Social Sciences

Permanent URI for this communityhttp://repository.kln.ac.lk/handle/123456789/189

Browse

Search Results

Now showing 1 - 1 of 1
  • Thumbnail Image
    Item
    ශ්‍රී ලංකාවේ මුළු සාධක ඵලදායීතාවය සහ ආර්ථික වර්ධනයට එමගින් සිදුවන බලපෑම පිළිබඳ අධ්‍යයනය කිරීම
    (Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka., 2019) Gunarathna, D.D.Y.N.
    ආර්ථික විද්‍යාවේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගනු ලබන සෑම යෙදුමක් ම භූමිය, ශ්‍රමය ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය යන පුළුල් සාධක හතරට ඇතුලත් වේ. මෙම අධ්‍යයනයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ සාධක ඵලදායිතාවය අතර පවතින අන්තර් සම්බන්ධතාවය ඇස්තමේන්තු කිරීම මෙන්ම ඉතාමත් අඩු අවධානයකින් යුතුව ආර්ථික වර්ධනයට බලපාන තාක්ෂණික ප්‍රගතිය සහ නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඇස්තමේන්තු කිරීම සඳහා වැඩිදුරටත් අවධානයක් යොමු කර එහි වැදගත්කම ඇස්තමේන්තු කිරීම මෙම අධ්‍යයනය මගින් සිදුකර ඇත. ඒ අනුව අධ්‍යයනයේ දී නිෂ්පාදන ශ්‍රිතය ඇස්තමේන්තු කිරීම සඳහා කොබ් ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය භාවිතා කරන ලද අතර සෝලෝ වර්ධන ආකෘතියට අනුව තාක්ෂණික ප්‍රගතිය ඇස්තමේන්තු කොට එහි වෙනස්වීම සමස්ත සාධක ඵලදායීතාව ලෙස දක්වා ඇත. 1990 සිට 2018 දක්වා කාලය තුළ ආර්ථික වර්ධනයට අදාළ දත්ත යොදාගෙන ඇත. ආර්ථික වර්ධනය සහ මුළු සාධක ඵලදායීතාවය අතර සම්බන්ධතාව හඳුනා ගැනීම සඳහා කාලශ්‍රේණි අධ්‍යයනයක් මගින් සිදුකරන ලද අතර අත්‍යවශ්‍ය ඒක මූල පරික්ෂා සහ සානුකලන පරික්ෂා ආදී ආර්ථිකමිතික පරීක්ෂාවන් ද අදාළ පරිදි සිදු කරන ලදී. එසේම වර්ධන ගිණුම්කරණ ක්‍රමවේදය මගින් ආර්ථිකමිතික ඇස්තමේන්තුවල නිරවද්‍යතාව ද නැවත විමසා බලන ලදී. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, සහ බංගලාදේශය යන රටවල දළ දේශීය නිශ්පාදිතය, ප්‍රාග්ධන තොගය සහ ශ්‍රම බලකාය පිළිබඳව ලබා ගන්නා ලද තොරතුරු ආශ්‍රයෙන් මෙම රටවල් හතරෙහි ආර්ථික වර්ධනය සඳහා මුළු සාධක ඵලදායිතාවේ බලපෑම කෙසේද යන්න හඳුනාගැනීමද සිදු කරන ලදී. ඒ අනුව අධ්‍යයනය මගින් පැහැදිලි වූයේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට මෙන්ම මෙම රටවල් හතරෙහි ආර්ථික වර්ධනය සඳහා ද මුළු සාධක ඵලදායීතාව ඉතාමත් ප්‍රශස්ත ආකාරයෙන් භාවිතයට නොගන්නා බවයි. ආර්ථික වර්ධන ක්‍රියාවලියට බලපාන මුළු සාධක ඵලදායීතාවය ඉතාමත් ඉහළ අගයක නොපැවතීම තුළ සාධක ඵලදායීතාවය තවදුරටත් වර්ධනය කිරීමෙහිලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව පැහැදිලි වේ.