Digital Repository

2019 ජනාධිපතිවරණය සහ මාධ්‍ය හැසිරීම (ලංකාදීප පුවත්පතට විශේෂිතව සිදු කරන ලද අධ්‍යයනයක්)

Show simple item record

dc.contributor.author Wanigasingha, C.B.
dc.contributor.author Attanayaka, A.M.S.K.
dc.date.accessioned 2021-05-20T10:55:17Z
dc.date.available 2021-05-20T10:55:17Z
dc.date.issued 2020
dc.identifier.citation Wanigasingha, C.B., Attanayaka, A.M.S.K. ( 2020). 2019 ජනාධිපතිවරණය සහ මාධ්‍ය හැසිරීම (ලංකාදීප පුවත්පතට විශේෂිතව සිදු කරන ලද අධ්‍යයනයක්). In : 6th National Research Conference on Applied Social Statistics, 2020. Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, p.41. en_US
dc.identifier.uri http://repository.kln.ac.lk/handle/123456789/22398
dc.description.abstract ජනාධිපතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැය නවයක කාලයකට සීමා වුව ද කුමන පක්ෂයක කුමන අපේක්ෂකයාට ඡන්දය භාවිත කළ යුතු ද යන මතය නිර්මාණය කිරීමට බොහෝ කාලයක් ගත වනු ඇත. එකී මතය නිර්මාණය කිරීමේ මෙහෙවර ජනමාධ්‍ය මෙන්ම අද්‍යයතනයේ දී නව මාධ්‍යයන් ද විසින් සිදු කරනු ඇත. මෙම අධ්‍යයනයේ දී 2019 ජනාධිපතිවරණය කාල සීමාව තුළ දී පුවත්පත් මාධ්‍ය තුළ වාර්තාරකණය සිදු කළ ආකාරය දිනපතා ලංකාදීප පුවත්පතට විශේෂිතව අධ්‍යයනය කෙරේ. 2019 ජනාධිපතිවරණයේ දී ලංකාදීප පුවත්පතෙහි මාධ්‍ය හැසිරීම කෙබඳු ද? යන්න විමසා බැලීම මෙම පර්යේෂණයේ මූලික ගැටලුව විය. 2019 ජනාධිපතිවරණයේදී ලංකාදීප පුවත්පතෙහි මාධ්‍ය හැසිරීම පිළිබඳ අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ අරමුණ වේ. මෙම පර්යේෂණය සඳහා අන්තර්ගත විශ්ලේෂණ ක්‍රමය යොදා ගන්නා ලදී. ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් වූ 2019 ඔක්තෝම්බර් මස 07 වන දිනයේ සිට ජනාධිපතිවරණය පැවැත් වූ 2019 නොවැම්බර් මස 16 දින දක්වා මුද්‍රිත, දිනපතා ලංකාදීප පුවත්පත්වල පළ වූ පුවත්, විශේෂ පිටු සහ අතිරේක, විශේෂාංග ලිපි, කතුවැකි හා කාටුන් පිළිබඳ අන්තර්ගත විශ්ලේෂණය සිදු කරන ලදී. පුවත්පතේ මුල් පිටුව තුළ පළ වූ පුවත් හා සිරස්තල තුළ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට වැඩි අවස්ථාවක් ලබා දී ඇති බව නිගමනය විය. ප්‍රධාන ශීර්ෂපාඨය මගින් කිසිදු අපේක්‍ෂකයෙකුට සෘජුවම සහය පළ කරන ආකාරයේ වාර්තාකරණයක් සිදු කොට නොතිබුණ ආකාරයත් යම් අවස්ථාවන්වලදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට වක්‍රාකාරයෙන් සහය පළවන ආකාරයේ පුවත් වාර්තා කරණයක් සිදු කොට ඇත. පුවත්පතේ හැඩය යම් යම් අවස්ථාවන් තුළ වෙනස් වී ඇති අතර මුල් පිටුවට පෙර විශේෂ පිටුවක් එකතු කොට ඇති බව නිගමනය විය. මැතිවරණ කාලසීමාවක් තුළ දී රටේ ජනමාධ්‍ය හැසිරීම කෙබඳු විය යුතු ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව මගින් 2019 අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් 2019 සැප්තැම්බර් මස 12 වැනි බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද මාධ්‍ය උපමානයන් අනුව සෑම මුද්‍රිත මාධ්‍යයක්ම යම් මැතිවරණයක් සම්බන්ධයෙන් වාර්තා කිරීමේ දී මධ්‍යස්ථ සහ අපක්‍ෂපාතී විය යුතු බව මූලික යෝජනාව වේ. en_US
dc.publisher Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka en_US
dc.subject මුද්‍රිත මාධ්‍ය, 2019 ජනාධිපතිවරණය, මාධ්‍ය හැසිරීම en_US
dc.title 2019 ජනාධිපතිවරණය සහ මාධ්‍ය හැසිරීම (ලංකාදීප පුවත්පතට විශේෂිතව සිදු කරන ලද අධ්‍යයනයක්) en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search Digital Repository


Browse

My Account