ජපන් භාෂාවෙහි සහ සිංහල භාෂාවෙහි පවතින සමාව ඉල්ලීමේ ක්‍රම

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Faculty of Humanities, University of Kelaniya

Abstract

පුද්ගලන් විසින් මානව සම්බන්ධතාවන් දිගටම පවත්වාගන යාමට සහ සම්බන්ධතාවන් අලුතින් ඇති කර ගැනීම සඳහා විවිධ ක්‍රම භාවිත කරනු ඇත. එවැනි භාවිත කරන විශේෂ ක්‍රමයක් ලෙස සමාව ඉල්ලීමේ ක්‍රමයන් හැඳින්විය හැකිය. අප විශ්වවිද්‍යාලයේදී ජපන් භාෂාව ඉගෙනගැනීමේදී, සහ විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ ජපන් ජාතිකයන් සමඟ සන්නිවේදනය කිරීමට බොහෝ අවස්ථාවන් සැලසේ. එවිට සමාව ඉල්ලීමේ අවස්ථාවන් පැමිණි විට, විගසින් සමාව අයැඳ සිටීම, ජපන් ජාතිකයන්ගේ විශේෂ ලක්ෂණයක් ලෙස දැකිය හැකි වේ. එමෙන්ම පවතින සම්බන්ධතාව මත, උදාහරණයක් ලෙස, තමන්ට වඩා වයසින් වැඩි හෝ තමා සමඟ සමවයස් පුද්ගලයන් සඳහා භාවිත කරනු ලබන සමාව ඉල්ලීමේ වචන එකිනෙකට වෙනස් වන බවද දැකිය හැකිවේ. එපමණක් නොව එම අවස්ථාවලදී සමාව ඉල්ලීම සිදු කරන ආකාරයද එකිනෙකට වෙනස් වන බව වැටහේ. ශ්‍රී ලංකාවෙහි ජපන් භාෂාව ඉගෙනගනු ලබන ශිෂ්‍යයන්ද ජපන් ජාතිකයන් සමඟ සන්සන්දනය කරන විට මෙවැනි සමාව ඉල්ලීමේ වචන සහ විවිධ ආකාර භාවිත කරනවාද, යන්න පිළිබඳව මෙම පර්යේෂණයෙන් අධ්‍යයනය කෙරේ. මේ සඳහා එදිනෙදා සමාව ඉල්ලීමට යෙදෙන අවස්ථාවන් භාවිත කරමින්, උදාහරණයක් ලෙස, තමන්ට වඩා උසස් අයෙකුට කරනු ලැබූ පොරොන්දුවක් කඩ වූ පසු වැනි සහ තමා සමඟ සමවයස් අයෙකු විසින් යමක් ඉල්ලූ විට එය රැගෙන යාමට අමතක වීම වැනි අවස්ථාවන් යොදා ගෙන එම අවස්ථාවලදී යොදා ගනු ලබන සමාව ඉල්ලීමේ ක්‍රම සහ වචන විමර්ශන ප්‍රතිඵල ලෙස සාරංශ කෙරේ. මෙම පර්යේෂණය සඳහා ජපන් ජාතික විශ්වවිද්‍යාලය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 60 දෙනෙකු සහ කැලණිය විශ්වවිද්‍යාලයෙහි ජපන් භාෂාව ඉගෙනගනු ලබන ප්‍රථම වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 20 දෙනෙකු, දෙවන වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 20 දෙනෙකු, සහ තෙවන වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 20 දෙනෙකු යොදාගනිමින් පර්යේෂණය සිදු කිරීමට අපේක්‍ෂා කෙරේ. මෙම පර්යේෂණයේදී, ශ්‍රී ලංකා ජාතිකයන් සහ ජපන් ජාතිකයන් භාවිත කරන සමාව ඉල්ලීමේ ක්‍රම සහ වචන කවරෙක්ද, සිංහල භාෂා සහ ජපන් භාෂා මව් භාෂකයන් භාවිත කරන සමාව ඉල්ලීමේ ක්‍රම කෙසේ වෙනස් වේද, සිංහල භාෂකයන් විසින් සමාව ඉල්ලීමේදී උස් පහත් සම්බන්ධතාව මත එකිනෙකට වෙනස් වූ සමාව ඉල්ලීමේ ක්‍රම සහ වචන භාවිත කරනවාද යන අරමුණු පිළිබඳව විශ්ලේෂණය කෙරේ.

Description

Citation

අමරසිංහ එම්. ආර්. ආශිකා දේවින්දි (2021), ජපන් භාෂාවෙහි සහ සිංහල භාෂාවෙහි පවතින සමාව ඉල්ලීමේ ක්‍රම, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 22p.

Collections

Endorsement

Review

Supplemented By

Referenced By