Please use this identifier to cite or link to this item: http://repository.kln.ac.lk/handle/123456789/24617
Title: දැලිවල රාජමහා විහාරයේ වැදගත්කම සහ ජනශ්‍රැති පිළිබඳ අධ්‍යයනයක්
Authors: අබේසිංහ, ජි. ඒ. එන්.
Keywords: ජනශ්‍රැති, ජාතික ඉතිහාසය, දැලිවල ග්‍රාමය, පුරාවිද්‍යාත්මක අවශේෂ, මූලාශ්‍රය
Issue Date: 2021
Publisher: Faculty of Humanities, University of Kelaniya
Citation: අබේසිංහ ජි. ඒ. එන්. (2021), දැලිවල රාජමහා විහාරයේ වැදගත්කම සහ ජනශ්‍රැති පිළිබඳ අධ්‍යයනයක්, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 30p.
Abstract: රඹුක්කන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 5 දරණ දැලිවල ග්‍රාම නිලධාරී වසමට අයත් කිණිගොඩ කෝරළේ වල්ගම් පත්තුවේ දැලිවල විහාරය පිහිටා ඇත. එය අනුරාධපුර යුගයේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ ප්‍රදේශීය නායකයෙකුගේ මූලිකත්වයෙන් ඉදිකරන ලද්දකි. විහාරය ජනශ්‍රැති මඟින් හෙළිකරන කරුණු පුරාවිද්‍යාත්මක කැණීම් මඟින් තහවුරු වීම විශේෂත්වයකි. දැලිවල විහාරයේ ඓතිහාසිකත්වය ගැන සඳහන් පැරණිතම මූලාශ්‍රය වනුයේ විහාර අස්න නැතිනම් නම්පොත සහ මඟුල් ලකුණයි. මෙම විහාරයේ භික්ෂූන් වහන්සේලා සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයට අයත් වේ. 1860දී දැලිවල විහාරයේ ඉඩම් ලේඛනය ඉංග්‍රීසින්ට පවරා දී තිබේ. විවිධ ආක්‍රමණ හේතුවෙන් මෙම ප්‍රදේශය ජනශුන්‍ය ප්‍රදේශයක් බවට පත්විය. 1957 පෙබරවාරි 14 පේසා වළල්ලෙහි දකුණුපස කැණීමෙන් සාංචි ස්තූපයේ අනුරුවට සමාන ධාතුන් වහන්සේලා සහිත දඹරන් කරඬු, පළිගු කරඬු 168, මැටි භාජන හමු විය. 1989 දී පූජ්‍යපාද පුස්සැල්ලේ අරියවංශ ස්වාමින් වහන්සේ විහාරාධිපති ධුරයට පත් විය. උන්වහන්සේගේ අනුදැනුම මත සෑම දිනකම ධාතු මන්දිරයට ශබ්ද පුජා, බුද්ධ පුජා පවත්වන ලදී. 2000 වර්ෂයේ සිට සෑම වර්ෂයක් පාසාම වෙසක් පොහෝ දින සහ පසුදින සේද සළුව ප්‍රදර්ශනය කරන ලදී. අලි ඇතුන්ට “දළ” යන නමත් වනාන්තරයට “වල”යන නමත් යෙදීම නිසා “දැලිවල” ග්‍රාමයට එම නම ලැබී ඇති බව විහාරාධිපති ස්වාමින් වහන්සේගේ අදහස ය. පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත දකුණු ආසියාවෙන් හමු වූ පැරණිතම සේද රෙදිකඩද චෛත්‍යයේ ධාතු කරඬුවක තිබී හමුවිය. දැලිවල කරන ලද කැණිම් මඟින් මෙරට ඉතිහාසයට අදාළ බොහෝ සාක්ෂ්‍ය අනාවරණය කර ගැනීමට සෙනරත් පරණවිතාන, ඩබ්. එච්. විජයපාල වැනි විද්වතුන් කටයුතු කොට තිබේ. ඒ අනුව දැලිවල රාජමහා විහාරයේ වැදගත්කම හා ඊට සම්බන්ධ ජනශ්‍රැති මොනවාද යන්න පිළිබඳ අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ ගැටලුව වන්නේය. පුරාවිද්‍යා අවශේෂ ඔස්සේ ඉතිහාසය ගොඩනැගීමටත්, සාහිත්‍ය මූලාශ්‍රය ජනශ්‍රැති සමඟ අධ්‍යයනය කරමින් ජාතික ඉතිහාසයට එක් නොවූ ප්‍රදේශීය විහාරයක ඉතිහාසය අනාවරණය කර ගැනීමට හැකියාව පවතින බව මෙමඟින් තහවුරු කළ හැකිය.
URI: http://repository.kln.ac.lk/handle/123456789/24617
Appears in Collections:HUG 2021

Files in This Item:
File Description SizeFormat 
HUG Proceedings 2021 30.pdf98.79 kBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.