විශේෂ අවශ්‍යතා ඇති දරුවන් අධ්‍යාපනයට පොලඹවා ගැනීම සඳහා සංගීතයේ බලපෑම (ඩවුන් සින්ඩ්‍රම් දරුවෙකු ඇසුරෙනි)
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Faculty of Humanities, University of Kelaniya
Abstract
ඩවුන් සින්ඩ්‍රම් රෝගය ජානගත රෝගී තත්වයකි. එනම් ශරීරයේ (21) වැනි අලිංග වර්ණදේහ යුගලය වර්ණදේහ ත්‍රිත්වයක් වීම (Trimosy 21) නිසා ඇති වන රෝගයකි. මෙම රෝගය උපතේදීම දරුවන්ට වැළඳෙන අතර මෙවැනි දරුවන් උපතේ සිටම යම් යම් විශේෂ ලක්ෂණ මෙන්ම මානසික දුර්වලතා සහ අධ්‍යාපන අපහසුතා පෙන්නුම් කරයි. මෙම දරුවන් කුඩාකල සිටම අධ්‍යාපනයට යොමු කිරීම එතරම් පහසු කාර්යයක් නොවේ. මෙම පර්යේෂණයේ ප්‍රධාන ගැටලුව වන්නේ ඩවුන් සින්ඩ්‍රම් දරුවන් අධ්‍යාපනයට පොලඹවා ගැනීම සඳහා සංගීතයේ බලපෑම කෙසේද? එය ක්‍රියාත්මක කරන ආකාරය කුමක්ද? යන්නයි. ඩවුන් සින්ඩ්‍රම් දරුවන් අධ්‍යාපනයට පොලඹවා ගැනීම කෙරෙහි එම දරුවන් පිළිබඳ පර්යේෂණයේ යෙදුණු එම්. ඩී. බ්‍රවුනෙල්, එස්. පී. අබේපාල, ඩී. එස්. දමසිංහ වැනි විද්වතුන් පෙන්වා දෙන්නේ ඩවුන් සින්ඩ්‍රම් දරුවන්හට කෙරෙන මානසික ප්‍රතිකාර අතරින් සංගීත චිකිත්සාව ඉදිරියෙන්ම ඇති බවයි. කථන අපහසුතා, යමක් ග්‍රහණය කරගැනීමේ අපහසුතා සංගීතය මඟින් යම්තාක් දුරකට මඟහරවා ගත හැකිය. එනම් ඩවුන් සින්ඩ්‍රම් දරුවන්ගේ උපතින්ම දිව එළියට වී පිහිටීමත්, තොල් උඩු අතට නැමී තිබීමත් නිසා ඇතිවන කථන අපහසුතා මෙන්ම පේශිවල අප්‍රාණිකතාව නිසා භාණ්ඩ ග්‍රහණය කරගැනීමේ අපහසුතා ආදිය සරල ගීත ගායනා කිරීමෙන් කතා කිරීමට හුරුකිරීමත්, සරල සංගීත භාණ්ඩ වාදනය කරන්නට දීමෙන් ග්‍රහණය කරගැනීමේ අපහසුතා මඟ හරවා ගත හැකිය. එමෙන්ම ඩවුන් සින්ඩ්‍රම් දරුවන් අනුකරණයට දක්ෂ බැවින් සංගීතය හරහා ඔවුන් අධ්‍යාපනයට පොලඹවා ගත හැකිය. මෙම පර්යේෂණය වෛද්‍ය මානවවංශ සංගීත පර්යේෂණ ගණයට අයත් වේ. මෙම පර්යේෂණය සඳහා ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය භාවිත කෙරිණි. මෙම අධ්‍යයනය සඳහා සාහිත්‍යමය තොරතුරු, විෂය ප්‍රවීණයන් සමග සාකච්ඡා කිරීම, සම්මුඛ සාකච්ඡා, සිද්ධි අධ්‍යයනය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ක්ෂේත්‍ර අධ්‍යයනය සිදු කරන ලදී. එමෙන්ම ඩවුන් සින්ඩ්‍රම් දරුවෙකු මාර්ග ගත සැසි 3ක් හරහා සම්බන්ධ කරගැනීමෙන්ද තොරතුරු සපයා ගන්නා ලදි. ඩවුන් සින්ඩ්‍රම් දරුවන් අධ්‍යාපනයට යොමු කරගැනීම සඳහා පොලඹවා ගැනීමක් වශයෙන් සංගීතය යොදාගත හැකි බවත් සංගීත චිකිත්සාව මඟින් මෙම දරුවන්ගේ මානසික දුර්වලතාවලට ප්‍රතිකාර කළ හැකි බවත් මෙම පර්යේෂණය මඟින් තහවුරු විය.
Description
Citation
සත්සරණි එල්. එච්. එස්. (2021), විශේෂ අවශ්‍යතා ඇති දරුවන් අධ්‍යාපනයට පොලඹවා ගැනීම සඳහා සංගීතයේ බලපෑම (ඩවුන් සින්ඩ්‍රම් දරුවෙකු ඇසුරෙනි), Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 58p.