සමාජ මාධ්‍ය පරිශීලකයන් අපරාධ ගොදුරු බවට පත්වීමට බලපාන සාධක අධ්‍යයනය. (බස්නාහිර පළාත ඇසුරින්)

dc.contributor.authorමධුෂානි, කේ. දිනිති ප්‍රදීපා
dc.date.accessioned2023-08-08T08:37:30Z
dc.date.available2023-08-08T08:37:30Z
dc.date.issued2022
dc.description.abstractඅන්තර්ජාල තාක්ෂණය සොයා ගැනීමත් සමඟ මානව සන්නිවේදනය වේගවත් වූ අතර වර්තමානය වනවිට ලෝකයේ මෙන්ම ලංකාවේද ඒ හරහා අපරාධවලට යොමු වීමේ ප්‍රවණතාව වැඩි වී ඇත (ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය, 2020). එනම් අනවසරයෙන් ඇතුල් වීම, මාර්ගගත තර්ජනය, ලුහුබැඳීම හා ව්‍යාජ සැබැඳි මිත්‍රත්වය එසේ බහුලව සමාජ මාධ්‍ය හරහා සිදු වූ අපරාධ වර්ග ලෙස හඳුනාගත හැකි විය. ලංකාවේ 2019ට සාපේක්ෂව 2020 වර්ෂයේ 16376කට අධික අපරාධ ප්‍රමාණයක් සමාජ මාධ්‍ය හරහා සිදු වී ඇත (ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය, 2020). Carter, (2013) විසින් සිදුකර ඇති අධ්‍යයනයට අනුව උපාධි අපේක්ෂකයන් සඳහන් කර ඇත්තේ වෙනස් සහ නිතර මුරපද වෙනස් කිරීම, ශක්තිමත් අනන්‍යතාවයක් සමාජ මාධ්‍ය හරහා ගොඩනගා ගැනීමට දැනුවත්භාවයක් පැවතීම වැදගත් බව පෙන්වා දී ඇත. තවද Keipit,et al., (2017) සිදුකර ඇති අධ්‍යයනය තුළින් අන්තර්ජාල හිංසනය පිළිබඳ විශ්ලේෂණය කරන අතර එයට ප්‍රධාන හේතුවක් ලෙස පෞද්ගලික අමනාපකම් පෙන්වා දී ඇත. Gatti සහ Napoli, (2019) විසින් සිදුකර ඇති අධ්‍යයනයේදී දෙමාවුපියන්ගේ සංජානනය සහ දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය පවුල් සබඳතාවලට හානියක් නොවන පරිදි කලමනාකරණය කළ හැකි බව පෙන්වා දී ඇත. මේ අනුව පැහැදිලි වන්නේ දේශීය හා විදේශීය වශයෙන් සමාජ මාධ්‍ය ආශ්‍රිතව පරිශීලකයන් මුහුණ දෙන හිරිහැර පිළිබඳවත් ඒ සඳහා බලපාන කරුණු පිළිබඳවත් අධ්‍යයනය කර ඇති බව ය. නමුත් මොවුන් සමාජයේ එක් ජන කොට්ඨාසයක් හෝ ෆේස්බුක් වැනි එක් සමාජ ජාලා වර්ගයක් තුළ සිදුවන අපරාධ පිළිබඳව පමණක් අනාවරණය කර ඇති නමුත් සමාජ මාධ්‍ය ආශ්‍රිතව සිදුවන අපරාධ ගොදුරු බවට පත්වීමට බලපාන සාධක පිළිළිබඳ අධ්‍යයන සිදු කර ඇත්තේ ඉතා සුළු වශයෙනි. එමනිසා සමාජ මාධ්‍ය පරිශීලකයන් අපරාධ ගොදුරු බවට පත්වීමට බලපාන සාධක යන මාතෘකාව කාලීන මෙන්ම සමාජයීය වශයෙන් වැදගත් ය. එසේම මෙම අධ්‍යයනය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ සමාජ මාධ්‍ය පරිශීලකයන් පදනම් කරගෙන සිදුකරනු ලබන අතර එම නිසා මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල සාමාන්‍යකරණය කිරීමේ හැකියාව සීමා වෙයි. තවද වර්තමානය වනවිට සමාජය තුළ අපරාධ රැසක් හඳුනාගත හැකි අතර මෙම අධ්‍යයනය මගින් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය හරහා සිදුවන අපරාධ පිළිබඳපමණක් සීමා වී අධ්‍යයනය කිරීම සිදු කරනු ලබයි. එසේම දත්ත රැස් කිරීමේදී භාවිත කරන ප්‍රාථමික දත්ත රැස් කිරීමේ ක්‍රමයක් වන ප්‍රශ්නාවලි ක්‍රමය පමණක් භාවිත කිරීම හා එය සිංහල මාධ්‍යයෙන් පමණක් ලබාදීම සිදුකරන නිසා භාෂා සාක්ෂරතාවය පවතින ජනගහනය පමණක් අධ්‍යයනය සඳහා යොදා ගැනීමටද සිදුවේ. මේ ආකාරයට අධ්‍යයන සීමා කිහිපයක් මෙහිදී හඳුනාගත හැක.en_US
dc.identifier.citationමධුෂානි කේ. දිනිති ප්‍රදීපා (2021), සමාජ මාධ්‍ය පරිශීලකයන් අපරාධ ගොදුරු බවට පත්වීමට බලපාන සාධක අධ්‍යයනය. (බස්නාහිර පළාත ඇසුරින්), 7th National Research Conference on Applied Social Statistics 2022. Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka. 85-89en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/26491
dc.publisherDepartment of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lankaen_US
dc.titleසමාජ මාධ්‍ය පරිශීලකයන් අපරාධ ගොදුරු බවට පත්වීමට බලපාන සාධක අධ්‍යයනය. (බස්නාහිර පළාත ඇසුරින්)en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
NRCASS 2022 14.pdf
Size:
121.98 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections