ජපන් භාෂා කර්මකාරකයෙහි සිදුවන වැරදි සඳහා ඉගැන්වීම් ක්‍රමයේ ඇති බලපෑම

Thumbnail Image

Date

2021

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Faculty of Humanities, University of Kelaniya

Abstract

ජපන් භාෂාවේ මෙන්ම සිංහල භාෂාවේත් කර්මකාරක භාවිත වේ. සිංහල භාෂාව හා සමාන ආකාරයෙන්ම ජපන් භාෂාවෙත් ක්රමකාරක උපයෝගී කරගනු ලැබුවද යම් යම් වෙනස්කකම් දක්නට ලැබේ. උදාහරණයක් වශයෙන් ගත් කල ජපන් භාෂාවේ කර්මකාරක වාක්‍යයන් අතරට ^ は、が、に& යන ආදි නිපාත යොදා ගනු ලැබුවද සිංහල භාෂාවේ කර්මකාරක වාක්‍යයන් අතරට මෙවැනි නිපාත භාවිත කරනු නොලැබේ. එමෙන්ම සිංහල භාෂාවේ කර්මකාරක කිනම් අවස්ථාවකදී භාවිත කරන්නේද යන වග පහසුවෙන් හඳුනාගත හැකිවේ. නමුත් සිංහල භාෂාව මව් භාෂාව කරගත් ජපන් භාෂාවේ මූලික අධ්‍යාපනය හදාරන උසස් පෙළ සිසුන් හට ජපන් භාෂාවේ ඇති කර්මකාරක නිසි ලෙස භාවිත කිරීමටත්, කිනම් අවස්ථාවේ භාවිත කරන්නේද යනවග සොයා ගැනීමටත්, තවද ජපන් භාෂාවේ කර්මකාරක ක්‍රියා සහ ප්‍රයෝජ්‍යක් ක්‍රියා අතර යම් ව්‍යාකූල තත්වයක් ඇතිවන බව නිරන්තරයෙන් අසන්නට ලැබුණි. එහෙයින් උසස් පෙළ සිසුන් විසින් ලියන ලද රචනා කිහිපයක් නිරීක්ෂණය කළ අතර ඒ තුළින් මෙම ගැටලුකාරී තත්වයන් පවතින බව පැහැදිලි විය. එහෙයින් මෙම කරුණු පසුබිම් කරගනිමින් ජපන් භාෂාවේ කර්මකාරක භාවිත කිරීමේදී ඇති වන වැරදි සඳහා ඉගැන්වීම් ක්‍රමවේදයේ (ජපන් භාෂා උසස් පෙළ පෙළපොතෙහි කර්මකාරක ව්‍යාකරණය අවසාන පාඩම වන බැවින් මුල් පාඩම් හා සමාන ආකාරයෙන්ම උගන්වන්නෙහිද? විස්තරාත්මකව පැහැදිලි කිරීමක් සිදුවේද? යන්නත් පිළිබඳව සොයා බැලීමේ අරමුණෙන් මෙම සමීක්ෂණය කරනු ලැබේ. එබැවින් මෙම සමීක්ෂණය සඳහා ලංකාවේ විවිධ දිස්ත්‍රික්කවල එනම් කළුතර, කොළඹ, ගම්පහ, නුවර, ගාල්ල, කුරුණෑගල පිහිටි පාසල් විසිපහක් කේන්ද්‍ර කොටගෙන සිංහල භාෂාව මව් භාෂාව කරගත් ජපන් භාෂාවේ මූලික අධ්‍යාපනය හදාරන උසස් පෙළ සිසුන් සිය දෙනෙක් ඉලක්ක කරගනිමින් මෙම සමීක්ෂණය සිදු කෙරේ. මෙම සමීක්ෂණය සාක්ෂාත් කර ගැනීම සඳහා ඉලක්කගත සිසුන් හට ප්‍රථමයෙන්ම ප්‍රශ්න තිහකින් යුත් ප්‍රශ්න පත්‍රයක් ලබා දෙනු ලැබේ. ඉන්පසු දෙවන අදියර වශයෙන් ලකුණු 15 වඩා අඩු සංඛ්‍යාවක් ලබා ගත් සිසුන් සම්බන්ධ කොට පසු විපරම් සම්මුඛ පරීක්ෂණයක් පවත්වමින් අවශ්‍ය තොරතුරු දත්තවලට ඇතුළත් කර ගනු ලැබේ. අවසන් අදියර වශයෙන් එක් එක් පාසැල්වල ඉගැන්වීම් ක්‍රමවේද වෙනස් වන්නේද යන්න සොයා බැලීමේ අරමුණෙන් ප්‍රශ්නාවලියක් ලබාදී මෙම සමීක්ෂණය කරනු ලැබේ.

Description

Keywords

උසස් පෙළ සිසුන්, ජපන් භාෂාව, සිංහල භාෂාව, කර්මකාරකය

Citation

තිලෝචනා ඩබ්. ඒ. පවනී (2021ජපන් භාෂා කර්මකාරකයෙහි සිදුවන වැරදි සඳහා ඉගැන්වීම් ක්‍රමයේ ඇති බලපෑම,Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 20p.

Collections

Endorsement

Review

Supplemented By

Referenced By