Positive psychological approach as reflected in Puņņovādasutta

Abstract

It can be pointed out that maintaining positive attitudes is a crucial force for a person's physical development as well as their mental development. The field of positive psychology can be identified as an important branch of psychology that discusses this. This field illustrates how an individual should maintain themselves as a positive thinker. Buddhist teachings also clearly reflect the appreciation for the importance of having positive attitudes combined with a realistic understanding. This foundation is well analyzed in the sermons Puņņa Sutta and Puņņovāda Sutta. The positive attitudes reflected through the ideas presented by Ven. Punna Thero are clearly evident in both of the aforementioned suttas. This qualitative study, conducted using primary and secondary sources, draws attention to positive psychology and its value in building a positive mindset through proper management, even in the most severe and stressful situations.

Description

පුද්ගලයකුගේ මානසික දියුණුව සේම කායික දියුණුව සඳහා ද තීරණාත්මක බලවේගයක් වශයෙන් ධනාත්මක ආකල්ප පවත්වා ගැනීම ඉතාමත් වැදගත් වන බව පෙන්වා දිය හැකිය. ඒ පිළිබඳ සාකච්ඡා කෙරෙන වැදගත් මනෝ විද්‍යාත්මක ශාඛාවක් වශයෙන් ධනාත්මක මනෝ විද්‍යා විෂයක්ෂේත්‍රය හඳුනාගත හැකිය. පුද්ගලයා තමා තුළ ධනාත්මක චින්තකයෙකු පවත්වා ගත යුතු ආකාරය මෙම විෂයක්ෂේත්‍රය තුළින් නිරූපණය කෙරේ. බුද්ධ දේශනාව තුළද යාර්කාවබෝධයෙන් යුක්තව ධනාත්මක ආකල්ප සහිතව සිටීමේ වැදගත්කම අගය කර ඇති ආකාරය මනාව පිළිබිඹු වේ. පුණ්ණ සූත්‍රය සහ පුණෝවාද සූත්‍රය යන දේශනාවන් තුළ මෙම පදනම මනාව විග්‍රහ කර ඇත. පුණ්ණ තෙරුන් විසින් ඉදිරිපත් කරන ලද අදහස් තුළින් පිළිබිඹු වන ධනාත්මක ආකල්ප ඉහත සූත්‍ර දෙක තුළින්ම මනාව පැහැදිලි වේ. ගුණාත්මක අධ්‍යයනය ඔස්සේ ප්‍රාථමික මූලාශ්‍රය හා ද්විතීයික මූලාශ්‍රය ඇසුරෙන් සිදුවන මෙම අධ්‍යයනය තුළදී ඕනෑම දරුණු හා පීඩාකාරී අවස්ථාවකදී පවා මනා කළමනාකරණයකින් යුක්තව ධනාත්මක චින්තනයක් ගොඩ නගා ගැනීමේ ධනාත්මක මනෝවිද්‍යාවක් සහ එහි වටිනාකම පිළිබඳ අවධානයට ලක් වී තිබේ.

Citation

Bhaddiya, W. (n.d.). Positive psychological approach as reflected in Puņņovādasutta. Mittabhimani. (pp. 89–96). University of Kelaniya.

Endorsement

Review

Supplemented By

Referenced By