කන්නෙලිය ශාක විවිධත්වයෙන් පොහොසත් ම වනාන්තරය ලෙස සැලකේ. ලංකා ප්ලයිවුඩ් සංස්ථාව (Ceylon Plywood Corporation) වර්ෂ 1968 සිට වර්ෂ 1988 දී දැව කැපීම අත්හිටුවන තෙක් මෙම සංකීර්ණයේ දැව කැපීමේ කටයුතුවල නිරත වී ඇත. නමුත් ස්වභාවික සම්පතක් වශයෙන් කන්නෙලිය වැසි වනාන්තරය ග්‍රාමීය ජීවනෝපාය තර කර ගැනීම සඳහා ගම්මුන් තවමත් උපයෝජනය කර ගනී. ඒ අනුව මෙහි පර්යේෂණ ගැටළුව ලෙස කන්නෙලිය වැසි වනාන්තරය හා බැඳුණු ග්‍රාමීය ජීවනෝපායන් මොනවාද යන්න හැඳින්විය හැකි ය. මෙම අධ්‍යයනයේ මූලික අරමුණ වන්නේ ග්‍රාමීය ජීවනෝපායන් හඳුනාගැනීම වේ. පර්යේෂණ ගැටළුවට අදාළව ප්‍රාථමික හා ද්විතියික දත්ත අධ්‍යනය තුළ රැස්කර ඇති අතර ලබාගන්නා ලද ගුණාත්මක දත්ත තේමා විශ්ලේෂණය ඇසුරින් විශ්ලේෂණය කර ඇත. අධ්‍යයනය තුළ ලබාගන්නා ලද ප්‍රාථමික දත්ත උද්ගාමී තර්කන ප්‍රවේශය යටතේ මිශ්‍ර ක්‍රමවේදය භාවිතා කරමින් විශ්ලේෂණය කර ඇති අතර එහි ප්‍රතිඵල වගු හා ප්‍රස්ථාර මඟින් ඉදිරිපත් කර ඇත. ප්‍රතිඵල හා සාකච්ඡාව තුළ කන්නෙලිය වැසි වනාන්තරයට ප්‍රතිවිරුද්ධ පැති දෙකක පිහිටා තිබෙන නාකියාදෙණිය හා දෙදියගල ගම්මාන අවට ගම්වාසීන්ගේ මානව හා කෘෂි ආර්ථික කටයුතු වනාන්තරය සමඟ දක්වන අන්තර් සම්බන්ධතාවයන් විශ්ලේෂණය කර විග්‍රහ කර ඇති අතර පර්යේෂණය තුළ හේන් ගොවිතැන, වී වගාව, වන ද්‍රව්‍ය රැස්කිරීම හා කිතුල් කර්මාන්තය, රබර් කිරි කැපීම, කුරුඳු කැපීම, ගම්මිරිස් වගාව, තේ ගස් සිටුවීම, කන්නෙලිය ආශ්‍රිත සංචාරක කර්මාන්තය සහ සංචාරක මාර්ගෝපදේශ රැකියාව ග්‍රාමීය ජීවනෝපායන් වශයෙන් හදුනාගෙන ඇත.
  • Item
    සීගිරි කුරුටු ගීවලින් නිරූපිත සන්නිවේදනය
    (Center for Heritage Studies, University of Kelaniya Sri Lanka, 2022) බණ්ඩාර, පී.බී.ඒ.එන්.ඩබ්ලිව්.
    ලක්දිව රජ කළ කාශ්‍යප රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ පස්වන සියවස අග භාගයේ සීගිරිය නම් අපූර්ව නිර්මාණය කළ බව වංසකථා සනාථ කරයි. සීගිරියේ කැටපත් පවුරේ පද බැඳුණු ගීත කාව්‍ය අපේ අතීත උරුමයේ විශිෂ්ටත්වය මනාව පෙන්වා දෙයි. එමෙන්ම සීගිරිය තරම් ඉපැරණි ගී සම්භාරයක් ඇතුළත් කැටපත් පවුරක් ලෝකයේ වෙනත් කිසිම රටකින් තවමත් සොයාගෙන නොමැත. සීගිරිය නැරඹීමට දසතින් ජනී ජනයා පැමිණ තිබේ. සීගිරි සිතුවම්, සිංහ කෙවෙනිය සහ රජ මාළිගය ආදිය දුටු සීගිරි නැරඹුවෝ ස්වකීය හද සන්තානයට නැඟුණ දේ පද්‍යයට නඟා ඒ අසල වූ කැටපත් පවුරේ ලියූහ. සීගිරි කැටපත් පවුරේ ඇති කුරුටු ගී සිංහල ගීත සාහිත්‍යයෙන් ශේෂ වූ පැරණිතම සාධක ලෙස ද සැලකේ. මෙම අධ්‍යයනයේ ගැටළුව වූයේ සීගිරි ගීතවලින් නිරූපණය වන්නේ කුමක් ද යන්න අධ්‍යයනය කිරීමයි. සීගිරිකාමීන් කැටපත් පවුරේ කුරුටු ගෑ ගී තුළින් එකල සමාජය මනාව නිරූපණය වන්නේදැයි සොයා බැලීම මෙම අධ්‍යයනයේ අරමුණ වේ. මේ සඳහා ප්‍රකාශයට පත් වී ඇති මහාචාර්ය පරණවිතානගේ සීගිරි කුරුටු ගී ප්‍රමුඛ කරගත් ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් අවශ්‍ය දත්ත ලබාගෙන තිබේ. සීගිරි ගී තුළින් එකල සමාජය කැඩපතක් සේ විනිවිද පෙන්වන බව අවසන පැහැදිලි වෙයි.