Please use this identifier to cite or link to this item: http://repository.kln.ac.lk/handle/123456789/24614
Full metadata record
DC FieldValueLanguage
dc.contributor.authorබණ්ඩාර, ආර්. එම්. එන්. යු.-
dc.date.accessioned2022-06-02T06:53:17Z-
dc.date.available2022-06-02T06:53:17Z-
dc.date.issued2021-
dc.identifier.citationබණ්ඩාර ආර්. එම්. එන්. යු. (2021ජෝර්ජ් කීට් ශිල්පියා ඉන්දීය කලා ලක්ෂණ හා යුරෝපීය ඝනිකවාදීකලා ලක්ෂණ කෙතරම් දුරට ගෝතමී විහාර සිතුවම්වලට යොදාගෙන තිබේද යන්න අධ්‍යයනය කිරීම, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 27p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24614-
dc.description.abstractඅනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා වූ දේශීය විහාර චිත්‍ර කලාව යටත් විජිත සමයේ බලපෑමත් සමඟ වෙනස්කම් රැසකට ලක්විය. එබැවින් විසිවන සියවස මුල් භාගයේ සිට යුරෝපීය චිත්‍ර කලා ආභාසය මෙන්ම ඉන්දීය කලා ආභාසයද මෙරට විහාර සිතුවම් කලාවට මුසු වන්නට විය. මේ නිසා විහාර චිත්‍ර කලාව සාම්ප්‍රදායික රාමුවෙන් මිදී නව ආරකට යොමුවිය. ජෝර්ජ් කීට්ගේ ගෝතමී විහාර සිතුවම්ද මෙම කාල පරාසයට අයත්ය. ඔහු ඉන්දියාවේ අධ්‍යාපනයෙන් ලද දැනුමෙන් බොරැල්ලේ ගෝතමී විහාරයේ සිතුවම්වලට අජන්තා, එල්ලෝරා ආදි ඉන්දීය බෞද්ධ සිතුවම් ලක්ෂණ මෙන්ම දකුණු ඉන්දීය කෝවිල් මූර්ති ආශ්‍රිත හින්දු බලපෑම්ද අන්තර්ගත කර ඇත. ඊට අමතරව පැබ්ලෝ පිකාසෝ ආදි යුරෝපා ශිල්පීන්ගේ ඝනිකවාදී ලක්ෂණත් මෙම විහාරයේ සිතුවම්වල දක්නට ලැබේ. මෙම අධ්‍යයනයේ අරමුණ වන්නේ ජෝර්ජ් කීට් ඉන්දීය හා ඝනිකවාදී කලා ලක්ෂණ කෙතරම් දුරට දේශීය සිතුවම් කලාව හා සම්මිශ්‍රණය කර තිබේද යන්න සොයා බැලීමයි. එනම් ලාංකේය සමාජ සංස්කෘතිය, සාම්ප්‍රදායික විහාර සිතුවම් කලාවේ වර්ණ භාවිතය, මෝස්තර , ඇඳුම් පැළඳුම්, ආදිය සමඟ ඉන්දීය හා යුරෝපීය චිත්‍ර කලාවේ ක්‍රම ශිල්ප, සංස්කෘතිය, ඇඳුම් පැළඳුම්, චාරිත්‍ර, වර්ණ භාවිතය, ආදිය මුසු කර ඇති ආකාරය පිළිබඳ අධ්‍යයනය කිරීමයි. එමගින් බෞද්ධ චිත්‍ර කලාව නව මුහුණුවරකින් ලාංකිකයාගේ මනසට කාවැද්දීමට ජෝර්ජ් කිට් දරා ඇති උත්සාහය පිළිබඳ විමර්ශනය කිරීමද අරමුණු කෙරේ.. මේ සඳහා ගුණාත්මක අධ්‍යයන ක්‍රමවේදය යොදා ගනී. මෙහිදී ගෝතමී විහාරයේ සිතුවම් මාතෘකා කිහිපයක් වන සිදුහත් කුමරුගේ සරණ මංගල්‍යය, යශෝධරා දේවිය හා සිදුහත් කුමරු ප්‍රේමයෙන් සිටින අවස්ථාව, සිදුහත් කුමරු ගිහිගෙය හැර යාම හා මාර පරාජය යන සිතුවම් උපයෝගී කර ගැනීමට අපේක්ෂා කෙරේ. මෙම අධ්‍යනයේදී ප්‍රාථමික මූලාශ්‍රයලෙස ගෝතමී විහාරයට ගොස් සිතුවම් අධ්‍යයනය කිරීමත් ද්විතීයික හා තෘතීයික මූලාශ්‍රය භාවිත කිරීමටත් අපේක්ෂා කෙරේ. දේශීය සිතුවම් කලාවේදී ආගමික, සමාජීය ලෙස ඇති වූ බලපෑම් හා පරිවර්තන හමුවේ දේශීය ශිල්පීන්ගේ කලා ආභාසය වෙනස් විය. ඒ අනුව ජෝර්ජ් කීට් ශිල්පියාගේ ගෝතමී විහාර සිතුවම් අධ්‍යයනයෙන් නව ආරකින් බෞද්ධ සිතුවම් දේශීය ජනතාවට බුද්ධාලම්බන ප්‍රීතිය උදෙසා සිතුවම් කළ ආකාරය මෙම පර්යේෂණයෙන් අධ්‍යයනය කළ හැකි බව නිගමනය කෙරේ.en_US
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectඉන්දීය කලා ලක්ෂණ, ගෝතමී විහාර සිතුවම්, ජෝර්ජ් කීට්, දේශීය සිතුවම් කලාව, යුරෝපීය ඝනිකවාදී ලක්ෂණen_US
dc.titleජෝර්ජ් කීට් ශිල්පියා ඉන්දීය කලා ලක්ෂණ හා යුරෝපීය ඝනිකවාදීකලා ලක්ෂණ කෙතරම් දුරට ගෝතමී විහාර සිතුවම්වලට යොදාගෙන තිබේද යන්න අධ්‍යයනය කිරීමen_US
Appears in Collections:HUG 2021

Files in This Item:
File Description SizeFormat 
HUG Proceedings 2021 27.pdf107.23 kBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.