ගමේ රාජකාරිය හා බැඳි චාරිත්‍ර වාරිත්‍ර

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Faculty of Humanities, University of Kelaniya

Abstract

මහ නාන්නේරිය ග්‍රාමයේ ප්‍රදේශීය වශයෙන් පවත්වනු ලබන ගමේ රාජකාරිය නම් චාරිත්‍රය පිළිබඳ විමර්ශනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. ප්‍රදේශීය වශයෙන් ගම් ප්‍රදේශයක් මුල් කරගෙන ගම්භාර දෙවියන් වෙනුවෙන් මෙය සිදු කරනු ලැබේ. ඒ සඳහා දැනට ලිය වී ඇති මූලාශ්‍රය සාධක මෙන්ම ක්ෂේත්‍ර ගවේෂණය මඟින් ලබා ගන්නා දත්ත ඉහත අරමුණ විශ්ලේෂණය කිරීම සඳහා උපයෝගි කර ගැනීමට අපේක්ෂිතය. පර්යේෂණයේදී හඳුනාගන්නා ලද සාධක හා දත්ත විශ්ලේෂණය කීරිමේදී ගමේ රාජකාරිය අතීතයේ සිට පැවත එන චාරිත්‍ර විධිවලින් සමන්විත වේ. ග්‍රාමයේ තිබෙන කුඹුරු වගා කිරීමෙන් ලැබෙන අස්වැන්නෙන් ලබා ගන්නා පළමු කොටසෙන් සහල් ප්‍රමාණයක් දෙවියන් වෙනුවෙන් වෙන්කර අප්‍රේල් මස මුල් සතියේ සෙනසුරාදා දිනයේදී දෙවියන් වෙනුවෙන් කිරි මුට්ටි උතුරවනු ලැබේ. පෙර දින සවස් වරුවේ සිට සෙනසුරාදා දිනයේ මධ්‍යාහ්නය දක්වා මෙම චාරිත්‍රය සිදු කරනු ලැබේ. ගම්භාර දෙවියන්ට මල් යහන් කවි ගායනා කරමින් ගැට බෙරය සහ උඩැක්කිය වාදනය කරමින් මෙය සිදු කෙරේ. එකතු කර ගන්නා ලද සහල්වලින් කිරි මුට්ටි තුනක් උතුරවා ගොටු හතක් දෙවියන් වෙනුවෙන් පූජා කරනු ලැබේ. ඉදුණු කෝලිකුට්ටු කෙසෙල් සහ අතිරස කැවුම් සාදා කිරිබත් සමඟ ගොටු තබා අවසානයේ ගම් වාසීන්හට අනුභව කිරීමට ලබා දෙයි. ගොක් කොළවලින් සරසා ගමේ ප්‍රධාන වැවේ වැව් බැම්මේ තිබෙන සංහිඳ නම් කුඩා දේවාලයේ මෙම පූජාව සිදු කෙරේ. මෙම පූජාව සිදු කිරීමට පෙර දේවාලය වටා සුදු පිරිවටයක් ඇද වට කර ගනු ලැබේ. මෙය සිදු කරන ඇදුරන්ද සුදු ඇඳුමෙන් සැරසේ. මේ අනුව පැහැදිලි වන්නේ ගම්භාර දෙවියන් වෙනූවෙන් පැවැත්වෙන ගමේ රාජකාරිය තුළින් පුරාණ ගම්වල තිබෙන අතීතයේ පටන් පැවෙතෙන චාරිත්‍ර විධි වර්තමානය දක්වාම ආරක්ෂා කරගෙන එන ආකාරයයි. මේ තුළින් කෙත්වතු අස්වනු ආරක්ෂා කරගැනීමට දෙවියන් හට භාරහාර වන බවත් දෙවියන් හට පුද පූජා පවත්වන බවත් තවද මේ තුළින් ගම්වාසීන් තුළ සහයෝගය වර්ධනය කරගැනීමට සිදු කරන බවත් නිගමනය කළ හැකිය.

Description

Citation

දමයන්ති ඩබ්ලිව්. ඒ. එම්. ටී. (2021), ගමේ රාජකාරිය හා බැඳි චාරිත්‍ර වාරිත්‍ර,Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 17p.

Collections

Endorsement

Review

Supplemented By

Referenced By