ශ්‍රී ලංකාවේ 2019 ජනාධිපතිවරණයේදී මහජන සම්බන්ධන්ධතා මෙවලමක් ලෙස ඡායාරූපය භාවිතය

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

මානවශාස්ත්‍ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව

Abstract

ත්‍රික සමාජවල පාලකයා තෝරාගනු ලැබුණේ කායික ශක්තිය හා බාහු බලය වැනි සාධක මතයි. සමාජය කෙමෙන් විධිමත් වී සමාජීය සත්ත්වයා දැනුමෙන් පෝෂණය වනවිට රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා හුදු කායික ශක්තිය යන සාධකය පමණක් ප්‍රමාණවත් නොවීය. තනි තනි පුද්ගලයා තුළින් ඒ සඳහා බුද්ධිමය සහ සැලකිය යුතු මැදිහත් වීමක් සිදුවිය. එය හඳුනාගත් පාලකයන් රාජ්‍ය බලය තහවුරු කර ගැනීමේදී සහ පවත්වාගෙන යාමේදී දෘඪ ක්‍රියාදාමයක් වෙනුවට වඩා මෘදු, සියුම් පිළිවෙතක් අනුගමනය කරන්නට විය. එමඟින් ප්‍රජාතන්ත්‍රවාදය නැමති දේශපාලන සංකල්පය බිහිවිය. ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක දේශපාලනය නෛසර්ගිකවම මහජනයා සම්බන්ධ කර ගැනීමක් වන බැවින් මහජන සම්බන්ධතාව සඳහා නොයෙකුත් විධික්‍රම සහ මෙවලම් භාවිත කරයි. කෙසේ වුවද වර්තමානය වන විට දේශපාලන ක්ෂේත්‍රයේදී මහජන සම්බන්ධතාව අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්වී ඇත. දේශපාලන මහජන සම්බන්ධතාව නමින් නව විෂය ශික්ෂණයක් විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වීමට හේතුවද මෙය බව හඳුනාගත හැකිය. දේශපාලන මහජන සම්බන්ධතාවේදී යොදා ගැනෙන මෙවලමක් ලෙස ඡායාරූපයට හිමිවන්නේ ප්‍රබල වටිනාකමකි. තාක්ෂණික දියුණුවත් සමඟ ලෝකය ඩිජිටල්කරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස, රූපමාධ්‍ය අන් කවරදාටත් වඩා මානව විඥානය වෙනස් කරන සාධකයක් බවට පත්වී ඇත. දේශපාලනය, මහජන සම්බන්ධතා සහ ඡායාරූපකරණය යන මෙම පර්යේෂණයේදී මා විසින් අධ්‍යයනය කරන ලද්දේ, ශ්‍රී ලංකාවේ 2019 නොවැම්බර් 16 වැනිදා පැවති ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා විසින් සිය මැතිවරණ ව්‍යාපාරවලදී මෙවලමක් ලෙස ඡායාරූපය භාවිත කළේ කවර ආකාරයෙන්ද, යන්න පිළිබඳවයි. මැතිවරණට නාමයෝජනා භාර දුන් දිනයේ සිට නිල මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ දිනය දක්වා එක් එක් අපේක්ෂකයන් විසින් සිය නිල ෆේස්බුක් පිටුවල පළ කරන ලද ඡායාරූප පිළිබඳ අන්තර්ගත විශ්ලේෂණය මගින් සහ සම්මුඛ සාකච්ඡා මගින් දත්ත රැස්කර ගනු ලැබීය. එම ගුණාත්මක දත්ත, දත්ත විශ්ලේෂණයෙන් දේශපාලන ක්ෂේත්‍රයේදී මහජන සම්බන්ධතා මෙවලමක් ලෙස ඡායාරූපය භාවිතවූ ආකාරය පිළිබඳ 2019 ජනාධිපතිවරණය ආශ්‍රය කොටගෙන නිගමනවලට එළඹිණි.

Description

Citation

දුලංජලී, කේ. ඒ. එන්. (2021) ශ්‍රී ලංකාවේ 2019 ජනාධිපතිවරණයේදී මහජන සම්බන්ධන්ධතා මෙවලමක් ලෙස ඡායාරූපය භාවිතය, 5 වන මානවශාස්ත්‍ර පීඨ ජාත්‍යන්තර ප්‍රභාෂණය, මානවශාස්ත්‍ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව. පිටු අංකය,15

Collections

Endorsement

Review

Supplemented By

Referenced By