Volume 06 - 2019

Permanent URI for this communityhttp://repository.kln.ac.lk/handle/123456789/20810

Browse

Search Results

Now showing 1 - 1 of 1
  • Item
    කාන්තාවන් ආර්ථික වශයෙන් ක්‍රියාකාරීත්වය පහළ මට්ටමක පැවතීමට බලපාන සාධක පිළිබඳ අධ්‍යයනය : අම්පාර දිස්ත්‍රික්කය ඇසුරින්
    (Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2019) Bandara, M.K.I.A.
    ශ්‍රී ලංකාවේ ජනගහනය සංයුතියල අධ්‍යාපන තත්ත්වය අනුව පුරුෂ ජනගහනයට වඩා ස්ත්‍රීන්ගේ වර්ධනයක් දක්නට ලැබුනද, ශ්‍රී ලංකාව තුළ කාන්තාවන් ආර්ථික වශයෙන් ක්‍රියාකාරීත්වය පහළ මට්ටමක පවතින බව කිව හැක. ශ්‍රම බලකාය තුළ කාන්තාවන්ගේ දායකත්වය අවම මට්ටමක පැවැතීම ලෝක මට්ටමේ ගැටලුවකි. මෙහි අධ්‍යයන අරමුණ වන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ කාන්තාවන් ආර්ථික වශයෙන් ක්‍රියාකාරීත්වය පහළ මට්ටමක පැවතීමට බලපාන සාධක අධ්‍යයනය කිරීමයි. උප අරමුණු වශයෙන් ආර්ථික සාධක, සමාජීය සාධක, ප්‍රජා විද්‍යාත්මක සාධක මෙන්ම කාන්තාවන්ගේ අධ්‍යාපනය ශ්‍රම සහභාගිත්වය කෙරෙහි ඇති කරන බලපෑම විමසා බැලීම සිදු කරයි. මෙම අධ්‍යයනයට කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය අවම වශයෙන් පවතින දිස්ත්‍රික්කයක් ලෙස අම්පාර දිස්ත්‍රික්කය තෝරා ගත් අතර එහි මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ග්‍රම සේවා වසම් හතරක් තුලින් 92 ක නියැදියක් සම්භාවිතා නියැදුම් ක්‍රමයක් වන පොකුරු නියැදීම යටතේ තෝරා ගන්නා ලදී. කාන්තාවන් ආර්ථිකයට ක්‍රියාකාරී නොවීමට බලපාන සාධක වන කාන්තාවගේ මවගේ හා පියාගේ අධ්යාපන මට්ටම්, උසස් අධ්‍යාපනයට මෙන්ම රැකියාවකට යොමු නොවීමට බලපාන හේතු සාධක, අධ්‍යාපනය ලැබූ පාසල, නිවසේ තත්ත්වය ආදී සමාජීය සාධකත්, එසේම වයස, විවාහකත්වය, විවාහක වයස, විවාහ වූ ආකාරය, සාඵල්‍යතා මට්ටම්, රෝගයකින් පෙළීම, සංක්‍රමණ ආදී ප්‍රජා විද්‍යාත්මක සාධකත්, එසේම පවුලේ ආදායම, පවුලේ ආර්ථික කටයුතුවලට සම්බන්ධ වීම, ආදායම් උපයන්නාගේ රැකියාව, පෙර නිරත වූ රැකියාව, කාල සීමා හා වැටුප්, ප්‍රදේශයේ පවතින රැකියා මට්ටම්, සහනාධාර යන ආර්ථික සාධක අධ්‍යයනය කරන ලදී. එමෙන්ම දත්ත විශ්ලේෂණය සඳහා විස්තරාත්මක සංඛ්‍යාන ක්‍රම, සහසම්බන්ධතා සංගුණක, ප්‍රතිපායනයල සාධක විශ්ලේෂණය, කයි වර්ග පරීක්ෂාව යන දත්ත විශ්ලේෂණ ක්‍රම යොදා ගන්නා ලදී. ආර්ථික වශයෙන් ක්‍රියාකාරී නොවන පවුල්වල ඉතුරුම් ප්‍රමාණය කෙරෙහි පවුලේ ආදායමෙහි බලපෑම පරීක්ෂා කිරීමේදී ඉහළ ධන සහසම්බන්ධතාවයක් පවතින බව දැක ගත හැකි විය. සාධක විශ්ලේෂණය තුලින් කාන්තාව ආර්ථික වශයෙන් ක්‍රියාකාරී නොවීමට බලපාන ප්‍රධාන සාධක පහකට බෙදා ගත හැකි විය. මෙහිදී ගත හැකි ප්‍රධානම නිගමනය වූයේ කාන්තාවන් ආර්ථික වශයෙන් ක්‍රියාකාරී නොවන බව සම්පූර්ණ සත්‍යයක් නොවන බවයි. නිවෙසේ වැඩ කටයුතු, දරුවන් රැකබලා ගැනීමට, අමතරව පවුලේ ආර්ථික කටයුතු සඳහා දායක වීම කාන්තාවන්ට පැවරී තිබේ. එසේම මෙම ප්‍රදේශය රැකියා අවස්ථා පැවතීම 69.56% ගේ අදහස රැකියා අවස්ථා සුළු ප්රමාණයක් පමණක් ඇති බවයි. ප්‍රදේශය තුළ ආර්ථික වශයෙන් ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමට ප්‍රදේශයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, නව රැකියා අවස්ථා ලබාදීම, ඉඩම් ගැටලු විසඳීම, අධ්‍යාපන අවස්ථා වැඩි දියුණු කිරීම, ණය ආධාර ලබාදීම වැනි දේ අවශ්‍ය වන බව යෝජනා කළ හැකිය.