Please use this identifier to cite or link to this item: http://repository.kln.ac.lk/handle/123456789/25911
Full metadata record
DC FieldValueLanguage
dc.contributor.authorකීර්ති, ජේ. කේ. පී. යු.-
dc.contributor.authorඅමරසිංහ, එස්.-
dc.contributor.authorකුමාර, එන්. වී. ජී. ඒ. එ. එච්.-
dc.date.accessioned2023-02-03T06:03:39Z-
dc.date.available2023-02-03T06:03:39Z-
dc.date.issued2022-
dc.identifier.citationකීර්ති ජේ. කේ. පී. යු.; අමරසිංහ එස්.; කුමාර එන්. වී. ජී. ඒ. එ. එච්. (2022), ලාංකේය දේශපාලන බල ව්‍යුහීය ආකෘතිය හා අලි-මිනිස් ගැටුමේ උභතෝකෝටිකය ගැටුම්වාදී න්‍යායික ප්‍රවේශයක් තුළින් ඥානවීමංසනය කිරීම, 22nd International Postgraduate Research Conference, Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka. 80.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/25911-
dc.description.abstractනුතන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සදහා ප්‍රfවිශ වීමත් එම ප්‍රfවිශගතකරණයේදී ස්වභාවික පරිසරයේ තුලනාත්මක සාදකයන් පිළිබද අවධානය යොමු නොකිරීමත් නිසා අලි- මිනිස් ගැටුම ප්‍රකට දික්ගැස්සුණු සමාජ ගැටුමක් ලෙස සමාජය තුළ ස්ථාපිත විය. දේශපාලන බල ව්‍යුහීය සම්බන්ධතාවය අලි-මිනිස් ගැටුම වර්ධනය වීම සදහා බලපා ඇති ආකාරය කෙසේද යන්න අධ්‍යයන ගැටලුව ලෙස භාවිත කරන ලදී. අධ්‍යයනය සදහා සමීක්‍ෂණ ක්‍රමfවිදය යටතේ මිශ්‍ර ක්‍රමය උපයෝගී කර ගන්නා ලදී. ප්‍රමාණාත්මක දත්ත ඒකරාශී කරගැනීම සදහා ප්‍රශ්නමාලා උපලේඛනය භාවිතා කළ අතර ගුණාත්මක දත්ත ඒකරාශී කරගැනීම සදහා නාභිය කණ්ඩායම් සාකච්ඡා, ප්‍රත්‍යෙයික අධ්‍යයන භාවිත කරන ලදී. අධ්‍යයනය සදහා සසම්භාවී නියැදිය යටතේ ස්තෘත නියැදිය භාවිතා කළ අතර නියැදියට අදාළව ප්‍රතිචාරකයන් 20ක් තෝරා ගන්නා ලදී. අධ්‍යයන ක්‍ෂේත්‍රය ලෙස මොණරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හම්බෙගමුව හා හම්බෙගමුව ජනපදය ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙක උපයෝගී කරගන්නා ලදී. මේ සදහා සමාජ, ආර්ථික හා සංස්කෘතික වශයෙන් එකිනෙකට වෙනස් කේන්ද්‍රීය හා පරිධිය ගම්මාන දෙකක් අධ්‍යයනය සදහා යොදා ගෙන ඇත. කේන්ද්‍රීය ගම්මානය ලෙස හම්බෙගමුවත් පරිධිය ගම්මානය හම්බෙගමුව ජනපදයත් භාවිත විය. හම්බෙගමුව ජනපදය තුළ සංක්‍රමණය වු ජනගහනය වාසය කරන අතර ඔවුන් නැවත පදිංචි කිරීම යන සංකල්පය තුළ පරිධිය ගම්මානය ලෙස පර්යේෂකයා විසින් භාවිත කරන ලදී. ප්‍රාදේශීය හා ග්‍රාමීය දේශපාලන බල ව්‍යුහීය ආකෘතිය ජාතික දේශපාලන බල ව්‍යුහීය ආකෘතිය මගින් පරිශිෂ්ටනය කිරීමත් එම පරිශිෂ්ටනය ගැටුමේ පරිධිය හා කේන්ද්‍රීය සාදක සමග අනුයාත කිරීම බල දේශපාලන ගැටුමක සිට දික්ගැස්සුණු සමාජ ගැටුමක් දක්වා වර්ධනය වීමට හේතු සාදක සපයා ඇති බව අනාවරණය කළ හැකිය. වනජීවී ප්‍රතිපත්ති, අභය භූමි ප්‍රතිපත්ති දේශපාලන ක්‍රමය සමග වෙනසියාවට ලක්වීමත් අන්තර් ආංශික ආයතන අතර අන්තර් සම්බන්ධතාවය බිදවැටීමත් ඒ සදහා මෙහෙයුම් හා නියාමන යාන්ත්‍රණයක් අඛණ්ඩව ක්‍රියාත්මක නොවීම නිසා ගැටුම දිග්ගැස්සුණු සමාජ ගැටුමක් බවට පත් වීමට හේතු සාධක වී තිබේ. ක්‍ෂුද්‍ර හා සාර්ව දේශපාලන බල ව්‍යුහීය ක්‍රියාවලිය ක්‍රියාත්මක වන ආකාරය මත ගැටුම සමාජය තුළ දික්ගැස්සුණු සමාජ ගැටුමක ලක්‍ෂණ නිර්මාණය කර ඇත. විශේෂයෙන්ම අනුනව බදු ප්‍රතිපත්තිය මත ඉඩම් බදු දීම, දේශපාලන හිතෛශීභාවය මත රක්‍ෂිත මානව වාසභූමි බවට පත්වීම තුළ දේශපාලන බල ව්‍යුහීය ආකෘතිය ග්‍රාමීය තලයෙහි ක්‍රියාත්මක වන ආකාරය හඳුනා ගත හැකිවිය. බල ව්‍යුහීය ආකෘතිය සමග මහා පරිමාන ව්‍යවසායකයන් හා පෞද්ගලික ව්‍යාපාරිකයන් ඉඩම් මිලදී ගැනීම, ගැසට් මගින් වනරක්‍ෂිත ව්‍යාපාරික කෘෂිකර්මාන්තය සදහා ලබාදීම මගින් ක්‍ෂුද්‍ර සහ සාර්ව දේශපාලන බල ව්‍යුහය මානව හා සත්ව ප්‍රජාවගේ අවශ්‍යතා අතර ඝට්ටණීය සම්බන්ධතාවයක් නිර්මාණය කිරීමට පසුබිම් සාධක සපයා ඇති බව අනාවරණය කළ හැකි වේ. විශේෂයෙන්ම ගැටුමේ සාර්ව හා මධ්‍ය කාරණා පිළිබදව සලකා බැලීමේ දී ආරක්‍ෂණ යාන්ත්‍රණය බිදවැටීම, ගෘහස්ත හිංසනය, අඩු වයස් විවාහයන් ගැටුමේ දෘෂ් කෘත්‍ය සාධක ලෙස හඳුනා ගත හැකිවිය. ගෘහස්ත හිංසනය 58 ක් හා කුටුම්බය තුළ ආරක්‍ෂණ යාන්ත්‍රණය බිදවැටීම නිසා මානසික හුදකලාභාවය හා ඉච්ඡාභංගත්වයට පත් වු ප්‍රතිචාරකයන් 69 අධ්‍යයන දත්ත මගින් අනාවරණය කර ගත හැකිවිය. ගැටුමෙහි තත්වාකාර සාදකයන් පිළිබද අවධානය යොමු කිරීමේ දී දික්ගැස්සුණු සමාජ ගැටුමක ලක්‍ෂණ හඳුනා ගත හැකි අතර සෘතුමය කාලයන් සමග ගැටුමෙහි උත්පාත අවපාත තත්ත්වයන් හඳුනා ගත හැකිවේ. දේශපාලන බල ව්‍යුහීය ආකෘතිය ග්‍රාමීය සමාජය තුළ බලමුළුගැන්වීමත් එම බලමුළුගැන්වීම මානව කුටුම්බය තුළ සුබසාධන ක්‍රියාවලිය බිදවැටීමටත් පරිපෝෂිත කණ්ඩායමක් ග්‍රාමීය පරිසරය තුළ නිර්මාණය වීමට අවශ්‍ය අවකාශීය පසුබිම ගොඩනැගී තිබීමත් නිසා ගැටුම දික්ගැස්සුණු සමාජ ගැටුමක් බවට විපරිවර්තනය වී ඇති බව නිගමනය කළ හැකිය. මේනිසා ගැටුම වැලැක්වීමට වඩා සමථන කාර්යක් තුළින් විසදුම් ක්‍රියාවලියකට යොමු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සකස් කළ යුතු වේ.en_US
dc.publisherFaculty of Graduate Studies, University of Kelaniya Sri Lankaen_US
dc.subjectඅලි-මිනිස් ගැටුම, දේශපාලනික බල ව්‍යුහය, දික්ගැස්සුණු සමාජ ගැටුම, මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘතිකරණය, සහජාතීයකරණයen_US
dc.titleලාංකේය දේශපාලන බල ව්‍යුහීය ආකෘතිය හා අලි-මිනිස් ගැටුමේ උභතෝකෝටිකය ගැටුම්වාදී න්‍යායික ප්‍රවේශයක් තුළින් ඥානවීමංසනය කිරීමen_US
Appears in Collections:IPRC - 2022

Files in This Item:
File Description SizeFormat 
IPRC 2022 80.pdf222.9 kBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.