Digital Repository

නිලධාරිවාදය මඟින් ආයතන ඵලදායිතාවයට ඇති වන බලපෑම (ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇසුරෙන්)

Show simple item record

dc.contributor.author ගයාන්, බි.කේ.කේ.
dc.date.accessioned 2023-08-08T08:41:40Z
dc.date.available 2023-08-08T08:41:40Z
dc.date.issued 2022
dc.identifier.citation ගයාන් බි.කේ.කේ. (2021), නිලධාරිවාදය මඟින් ආයතන ඵලදායිතාවයට ඇති වන බලපෑම (ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇසුරෙන්), 7th National Research Conference on Applied Social Statistics 2022. Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka. 119-124 en_US
dc.identifier.uri http://repository.kln.ac.lk/handle/123456789/26496
dc.description.abstract නිලධාරිවාදය යන්න ප්‍රතිපත්තිමය හා තීරණ ගැනීමේ අයිතිය ශ්‍රම බෙදීම මත පදනම්ව ස්ථර මත ධූරාවලීන් ලෙස බෙදුනු දැඩි විධාන හා නීති රාමු සහිත ආයතන සංවිධාන ක්‍රමයකි. නිලධාරිවාදය සංකල්පයක් ලෙස ග්‍රීක වචන දෙකකින් වියුත්පන්න වී ඇත. එය “bureau“කාර්යාලය “kratos“ පාලනය හෝ බලය යන අරුත දේ. ඉංග්‍රීසි භාෂාවෙන් “bureaucrac“උක්ත පද දෙකේ එකතුවකි. නිලධාරිවාදය යන යෙදුම ඒ අනුව “කාර්යාලයේ බලය“ හැඳින්වීමට භාවිතා කරයි (Wasim, 2011; Olajide, 2016 සහ lbietani, 2016). නිලධාරිවාදයේ ප්‍රමුඛතම න්‍යායාචාර්යවරයා වන්නේ ජර්මන් ජාතික සමාජ විද්‍යාඥයෙකු වන මැක්ස් වෙබර් ය. නිලධාරි තන්ත්‍රය නිර්වචනය කරන ලක්ෂණ එය නීති විරෝධී බලතල මත පදනම් වූ වෙනත් සංවිධාන වලින් තියුණු ලෙස වෙනස් කරයි. නිලධාරිවාදයේ න්‍යාය ඉහළ නිලධාරියාට අවසාන අධිකාරිය ඇති ධූරාවලීමය විධාන දාමයක් සහිතයි. එක් එක් සේවකයා නිශ්චිත රැකියාවක් කරන විට ශ්‍රමය සුවිශේෂී බෙදීමක් වේ. පැහැදිලිව අර්ථ දක්වා ඇති සහ තේරුම් ගත් ගත් ආයතනික අරමුණු සමූහයක් සහිත වේ (Ali, 2009). සියලුම සේවකයන් පිළිපැදීමට එකඟ වන පැහැදිලිව ලියා ඇති විධිමත් නීති මාලාවක් සහිතයි. රැකියා ඵලදායිතාවය විනිශ්චය කරනු ලබන්නේ සේවකයාගේ ඵලදායිතාව නිලධාරිවාදය ආයතන ඵලදායිතාවට බලපෑම අධ්‍යයනයේ දී ඇසුරු කොටගත්, නිලධාරී ක්‍රමය ශ්‍රී ලංකාවේ ස්ථාපිත වූයේ බටහිර අධිරාජ්‍යවාදයට නතුවීම සමගිනි. නිලධාරී ක්‍රමය සහිතව වර්ෂ 1800 අගෝස්තු 02 දින ආරම්භ කළ ප්‍රථම දෙපාර්තමේන්තුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවයි (Tambiah, 1953). ඒ අනුව නිලධාරී ක්‍රමයේ මූලාරම්භයේ සිට යුක්ත වූ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතයක් වන මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ක්‍රමවේදය වර්තමානය වන විටත් ආයතන ඵලදායිතාවයට බලපෑම විමසයි (SDOS, 2014). නිලධාරිවාදයේ කාර්යයන් හා ප්‍රායෝගික තත්වයන් ආයතන ඵලදායීතාවයට බලපාන අයුරු අධ්‍යයනය කරයි. සංකීර්ණ බහු විධ මට්ටමේ පරිපාලන ධූරාවලිය, දෙපාර්තමේන්තු විශේෂීකරණය, අධිකාරිය දැඩි ලෙස බෙදීම, සම්මත විධිමත් දැඩි නීති මාලාවන් හා මෙහෙයුම් ක්‍රියාපටිපාටි යන මූලික නිලධාරිවාදී ලක්ෂණ මත මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඵලදායිතාවය වන ඉඩම් මැනීමේ කාර්යාලය නිවැරදිව සිදු වනවා ද යන්න අධ්‍යනය කිරීම සිදු කරයි. en_US
dc.publisher Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka en_US
dc.title නිලධාරිවාදය මඟින් ආයතන ඵලදායිතාවයට ඇති වන බලපෑම (ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇසුරෙන්) en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search Digital Repository


Advanced Search

Browse

My Account