ශ්‍රී ලංකාවේ ජනගහනය ආර්ථික වර්ධනය කෙරෙහි සිදු කරන බලපෑම

dc.contributor.authorඅමරකෝන්, බී.ජී.ටී හර්ෂණී
dc.date.accessioned2023-06-13T03:48:41Z
dc.date.available2023-06-13T03:48:41Z
dc.date.issued2021
dc.description.abstractජනගහන වර්ධනය සහ ආර්ථික වර්ධනය අතර ක්‍රියාකාරීත්වය සැලකීමේදී ජනගහන වර්ධනය හා සම්බන්ධ විවිධ ගැටලු හේතුවෙන් ජනගහන වර්ධනය ආර්ථිකයකට අහිතකර ලෙස බලපාන බව ඇතැම් ආර්ථික විද්‍යාඥයින් විසින් ප්‍රකාශ කර ඇති අතර සමහරු තර්ක කළේ ජනගහන වර්ධනය, ආර්ථික වර්ධනය හා සංවර්ධනය උත්තේජනය කිරීමෙන් ආර්ථිකය ඉහළ නංවන බවයි. ජනගහන න්‍යායන් ප්‍රධාන වශයෙන් යුග තුනකට වර්ග කළ හැකිය. එම න්‍යායන් නම් පූර්ව-මැල්තුසියානු න්‍යායන්, මැල්තුසියානු න්‍යායන් සහ පශ්චාත් මැල්තුසියානු න්‍යායන් ය. මූලික වශයෙන් මෙම යුගයේ සමහරු ආර්ථික වර්ධනය සඳහා ජනගහනය වර්ධනය සාධකයක් යැයි තර්ක කළ අතර සමහරු ජනගහන වර්ධනය ආර්ථික සංවර්ධනයට බාධාවක් ලෙස ඉදිරිපත් කළහ (ගුණරත්න, 2007). මෙම චින්තන විද්‍යාවේ ප්‍රධාන තර්කය නම් වැඩිවන ජනගහනය ආර්ථිකයට සම්පත් ඉල්ලුමේ වැඩිවීම හේතුවෙන් ආර්ථිකයට අහිතකර ලෙස බලපානු ඇති බවයි (කුමාරසිංහ සහ වික්‍රමසිංහ, 2018). මෙරට තුළ ක්‍රම ක්‍රමයෙන් ජනගහනය වර්ධනය වීමත් සමග අද වන විට සෑම ක්‍ෂේත්‍රයකම විවිධ ගැටලු පැනනැගී ඇති බව දක්නට ලැබේ. ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස එවැනි වෙනස්කම්වලට මුහුණ දීමට සිදු වේ. ශ්‍රී ලංකාවේ ජනගහනය එහි ප්‍රමාණය, සංයුතිය සහ ව්‍යුහය තියුණු වෙනසකට ලක්වන බව පැහැදිලිය (Statista, n.d.). අධික ජන ප්‍රසාරණය රටක ආර්ථික සංවර්ධනයට බාධාවක් නම් ජනගහන පාලන ක්‍රමවේද අනුගමනය කළ යුතුවේ. ආර්ථික සංවර්ධනයට හිතකර ජනගහන වර්ධනයක් රට තුළ පවතින්නේ නම් විධිමත් ලෙස මානව ප්‍රාග්ධනය, අධ්‍යාපනය, සෞඛ්‍ය, පෝෂණ ක්ෂේත්‍රවලින් ශක්තිමත් කළ යුතුවේ. සීඝ්‍ර ජන සංඛ්‍යා ප්‍රසාරණය ආර්ථිකයට බරක් නොවේ නම් එම රටවල ජන සංඛ්‍යා වර්ධනයට වඩා ඉහළ ආර්ථික වෘද්ධි අනුපාතයක් ළඟාකර ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් ජනගහන වර්ධනය තුළින් ඇතිවිය හැකි අහිතකර ප්‍රතිවිපාක අවම කරගත හැක.en_US
dc.identifier.citationඅමරකෝන් බී.ජී.ටී හර්ෂණී (2021), ශ්‍රී ලංකාවේ ජනගහනය ආර්ථික වර්ධනය කෙරෙහි සිදු කරන බලපෑම (මහර ප්‍රාදේශය ලේකම් කොට්ඨාශය ඇසුරින්), 7th National Research Conference on Applied Social Statistics, 2020. Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka. 13-18en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/26370
dc.publisherDepartment of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lankaen_US
dc.titleශ්‍රී ලංකාවේ ජනගහනය ආර්ථික වර්ධනය කෙරෙහි සිදු කරන බලපෑමen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Thumbnail Image
Name:
NRCASS 2021 03.pdf
Size:
636.67 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections