Please use this identifier to cite or link to this item: http://repository.kln.ac.lk/handle/123456789/24644
Full metadata record
DC FieldValueLanguage
dc.contributor.authorසෝමරත්න, කුමුදුනි චතුරිකා-
dc.date.accessioned2022-06-06T07:17:01Z-
dc.date.available2022-06-06T07:17:01Z-
dc.date.issued2021-
dc.identifier.citationසෝමරත්න කුමුදුනි චතුරිකා (2021), රූපවාහිනි වැඩසටහන් මගින් ළමා මනසට ඇති කරන බලපෑම පිළිබඳව අධ්‍යයනයක්, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 54p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24644-
dc.description.abstractතාක්ෂණය දිනෙන් දින දියුණු වුවද රූපවාහිනිය සිය ජනප්‍රියත්වය එකම තලයක පවත්වා ගැනීමට සමත් වී ඇති බව පෙනේ. මෙහි ඇති එක් සුවිශේෂ ගුණාංගයක් ඒ සඳහා බෙහෙවින් බලපා ඇති බව පැහැදිලිය. මුදල් නොගෙවා පවුලේ සැමට එකට නැරඹිය හැකිවීමේ ගුණය මේ අතර ප්‍රධාන වෙයි. රූපවාහිනිය සතු ආකර්ෂණීය ගුණය නිසාම රූපවාහිනිය මිනිසා තමා වෙත නිරන්තරයෙන් ඇඳ බැඳ තබා ගැනීමට සමත් වෙයි. මෙහිදී රූපවාහිනියට ඇබ්බැහි වන සුවිශේෂ පිරිසක් ලෙස අපට කුඩා ළමුන් හඳුන්වාදිය හැකිය. රූපවාහිනියේ විකාශනය වන කාටූන්, මෙගා නාට්‍ය, චිත්‍රපට, ගීත, ත්‍රාසජනක වැඩසටහන්, වෙළෙඳ දැන්වීම් ආදි වූ විවිධ වැඩසටහන් සඳහා ඇබ්බැහි වීම තුළින් ඔවුන්ගේම මනසට බලපෑමක් වන අතර එමඟින් ළමුන්ගේ චර්යා, පෞරුෂය ආදිය කෙරෙහි බලපෑම් සිදුවිය හැකිය. ස්වභාවයෙන්ම ළමයා තුළ ප්‍රචණ්ඩත්වයක් ඇත. ළමයා වැඩිහිටියකු වන විට ප්‍රචණ්ඩත්වය ක්‍රමයෙන් යටපත් වේ. ජීව විද්‍යාත්මක ක්‍රමයෙන් යටපත් වන ප්‍රචණ්ඩත්ව හැඟීම්වලට නැවත පණදීමක් ඇතැම් රූපවාහිනි වැඩසටහන් තුළින් සිදුවේ. ඇතැම් විට ළමුන්ගේ ඉහළ මානසිකත්වය බිඳ වැටීමට රූපවාහිනිය හේතු වෙයි. වර්තමාන ළමා වැඩසටහන් නිර්මාණය කරන්නේ වැඩිහිටියන්ගේ දෘෂ්ටිකෝණයෙනි. එහෙයින් ළමයාට මෙවැනි වැඩසටහන් තුළින් විශාල බලපෑමක් එල්ල කරයි. එමෙන්ම මෙමඟින් ඔවුන්ගේ අධ්‍යාපනය පවා කඩාකප්පල්කාරී විය හැකිය. මේ පිළිබඳ දෙමාපියන් තුළ ඇත්තේද මඳ අවබෝධයකි. එහෙයින් එවැනි දෙමාපියන්ට ස්වකීය දරුවාට ඔවුන්ට වඩාත් ගැළපෙන රූපවාහිනි වැඩසටහන් තෝරා බේරාදීමට නම් මෙවැනි පර්යේෂණ ඉතා වැදගත්ය. පර්යේෂණයේ අරමුණ වන්නේද කුඩා දරුවන් සිටින දෙමාපියන්ට රූපවාහිනියේ විකාශනය වන වැඩසටහන් පිළිබඳ අවබෝධයක් ලබාදීම සහ ඒ ඔස්සේ තමාගේ දරුවාට සුදුසුම දේ තෝරන දෙමාපියන්ට තමාගේ දරුවාට සුදුසුම රූපවාහිනි වැඩසටහන්ද නිවැරදි අයුරින් තෝරාගැනීමට මඟපෙන්වීමයි. මේ සඳහා විවිධ පොතපත ආශ්‍රිත තොරතුරු, මේ පිළිබඳ දැනුමැති පුද්ගලයන්ගේ අදහස් මෙන්ම කුඩා දරුවන් සිටින දෙමාපියන් සහ ගුරුවරුන්ගේ අදහස් ලබා ගැනීමෙන් හෝ ඔවුන්ට පර්යේෂණ පත්‍රිකාවක් ලබා දීමෙන් මෙන්ම අන්තර්ජාලයේ ඇති තොරතුරු ආශ්‍රයෙන්ද මෙම පරීක්ෂණය සිදුකිරීමට බලාපොරොත්තු වේ.en_US
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectළමයා, ප්‍රචණ්ඩත්වය මනස, මාධ්‍යen_US
dc.titleරූපවාහිනි වැඩසටහන් මගින් ළමා මනසට ඇති කරන බලපෑම පිළිබඳව අධ්‍යයනයක්en_US
Appears in Collections:HUG 2021

Files in This Item:
File Description SizeFormat 
HUG Proceedings 2021 54.pdf61.3 kBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.