Samaja Gaweshakayo
Permanent URI for this communityhttp://repository.kln.ac.lk/handle/123456789/22263
Browse
10 results
Search Results
Item A Scientific Inquiry into Family Factors Affecting to Divorce(SDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, 2020) Silva, H. Sachini Nisansala,Family is the most distinctive social organization which serves multiple tasks to the society. According to social and anthropologists it is the opinion of that it is as old as man. Then a family is considering as multi-purpose unit. It is a group that satisfies the physical and emotional needs of man. Hence, it fulfils an essential part of introducing new members to the society. The process of modernization in society and the influence of globalization merely draw on the physical things that have been found in secular material, but not in spiritual values. Under such circumstances, there will be no longer time to split the marriage life. Over time, in the changing world, there is a huge trend in the collapse of marriages. That is mean their incensement of divorce rate. It is revealed that a marriage with a thousand hopes are ended with divorce due to number of other strong facts than alcohol abuse, oppression and neglect when analyze the causes for divorce in realistic basis. Consider the global & local view on divorce, the objective of this article is to find out social, economic & cultural factors which effect on divorce by using Layman view.Item The Rice of Online Learning During the COVID-19 Pandemic in Sri Lanka(SDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, 2020) Wanigasingha, C.B.Educational institutions (schools, colleges, and universities) in Sri Lanka are currently based on traditional methods of learning, that is, we follow the traditional set up of face-to-face lectures in a classroom. Although many academic units have also started blended learning, still a lot of them are stuck with old procedures. The sudden outbreak of a deadly disease called Covid-19 caused by a Corona Virus (SARS-CoV-2) shook the entire world. The World Health Organization declared it as a pandemic. This situation challenged the education system across the world and forced educators to shift to an online mode of teaching overnight. Many academic institutions that were earlier reluctant to change their traditional pedagogical approach had no option but to shift entirely to online teaching–learning. The article includes the rice of online learning, importance of online learning and Strengths, Weaknesses, Opportunities, & Challenges analysis of e-learning modes in the time of crisis.Item ආලේඛ්‍ය ඡායාරූපකරණය, දේශපාලන ප්‍රතිරූප හා මහජන සම්බන්ධතා(SDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, 2020) Rupasinghe, Amani Ireshika,එදිනෙදා ජිවිතයේ දී නොයෙකුත් කාර්යභාරයන් ඉටු කර දෙන ඡායාරූපයේ නොයෙකුත් ව්‍යවහාරයන් අතර ආලේඛ්‍ය ඡායාරූපයට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. දේශපාලඥයකුගේ ප්‍රතිරූපයක් ගොඩනැංවීම හා එය සාර්ථකව පවත්වාගෙන යාම එක රැයකින් සිදු කළ හැක්කක් නොවේ. ඊට විවිධ මහජන සම්බන්ධතා ක්‍රමෝපායන් දියත් කරනු ලැබේ. එම මහජන සම්බන්ධතා විධික්‍රම අතර දේශපාලනික ලෝකයේ මහජනතාව සමග මනා මහජන සම්බන්ධතාවක් පවත්වා ගැනීමට හා දේශපාලඥයින්ගේ ප්‍රතිරූපය ගොඩනංවා ගැනීමට ආලේඛ්‍ය ඡායාරූපය නැතිවම බැරිය. මෙම ලිපිය මගින් සාකච්ජා කරනුයේ ආලේඛ්‍ය ඡායාරූපය දේශපාලන ප්‍රතිරූප ගොඩනැංවීමට භාවිතා කරනුයේ කෙසේද? මනා මහජන සම්බන්ධතාවයක් හා ප්‍රතිරූප ගොඩනගන ආලේඛ්‍ය ඡායාරූපයක් නිර්මාණය කරගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. දේශපාලනික ලෝකයේ ලොව ජනාදරයට පත් බැරැක් ඔබාම, නරේන්ද්‍ර මොඩි, මහින්ද රාජපක්ෂ වැනි දෙස් විදෙස් දේශපාලනික නායකයින්ගේ සාර්ථක ආලේඛ්‍ය ඡායාරූප ජනතාවගේ මතකයේ සදා රඳා පවතිනුයේ එම ආලේඛ්‍ය ඡායාරූප නිවැරදි ශිල්ප ක්‍රමයක පිහිටා අවශ්‍ය අරමුණු සාක්ෂාත් කරගන්නා ලෙස ග්‍රහණය කරගත් බැවිනි. මේ අනුව ආලේඛ්‍ය ඡායාරූපය දේශපාලනික ප්‍රතිරූප ගොඩනැංවීමෙහිලාත් සාර්ථක මහජන සම්බන්ධතා පැවැත්වීමේ ක්‍රමවිධියක් ලෙසත් වටිනා කාර්යභාරයක් ඉටු කරන බව ගම්‍ය වේ.Item 1980 දශකයෙන් පසු ලොව පුරා පළාත් පාලන ආයතන ප්‍රතිසංස්කරණ ව්‍යාප්තවීම සඳහා බලපාන ලද හේතු සාධක පිළිබද විමර්ෂණාත්මක අධ්‍යයනයක්(SDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, 2020) Kumari, H.A.C.Dපළාත් පාලනය වූ කලි නීතියෙන් අවසර ලැබී ඇති සේවා සැපයිමකි. පළාත් පාලනය ගත් විට එක් එක් පළාත්බද ශාඛා ඇති මධ්‍ය කාර්යාලයක් මගින් පාලනය කරන දේශව්‍යාප්ත ව්‍යාපාරයක් ලෙස හඳුනාගත හැකිය. යම් කිසි ප්‍රදේශයක වාසය කරන්නවුන්ගේ යහපත පිණිස අතුරු ව්‍යවස්ථා ඇති කිරීමේ බලය සහිත පරිපාලන වූ ත් විධායක වූ ත් බල ඇති ඡන්ද බලයෙන් තෝරාගනු ලැබූ පළාත්බද ආයතන මගින් කෙරෙන පාලනය පළාත් පාලනය වේ. අදාළ ප්‍රදේශයේ ජනතාවගේ පහසුව සුඛ විහරණය හා යහපැවැත්ම වෙනුවෙන් සේවා සැපයීම අවශ්‍ය වේ. මෙකී අරමුණ මුදුන්පත් කරවා ගැනීමේ අභිලාශය පදනම් කොටගෙන 1980 දශකයෙන් අනතුරුව පළාත් පාලන ප්‍රතිසංස්කරණ ලොව පුරා ව්‍යාප්තවීම හඳුනාගත හැකිය. එතෙක් මධ්‍ය බල අධිකාරිත්වයෙන් පරිපාලන කටයුතු සිදු වූ අතර එයින් පැන නඟින්නා වූ දුර්වලතාවන් නිසාවෙන් සෑම රාජ්‍යයක් පාහේ ඉන් ලිහිල්වීමේ අවශ්‍යතාවය ස්මතු විය. බොහොමයක් රාජ්‍යයන් ආණ්ඩුකරණයේ දී හා පරිපාලන කටයුතුවල දී අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග එක හා සමාන ස්වරුපයක් ගැනීම ද විශේෂයෙන් හඳුනාගත හැකි විය.Item සංවර්ධනයෙහි ලා කාන්තා දායකත්වය පිළිබඳ සමාජ විද්‍යාත්මක විමසුමක්(SDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, 2020) Asangika, K.P.R.Sujaniසංවර්ධනය යනු සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික වූ සෑම අංශයකම සිදුවන්නා වූ ගුණාත්මක වර්ධනයකි. බහුමානික සංකල්පයක් වන සංවර්ධනය ලෝකයේ රටවල් විවිධාකාරයෙන් භුක්තිවිඳිති. සංවර්ධනය යනුවෙන් මුල්කාලීනව හඳුනාගත්තේ ඒක පුද්ගල ආදායම (Pre Capital Income-PCI) ඉහළ තත්ත්වයක් සාධනය කරගැනීම මතය. නමුත් මෙම ක්‍රමවේදයේ දී පුද්ගල සංවර්ධනය පිළිබඳ කිසිදු ආකාරයකින් ඇගයීමට ලක් නොවීය. එහි පවත්නා වූ දුර්වලතා මගහරවා ගනු වස් භෞතික ජීවන තත්ත්ව දර්ශක (Physical Quality of Life Index-PQLI) උපයෝගී කරගනිමින් සංවර්ධනය මිනුම් කරන ලදි. ආර්ථික සංවර්ධනය හා සමාජ සංවර්ධනය යන දෙයංශයම අන්තර්ගතවන පරිදි මානව සංවර්ධන දර්ශකය (Human Development Index-HDI) හඳුන්වා දෙන ලදි. 2000 වර්ෂය වන විට සහස්‍ර සංවර්ධන අභිමතාර්ථ (Millennium Development Goals –MDGs) මගින් යම් යම් අභිමතාර්ථ මුදුන් පමුණුවාගෙන ඇත. වර්තමානය වන විට එය පාරිසරික ප්‍රතිපත්ති හා තදනුබද්ධ වෙමින් තිරසර සංවර්ධන අභිමතාර්ථ (Sustainable Development Goals) වශයෙන් 2030 වර්ෂය දක්වා කාලපරාසය තුළ ක්‍රියාත්මක වන ක්‍රියාදාමයක් වශයෙන් හඳුනාගත හැකි ය. කාන්තාව පිළිබඳ විමසා බැලිමේ දී, ස්ත්‍රී පුරුෂ සමාජභාවය වනාහී ලිංගික වෙනස්කම් සඳහා දෙනු ලබන සමාජීය/සංස්කෘතික සහ ආර්ථික වටිනාකම් වේ. මෙය සංස්කෘතියෙන් සංස්කෘතියට මෙන්ම කාලයෙන් කාලයට ද වෙනස් විය හැකි ය.Item භූගෝලීය තොරතුරු පද්ධතිය භාවිතයෙහි ඇති වාසි හා අවාසි(SDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, 2020) Rathnayaka, R.M.Kalinduලිඛිත ඉතිහාසයට අනුව සිතියම් ඉතිහාසයෙහි ආරම්භය සලකා බලන විට එය ලෝකයේ ලිඛිත ඉතිහාසයට ද වඩා පැරණිය. ලෝකයෙහි සිතියම් විද්‍යාවේ ඉතිහාසය ගැන විමසා බැලීමේදී එය ලේඛන කලාව ආරම්භවීමට ප්‍රථම දේශ ගවේෂණ කාලයේ දී භාවිතයට ගැනුණ බව සිතියම් අධ්‍යයනය කරන විට අපට පැහැදිලි වන කරුණකි. මෙසපොතෙමියාවෙහි වත්තක පිහිටීම දැක්වෙන ගාසුර් මැටි පුවරුව දැනට ලොව පැරණිතම සිතියම ලෙස හදුන්වන අතර එය ක්‍රි.පු. 2500 දී පමණ නිර්මාණය කරන්නට ඇතැයි විද්‍යාඥයින් ප්‍රකාශ කරනු ලබයි. එසේ ඇරඹි සිතියම් විද්‍යාව අද වන විට ඉතා දියුණු තත්ත්වයකට පැමිණ ඇති බව නුතන සිතියම් විද්‍යාත්මක ක්‍රම අධ්‍යයනය කිරීමේ දී අපට මනාව පැහැදිලි වන කරුණකි. වර්තමානයේ දී භාවිතා කරනු ලබන භූගෝලීය තොරතුරු පද්ධතිය (Geographic Information System) හෙවත් GIS තාක්ෂණය මගින් සිතියම් විද්‍යාවේ ලබා ඇති සීග්‍ර සංවර්ධනය මනාව පැහැදිලි වේ. මෙම ලිපිය මගින් අවධානය යොමු කරනු ලබන්නේ භූගෝලීය තොරතුරු පද්ධතිය භාවිතයෙහි ඇති වාසි හා අවාසි පිළිබඳවය.Item ජාත්‍යන්තර මහජන සම්බන්ධතා පිළිබඳ න්‍යායයන් හඳුනාගැනීම(SDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, 2020) Madurasinghe, Dasini Indupa,මහජන සම්බන්ධතා යනු යම් කිසි පාර්ශව දෙකක් සමග හොඳ හිත වර්ධනය කරගැනීම අරමුණු කරගත් අඛණ්ඩ ක්‍රියාවලියක් ලෙස සරලව හැඳින්විය හැක. මෙම ක්‍රියාවලිය පිළිබඳ ශාස්ත්‍රීය මට්ටමින් අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගත්, සන්නිවේදන, ජනමාධ්‍ය, දේශපාලන, සමාජීයවිද්‍යා සහ අලෙවිකරණ ආදී විවිධ ක්ෂේත්‍රයන්ට අයත් විද්වත්හු මහජන සම්බන්ධතා ක්ෂේත්‍රයට විශේෂිතව විවිධ නිර්වචන සහ න්‍යායයන් හඳුන්වා දී ඇත. මෙලෙස විකාශනය වෙමින් වර්ධනය වී ඇති මෙම විෂය ක්ෂේත්‍රය වර්තමානය වන විට ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන අතර ඒ හරහා ගෝලීය මහජන සම්බන්ධතා ක්‍රියාවලියක් බිහි වී ඇත. එමෙන්ම විවිධ විද්වතුන් විසින් ශාස්ත්‍රීය මට්ටමින් ඒ සඳහා ම වෙන් වූ නිර්වචන සහ න්‍යායයන් ගෝලීය වශයෙන් මෙන්ම කලාපීය වශයෙන් ඉදිරිපත් කර ඇත. එබැවින් ගෝලීය මහජන සම්බන්ධතා සැළසුම් කිරීමේ දී මෙන්ම ක්‍රියාත්මක කිරීමේ දී එම න්‍යායයන් අධ්‍යයනය කිරීම සහ භාවිත කිරීමේ වැදගත්කම හඳුනාගැනීම මෙම පර්යේෂණයේ අරමුණ වූ අතර යම් කිසි රාජ්‍යයක්, ආයතනයක් හෝ සංවිධානයක් ජාත්‍යන්තර මහජන සම්බන්ධතා පුහුණු කරන්නේ නම් එම න්‍යායන් හි අන්තර්ගතය පිළිබඳ අවබෝධයක් තිබීම සහ ඒවාට අනුකකූලව ක්‍රියාත්මක වීම තුළින් ඉලක්ක විදේශ මහජන කණ්ඩායම් සමග සාර්ථක මහජන සම්බන්ධතා ගොඩනගා ගත හැකි බව නිගමනය විය.Item සුඩාන් අර්බුදය සම්බන්ධ විමර්ශනාත්මක අධ්‍යයනයක්(SDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, 2020) Prashanthika, R.G.Aමානව සබඳතා ඇතිවීමේ හා වර්ධනය වීමේ නිශේධනීය ප්‍රතිඵලයක් වශයෙන් ගැටුම හඳුනාගත හැකිය- ඇතැම් අවස්ථාවන්හි දී ගැටුම තුළින් යහපත් තත්ත්වයන් උදා කරන බවට මත පැවතිය ද වඩාත් අවිවාදාත්මක වන්නේ ගැටුම වූ කලි සමාජය අස්ථාවරත්වය උදා කරන විනාශකාරී ක්‍රියාවලියක් වන බවයි- ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ දැක්වෙන පරිදි “ගැටුමක් යනු ප්‍රචණ්ඩ හැප්පීමක්, අරගලයක් හෝ හරඹයක්, මානසික වශයෙන් සිදුවන අරගලයක්” වශයෙන් අර්ථකථනය කර ඇත- මේ අනුව ගැටුම යන්න විවිධාකාරයෙන් හඳුනාගත හැකි අතර එය කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද සිදුවන්නා වූ ක්‍රියාවලියක් වශයෙන් හඳුනාගත හැකිය- මේ අනුව මෙම ලිපියේ ප්‍රධානතම අරමුණ වන්නේ දිග්ගැස්සුණු ගැටුමක් වශයෙන් ලොව තුළ බොහෝ කතිකාවන්ට භාජනය වූ සුඩාන් අර්බුදය පිළිබඳව විමර්ශනය කිරීමයි- මෙම අධ්‍යයනය සඳහා අවශ්‍ය තොරතුරු සපයා ගැනීම ද්විතියික තොරතුරු මූලාශ්‍ර මත පදනම්ව විස්තරාත්මක ක්‍රමවේදය යොදා ගනිමින් තොරතුරු රැස් කරන ලදි- සුඩාන අර්බුදය සම්බන්ධව අවධානය යොමු කිරීමේ දී ගැටුමට අදාළ මූලයන්, ගැටුමේ ස්වභාවය, වර්ධනය හා සුඩාන අර්බුදය විසඳීමට ගත් උත්සහයන් පිළිබඳව මෙම අධ්‍යයනයේ අන්තර්ගත වී ඇත-Item මූඩ්ල් (Moodle) ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS) හා එහි අඩංගු ක්‍රියාකාරකම් පිළිබඳ හැඳින්වීමක්(SDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, 2020) Somananda Thero, Bopeththeතොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ වේගවත් සංවර්ධනයන් සහ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS) ඇතුළු විද්‍යුත් ඉගෙනුම් මෙවලම් භාවිතය අධ්‍යාපන ක්‍රියාවලීන් සඳහා අත්‍යවශ්‍ය වී තිබේ. බොහෝ උසස් අධ්‍යාපන ආයතන ඉගෙනීමේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, ඉගෙනුම්කරුවන්ට තාක්‍ෂණික කුසලතා ඇති කිරීම, ඉගෙනගන්නන් වඩාත් අන්තර්ක්‍රියාකාරී වීමට දිරිගැන්වීම සහ උපදේශන ක්‍රියාවලීන්හි කාලය හා අවකාශයේ සීමාවන් ඉවත් කිරීම සඳහා LMS භාවිත කර ඇත (අල්-සයිඩියීන්, සහ වෙනත්, 2008; චැං,2008). උසස් අධ්‍යාපනයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සහාය වීම සඳහා මූඩ්ල් වැනි ඉගෙනුම් කළමනාකරණ පද්ධති භාවිත කරන විට බොහෝ වාසි ඇත. සිසුන්ගේ සහයෝගය සහ මාර්ගගත අන්තර්ක්‍රිරියාකාරිත්වය සඳහා වන එහි ඇඟවුම් ද සලකා බලනු ඇත. තවද මෙමගින් විවිධ ඉගෙනුම් පරිසරයන්හි සහයෝගීතාවයකට අධ්‍යාපන නියෝජිතයින් යොමු කරයි. එහිදී ඔවුන්ට මුහුණට මුහුණලා ඇති උපදෙස්, පරිගණක-මැදිහත් උපදෙස්, මිශ්‍ර-ඉගෙනුම් සමඟ ඒකාබද්ධ කළ හැකි අතර එමගින් මානව සන්නිවේදනයේ වඩා හොඳ ගුණාත්මකභාවය සඳහා ඇති හැකියාව වැඩි කරයි. ඉගෙනුම් කළමණාකරණ පද්ධතිවල පොදු සංරචක වල සමමුහුර්ත හා අසමමුහුර්ත සන්නිවේදන මෙවලම්, කළමනාකරණ ලක්‍ෂණ සහ තක්සේරුකරණ උපයෝගිතා අඩංගු වේ. Volume 1 - 2020Collection