Digital Repository

ශ්‍රී ලංකාවේ ජංගම අන්තර්ජාල පැකේජ පාරිභෝගික ප්‍රජාවගේ මිලදී ගැනීමේ හැසිරීමට බලපාන සාධක

Show simple item record

dc.contributor.author දිසානායක, ඩී. එම්. ඒ. එම්.
dc.date.accessioned 2023-08-08T08:28:05Z
dc.date.available 2023-08-08T08:28:05Z
dc.date.issued 2022
dc.identifier.citation දිසානායක ඩී. එම්. ඒ. එම්. (2021), ශ්‍රී ලංකාවේ ජංගම අන්තර්ජාල පැකේජ පාරිභෝගික ප්‍රජාවගේ මිලදී ගැනීමේ හැසිරීමට බලපාන සාධක, 7th National Research Conference on Applied Social Statistics 2022. Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka. 35-40 en_US
dc.identifier.uri http://repository.kln.ac.lk/handle/123456789/26483
dc.description.abstract 1830 වර්ෂයේ පමණ ආරම්භ වූ විදුලි සංදේශ කර්මාන්තය දෛනික ජීවිතයේ ක්‍රියාපටිපාටියෙන් වෙන් කළ නොහැකි (Henriques, 2005). වර්තමානය වන විට ජංගම දුරකථනය භාවිත කරන්නන්ගේ වර්ධනයත් සමඟ අන්තර්ජාල භාවිතා කරන්නන්ගේද වර්ධනයක් සිදු විය (ITU – The International Telecommunication Union, 2021). ගෝලීය වශයෙන් 2010 වර්ෂය වන විට 28.87% ක අන්තර්ජාල භාවිත කරන්නන් ප්‍රමාණයක් පෙන්නුම් කරන අතර 2021 වර්ෂය වන විට 65.2%ක අන්තර්ජාල භාවිතා කරන්නන් ප්‍රමාණයක් වර්ධනය වී ඇත (ITU, 2021). ගෝලීය වශයෙන් මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ වර්ධනය සමඟ අන්තර්ජාල සේවා සපයනු ලබන සන්නාමකරුවන් විසින් අන්තර්ජාල පරිශීලක ප්‍රජාව වෙත වඩා ප්‍රායෝගික, කාර්යක්ෂම අන්තර්ජාල සේවාවක් ලබාගැනීම උදෙසා ජංගම අන්තර්ජාල පැකේජ හඳුන්වා දෙන ලදී (Rajapaksha & Dissanayaka, 2018). 2005 සිට 2007 වර්ෂයන් තුළ අන්තර්ජාල පැකේජ වෙත 4%ට අඩු පාරිභෝගික ප්‍රජාවක් පෙන්නුම් කරන ලද අතර 2020 වර්ෂය වන විට 35%ක පාරිභෝගික ප්‍රජාවක් නිර්මාණය වී ඇත. (Telecommunication Regulatory Commision of Sri Lanka, 2021). ඒ අනුව ශ්‍රී ලංකාවේ ජංගම අන්තර්ජාල පැකේජ පාරිභෝගික ප්‍රජාවගේ මිලදී ගැනීමේ හැසිරීමට බලපාන සාධක හඳුනාගැනීම අධ්‍යයනයේ අරමුණ විය. පාරිභෝගික මිලදී ගැනීමේ හැසිරීම් පිළිබඳ ලොව පුරා අධ්‍යයනයන් රාශියක් සිදු කර ඇති නමුත් ජංගම අන්තර්ජාල පැකේජ මිලදී ගැනීමේ හැසිරීම කෙරෙහි බලපානු ලබන සාධක පිළිබඳ අධ්‍යයනයන් ඉතා සීමිත ප්‍රමාණයක් සිදු කර ඇති අතර ශ්‍රී ලංකාව තුළද අධ්‍යයනයන් ඉතාමත් සීමිත වේ- එමෙන්ම ශ්‍රී ලාංකීය අන්තර්ජාල පාරිභෝගික පිරිසගේ හැසිරීම පිළිබඳ අවබෝධය නොමැතිකම හේතුවෙන් සිදුවන අසාර්ථකත්වයන් මඟහරවා ගනිමින් මාධ්‍ය අයවැයකරණය, මාධ්‍ය සැලසුම්කරණය සහ මාධ්‍ය සැලසුම්කරණයේ වාසි ලබා ගැනීමට අන්තර්ජාල පැකේජ සන්නාමකරුවන්ට මෙම අධ්‍යයනය මඟින් අවස්ථාව ලැබේ. ශ්‍රී ලංකාවේ ජංගම අන්තර්ජාල පැකේජ සන්නාමකරුවන් හට මිලදී ගැනීම කෙරෙහි බලපාන සාධක පිළිබඳ අවධානය යොමු කරමින් ඊට අදාළව තම සේවාව ලබා දීමට හැකියාව ලැබීම සහ ඒ තුළින් තෘප්තිමත් පාරිභෝගික ප්‍රජාවක් නිර්මාණය කරගැනීමට හැකියාව ලැබීම සහ ජංගම අන්තර්ජාල පැකේජ මිලදී ගැනීමේ දී පාරිභෝගික පිරිස විසින් වඩා සැලකිලිමත් විය යුතු සාධක පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය. අධ්‍යයනය තුළ හඳුනා ගත හැකි සීමා ලෙස ජංගම අන්තර්ජාල පැකේජ පාරිභෝගික ප්‍රජාව ගෝලීය වශයෙන් ව්‍යාප්ත වුව ද මෙම පර්යේෂණය මඟින් ශ්‍රී ලාංකික පාරිභෝගික ප්‍රජාව පිළිබඳ පමණක් අවධානය යොමු කරනු ලබයි- එමෙන්ම අධ්‍යයනය තුළ ජංගම අන්තර්ජාල පැකේජ පාරිභෝගික පිරිස ලෙස ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන් හඳුනාගෙන ඇති අතර එම නිසා අධ්‍යයන ප්‍රතිඵල සාමාන්‍යකරණය කිරීමේ හැකියාව සීමිත වීම යනාදී වශයෙනි. en_US
dc.publisher Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka en_US
dc.title ශ්‍රී ලංකාවේ ජංගම අන්තර්ජාල පැකේජ පාරිභෝගික ප්‍රජාවගේ මිලදී ගැනීමේ හැසිරීමට බලපාන සාධක en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search Digital Repository


Advanced Search

Browse

My Account