Please use this identifier to cite or link to this item: http://repository.kln.ac.lk/handle/123456789/25889
Full metadata record
DC FieldValueLanguage
dc.contributor.authorධමශ්‍රී, සී. පී.-
dc.date.accessioned2023-02-03T05:44:23Z-
dc.date.available2023-02-03T05:44:23Z-
dc.date.issued2022-
dc.identifier.citationධමශ්‍රී සී. පී. (2022), “නෙළුම” සමකාලීන දේශපාලනික බලය සහ දෘෂ්ටිවාදයන් අර්ථගැන්වීමේ සංකේතයක් ලෙස; කොළඹ නාගරික දෘශ්‍ය අවකාශය ඇසුරෙන්, 22nd International Postgraduate Research Conference, Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka. 58.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/25889-
dc.description.abstractපසුගිය දශකය තුළ කොළඹ නාගරික භූමි අවකාශය ශීඝ්‍ර ලෙස සංවර්ධනය විය. එම නාගරික පරිසරය තුළ භෞතිකව ගොඩනඟන ලද ගොඩනැගිලි, මංමාවත් මෙන්ම සංස්කෘතිකමය වශයෙන් ගොඩනංවනු ලබන අවකාශයන් මගින් එය දෘශ්‍යමාන වේ. ඒවා කොළඹ නාගරික අවකාශයේ ස්වරූපය වෙනස්වීමට බලපෑම සු`එපටු නොවේ. මෙම පර්යේෂණයෙන් අවධානයට යොමු වනුයේ කොළඹ නාගරික අවකාශය තුළ ගොඩනඟා තිබෙන සහ ගොඩනැංවීමට යෝජිත ගොඩනැගිලි සහ මංමාවත් මෙන්ම කොළඹ නාගරික අවකාශය කේන්ද්‍ර කොටගෙන ගොඩනැගුණු සමාජ, දේශපාලන හා සංස්කෘතික සංවිධානය කෙරෙහිය. එහි විශේෂත්වය වනුයේ දේශපාලනික බලය සහ දෘෂ්ටිවාදයන් මත පිහිටා යථෝක්ත අංශවලට ‘නෙළුම’ සංකේතයක් ලෙසට නාමකරණය කර තිබිමය. සන්නිවේදන කුළුණක් ලෙස නම් කර ඇති නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ රංග ශාලාව, යෝජිත කටුනායක ගුවන් තොටුපලේ ආකෘතිය ඉන් සමහරෙකි. එමෙන්ම මෑත දශක කිහිපය තුළ කොළඹ කේන්ද්‍රීයව ගොඩනැඟුණු සමාජ, දේශපාලන හා සංස්කෘතික සංවිධාන මෙන්ම කණ්ඩායම් නාමකරණයේ දී ද නෙළුම සංකේතයක් ලෙස භාවිත කර ඇත. සුදු නෙළුම් ව්‍යාපාරය, මානෙල් මල් ව්‍යාපාරය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය වැනි සංවිධාන ඉන් කිහිපයකි. එම සංවිධාන ප්‍රවර්ධනය පිණිස නෙළුම සංකේතවක් වන බැනර්, නාම පුවරු, දැන්වීම් හා කොඩි යනාදිය නාගරික අවකාශ තුළ ප්‍රදර්ශනය විය. එයින් ප්‍රත්‍යක්ෂ වනුයේ මෙවැනි ක්‍රියාකාරකම් හුදු අහඹුවක් නොව සවිඥානික දේශපාලනික ක්‍රියාදාමයක් බවයි. නෙළුම සංකේතවත් කරන සංඥාව පොදු නාගරික අවකාශය තුළ දැක ගැනීම නිර්වචනය කළ හැකි වන්නේ බලයට සාපේක්‍ෂවය. එසේ වනුයේ බලය හරහා අවකාශය අර්ථ ගැන්වීමත් අවකාශය හරහා බලය තීරණය වීමත් හේතු කොටගෙනය. මෙසේ බලය පිළිබඳ හැඟීමක්, දෘෂ්ටිවාදයක් අර්ථ ගැන්වීමේ සංකේතයක් ලෙස නෙළුම භාවිතයට ගැනීමේ පසුබිම පිළිබඳ ව විමර්ශනයක් මෙතෙක් සිදුව නැති අතර මේ පර්යේෂණයේ ගැටලුව ද එය වේ. ඒ අනුව මෙහි අරමුණ වන්නේ නෙළුම නමැති සංකේතය කොළඹ නාගරික අවකාශයේ බලය සහ දේශපාලන දෘෂ්ටිවාදයන් අර්ථ ගැන්වීම කෙරෙහි කුමන ආකාරයේ බලපෑමක් සිදුකර තිබේද යන්නය. එමෙන්ම ශ්‍රී ලාංකේය දෘශ්‍ය කලා ඉතිහාසයේ කාලානුරූපී වෙනස්වීම කෙරෙහි නෙළුම යන සාධකය කෙසේ බලපෑ ඇද්දැයි විමර්ශනය කිරීම මෙහි තවත් අරමුණකි.en_US
dc.publisherFaculty of Graduate Studies, University of Kelaniya Sri Lankaen_US
dc.subjectදේශපාලනය, බලය, දෘෂ්ටිවාද, සංකේතාර්ථ, අවකාශයen_US
dc.title“නෙළුම” සමකාලීන දේශපාලනික බලය සහ දෘෂ්ටිවාදයන් අර්ථගැන්වීමේ සංකේතයක් ලෙස; කොළඹ නාගරික දෘශ්‍ය අවකාශය ඇසුරෙන්en_US
Appears in Collections:IPRC - 2022

Files in This Item:
File Description SizeFormat 
IPRC 2022 58.pdf224.12 kBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.