ඉන්දියානු මෙගා ටෙලිනාට්‍ය ශානරීයව වටහා ගැනීමට. මිඛාහිල් භක්තීන්ගේ ශානර න්‍යාය ඇසුරෙන්
Date
2021
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
මානවශාස්ත්ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව
Abstract
ඉන්දීය මෙගා ටෙලිනාට්‍ය යනු මෙරට රූපවාහිනී නාළිකා තුළ ප්‍රධාන ධාරාවේ පවතින ටෙලිනාට්‍ය විශේෂයකි. මෙහිදී සිදුවන්නේ ඉන්දීය ප්‍රධාන සහ ප්‍රාදේශික රූපවාහිනී නාළිකාවල විකාශනයවන හෝ විකාශනයවූ ටෙලිනාට්‍ය සියබසින් හඬකවා විකාශනය කිරීමයි. එහෙත් මෙහිදී සලකා බැලිය යුතු ප්‍රධාන කාරණය වන්නේ එමගින් ඇතිවන සමාජ බලපෑමයි. මෙම ටෙලිනාට්‍ය නාට්‍ය විශේෂයක් ලෙස සැලකීමේදී එමගින් සමාජය
තුළ පසුගාමීත්වයන් වර්ධනය කිරීම පිළිබඳ අවධානය මගහැරී යයි. සමාජය තුළ පවතින ඒකාකෘතීන් සවිමත් කිරීම මීට හේතු වේ. එහෙත් මෙම නාට්‍ය ශානරයක් ලෙස වටහා
ගැනීමේදී පැහැදිලි වන්නේ එය සමාජය කෙරෙහි වඩාත් පුළුල් ලෙස බලපාන බවයි. ප්‍රධාන වශයෙන්ම මෙවැනි ටෙලිනාට්‍ය මගින් අවධාරණය වන්නේ වෙනත් රටක පවතින සංස්කෘතීන් නොවන අතර ඔවුන් විසින් ගොඩනගන ලද වෙළඳපොළ නඩත්තුව සඳහා යොදාගන්නා ක්රමවේදයකි. ශානරය වශයෙන් ගත් කල මෙම ටෙලිනාට්‍ය ඔස්සේ පුළුල් සමාජ දේශපාලන යථාර්ථයක් විවර වීම විශේෂ වේ. ඒ අනුව මෙම ටෙලිනාට්‍ය අපට වින්දනයක් ලබා දෙන ලෙස සමාජගත කළද එම වින්දනය තුළම සමාජ පසුග ාමී ඒකාකෘතික අදහස් සම්පිණ්ඩනය වන ආකාරය මෙහිලා ශානරීයව විශ්ලේෂණය වේ. ඒ අනුව ලාංකේය ටෙලිනාට්‍ය සඳහා මෙමගින් ඇතිවන බලපෑම අතිශය තීරණාත්මකය. අපගේ යෝජනාව වන්නේ ශානරීයත්වය පවතින්නේ ටෙලිනාට්‍යට පෙර බවයි. මෙගා ටෙලිනාට්‍ය විශ්ලේෂණය කළ හැක්කේ එයට පෙර පවතින ශානරීයත්වය වටහා ගැනීම
තුළිනි. මිඛාහිල් භක්තීන්ගේ ශානර න්‍යාය ඔස්සේ මෙම විශ්ලේෂණය සිදු කෙරෙනුයේ එබැවිනි. ඒ අනුව ශානරීයව ටෙලිනාට්‍ය වටහා ගැනීම මඟින් ලාංකේය ටෙලිනාට්‍ය කලාවට ඉන්දීය ටෙලිනාට්‍ය කලාවේ බලපෑම කෙබඳුද යන්න වටහා ගැනීමට හැකිවන අතර එමගින් මෙරට ටෙලිනාට්‍යට නව දැක්මක් සපයන බවද අවබෝධ කරගත හැකිය.
Description
Keywords
ශානර, ඒකාකෘතික, මෙගා ටෙලිනාට්‍ය, පසුගාමීත්වය
Citation
මහගමගේ, ඊ. එස්. ඒ. (2021) ඉන්දියානු මෙගා ටෙලිනාට්‍ය ශානරීයව වටහා ගැනීමට. මිඛාහිල් භක්තීන්ගේ ශානර න්‍යාය ඇසුරෙන්, 5 වන මානවශාස්ත්ර පීඨ ජාත්‍යන්තර ප්‍රභාෂණය, මානවශාස්ත්ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව. පිටු අංකය,21