පුද්ගල පෞරුෂය වර්ධනය කෙරෙහි ප්‍රාථමික සමාජානුයෝජනය තුළින් සිදුවන බලපෑම

dc.contributor.authorSandamali, M.A.M.
dc.date.accessioned2021-05-20T10:20:46Z
dc.date.available2021-05-20T10:20:46Z
dc.date.issued2019
dc.description.abstractඕනෑම සමාජයක විධිමත් සැකැස්ම පවුල මගින් නිරූපණය කරයි. සමාජය තුළ පවතින සංස්ථා ලෙස පවුල් සංස්ථාව, අධ්‍යාපන සංස්ථාව, ආර්ථික සංස්ථාව, දේශපාලන සංස්ථාව, ආගම, නීතිය යන සංස්ථා එකිනෙකට සම්බන්ධ වන අතර එක් සංස්ථාවක් බිඳ වැටීම අනෙකුත් සංස්ථා කෙරෙහි විවිධ ලෙස බලපානු ලබයි. ඒ අනුව ශ්‍රි ලාංකේය සමාජය තුළ පවුලේ කාර්යභාරය හඳුනා ගැනීමට මෙම අධ්‍යයනය ඉතා වැදගත් වී ඇත. පුද්ගලයෙකු සතුව ඇති “මා”, “මාගේ”, “තමා”, යන හැගිම් ගොඩනැගිමට සමාජානුයෝජනය අවශ්‍ය වේ. මෙම පර්යේෂණයේ මූලික පරමාර්ථය වූයේ ප්‍රාථමික සමාජානුයෝජන ක්‍රියාවලිය තුළින් පුද්ගල පෞරුෂය ඉහළ නැංවිමත්, ඒ තුළින් සමාජ ප්‍රගමනයට සිය`ඵ දෙනා දායක කර ගන්නේ කෙසේ දැයි හඳුනා ගැනීමත් ය. එහි දී ප්‍රධාන අරමුණු ලෙස, පෞරුෂ වර්ධනයට කුඩා කළ සිට නිසි සමාජානුයෝජනයක් අවශ්‍ය බව පෙන්වා දීම, පවුල තුළින් සිදුවන අපගාමී චර්යාවන් සමාජයට ඇති කරන බලපෑම අධ්‍යයනය කිරිම, පවුල් සංස්ථාවේ විවිධ බලපෑම් තුළින් පුද්ගල පෞරුෂයට ඇතිවන බලපෑම අධ්‍යයනය කිරිම සහ සමාජ වෙනස් වීමට සාපේක්‍ෂව පුද්ගලයාගේ කාර්යභාරය වෙනස් වී දැයි අධ්‍යයනය කිරිමය. මෙම අධ්‍යයනය සඳහා මුලටියන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාකඳුර-- නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම යොදා නු ලැබීය. දත්ත රැස් කිරීම සඳහා සම්මිශ්‍රත ක්‍රමය යොදා ගත් අතර ප්‍රශ්නාවලි ක්‍රමය හා සම්මුඛ සාකච්ඡා ක්‍රමය භාවිතා කරනු ලැබීය. නියැදිය ලෙස සසම්භාවි නියදි ක්‍රමයක් වන සරළ සසම්භාවි නියදි ක්‍රමය යටතේ පවුල් 50 කින් ලබාගත් දත්ත විස්තරාත්මක සංඛ්‍යානය යටතේ විශ්ලේෂණය කරන ලදි. මෙම පර්යේෂණයේ නිගමනය වන්නේ පෞරුෂය වර්ධනයට කුඩාකළ සිට ම නිසි සමාජානුයෝජනයක් පවුල තුළින් ලැබීම මඟින් යහපත් ස්වීයත්වයකින් යුතු පුද්ගලයින් බිහි වේ. එසේ නොමැති වූ විට අපගාමී චර්යාවන් වලට යොමු වන පුද්ගලයින් හඳුනා ගත හැකිය. පුද්ගල ආකල්ප වර්ධනය, මානසික ආතති කළමනාකරණය, ධනාත්මක පෞරුෂ ලක්‍ෂණ ගොඩනගා ගැනීම, නායකත්වය ප්‍රගුණ කිරීම, ආත්මය ගොඩනගා ගැනීම ජීවත්වන පරිසරය මෙන්ම සාර්ථක ජීවිතයක් ගොඩනගා ගැනීමට අත්‍යාවශ්‍ය සාධක පැවතිය යුතු බව නිගමනය කළ හැකිය. යම් රටක සමාජය ශක්තිමත් කිරිමට නම් යහපත් ස්වීයත්වයකින් හෙබි ගුණ ගරුක සමාජයකට පවුල් සංස්ථාව ශක්තිමත් විය යුතු ය. ඒ තුළින් මනා කායික හා මානසික වර්ධනයක් සේම පෞරුෂත්වයක් සහිත පුද්ගලයින් බිහි වනු ඇත.en_US
dc.identifier.citationSandamali, M.A.M. (2019). පුද්ගල පෞරුෂය වර්ධනය කෙරෙහි ප්‍රාථමික සමාජානුයෝජනය තුළින් සිදුවන බලපෑම, Conference Proceedings: 5th National Research Conference on Applied Social Statistics, Volume 02, December 2019.pp.39en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/22374
dc.publisherDepartment of Social Statisctics, University of Kelaniya, Sri Lankaen_US
dc.subjectපුද්ගලයා, පවුල, සමාජානුයෝජනය, පෞරුෂය, සමාජ ප්‍රගමනයen_US
dc.titleපුද්ගල පෞරුෂය වර්ධනය කෙරෙහි ප්‍රාථමික සමාජානුයෝජනය තුළින් සිදුවන බලපෑමen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
5_පුද්ගල පෞරුෂය වර්ධනය කෙරෙහි ප්‍රාථමික සමාජානුයෝජනය තුළින් සිදුවන බලපෑම.pdf
Size:
308.5 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections