Please use this identifier to cite or link to this item: http://repository.kln.ac.lk/handle/123456789/25893
Title: නවකතා ඇසුරෙන් බිහිවූ ශ්‍රී ලාංකේය සිංහල වෘත්තාන්ත ටෙලි නාට්‍ය කලාව පිළිබඳ අධ්‍යයනයක් (ක්‍රි. ව. 1982 - ක්‍රි. ව. 2002 දක්වා විකාශය වූ නිර්මාණ ඇසුරෙන්)
Authors: විජේසුන්දර, ඩබ්ලිව්. එල්. එස්. එස්.
Keywords: රූපවාහිනී ටෙලිනාට්‍ය, නවකතාව, අනුවර්තනය, තිර පිටපත් රචනය, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ
Issue Date: 2022
Publisher: Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka
Citation: විජේසුන්දර ඩබ්ලිව්. එල්. එස්. එස්. (2022), නවකතා ඇසුරෙන් බිහිවූ ශ්‍රී ලාංකේය සිංහල වෘත්තාන්ත ටෙලි නාට්‍ය කලාව පිළිබඳ අධ්‍යයනයක් (ක්‍රි. ව. 1982 - ක්‍රි. ව. 2002 දක්වා විකාශය වූ නිර්මාණ ඇසුරෙන්), 22nd International Postgraduate Research Conference, Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka. 62.
Abstract: නවකතා පාදකව නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකේය සිංහල රූපවාහිනි ටෙලි නාට්‍යය සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයකි. රූපවාහිනී ටෙලිනාට්‍ය මෙරට තුළ ඇරඹුණ ක්‍රි. ව. 1982 සිට වසර 20ක් දක්වා කාලය තුළ විකාශනය වූ ටෙලි නාට්‍ය මේ සඳහා පාදක විය. රූපවාහිනී මඟින් ප්‍රදර්ශිත සියලු නාට්‍ය පොදුවේ ටෙලිනාට්‍ය වශයෙන් හැඳින්විය හැකිය. ටෙලි නාට්‍යයක ගුණාත්මක බව, නිර්මාණශීලී බව, රූපවාහිනී ප්‍රේක්ෂකයාට මෙන්ම අධ්‍යක්ෂවරයාට ද එක ලෙස බලපායි. මෙම අධ්‍යයනය කිරීමේ ප්‍රධාන අරමුණු වූයේ, ක්‍රි. ව. 1982 - 2002 කාලය තුළ නවකතා ආශ්‍රිත ව බිහි වූ ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය හඳුනාගැනීමටත්, ටෙලි නාට්‍ය සඳහා නවකතා භාවිත කිරීමේ සාර්ථක අසාර්ථක බව හඳුනාගැනීමටත්, නවකතාව ටෙලි පිටපතක් ලෙස නිර්මාණය කිරීමේ දී අධ්‍යක්ෂවරයා විසින් සැලකිය යුතු කරුණු මොනවාදැයි අධ්‍යයනය කිරීමටයි. “ටෙලිනාට්‍ය හා නවකතාව යනු කලා මාධ්‍ය දෙකකි. ඒ ඒ මාධ්‍යයට ආවේණික ශාක්‍යතා හා ලක්ෂණ හිමිය” යන්නත් “මුල් කෘතිය වෙනස් කිරීම කෙරෙහි ටෙලි නාට්‍ය නිර්මාණකරුට අවශ්‍යතාවක් සහ අයිතියක් ඇත” යන්නත් මෙහි උපකල්පන වේ. මූලික ක්‍රමවේද 5ක් මත මෙහි දී පර්යේෂණය දියත් කරන ලද අ;ර ටෙලිනාට්‍ය හා නවකතාව වෙන් වෙන් වශයෙන් නරඹමින් හා කියවමින් මූලාශ්‍ර අධ්‍යයනය සිදුවිය. ක්‍රි. ව. 1982 - 2002 කාලය තුළ විකාශනය වී ඇති එම වසරවල සම්මාන උළෙලවල ලද සම්මාන අනුව තෝරාගත් යශෝරාවය, ගම්පෙරළිය, එකගෙයි කුරුල්ලෝ, චරිත තුනක්, බැද්දෙගෙදර, නිසලවිල කෘති හය මෙහි දී අධ්‍යයනයට යොදා ගැණින. එම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයා, නවකතා රචකයා හා තිර පිටපත් රචකයා සමඟ සම්මුඛ සාකච්ඡා කිරීම දෙවැනි ක්‍රමවේදය යි. ප්‍රශ්නාවලි ක්‍රමවේදයක් ඔස්සේ ප්‍රේක්ෂක හා අධ්‍යක්ෂ ප්‍රතිචාර විමසීමට ලක් කරන ලදී. ක්‍රි. ව. 1982 සිට රූපවාහිනී හා සාහිත්‍ය සම්මාන ලැයිස්තුවක් පරිශීලනය මත දත්ත පරිශීලනය කිරීම අනෙක් ක්‍රමවේදය ලෙසත් ක්‍රි. ව. 1982 දක්වා ටෙලිනාට්‍ය විකාශය වූ ප්‍රධාන නාලිකා වන ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය යන ආයතන අධ්‍යයනයක් කිරීමත් සිදුවිය. දත්ත විශ්ලේෂණයෙන් අනතුරුව අනාවරණය වූ කරුණු නම්, 1982- 2002 දක්වා කාලය තුළ විකාශය වූ ටෙලිනාට්‍ය අතරින් තම කතා තේමාව ලෙස නවකතාව තෝරාගෙන ඇති ටෙලිනාට්‍ය ප්‍රමාණය 40ක් වේ. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රතිචාර අනුව නවකතා පාදක කරගත් නිර්මාණ සාර්ථක තත්ත්වයේ පවත්නා බව නිගමනය විය. ප්‍රේක්ෂක අදහස් විශ්ලේෂණයෙන් නිගමනය වුයේ මෙහි සාර්ථක අසාර්ථක බව 50% සමාන ලෙස පවතින බවයි.
URI: http://repository.kln.ac.lk/handle/123456789/25893
Appears in Collections:IPRC - 2022

Files in This Item:
File Description SizeFormat 
IPRC 2022 62.pdf223.51 kBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.