Please use this identifier to cite or link to this item: http://repository.kln.ac.lk/handle/123456789/24592
Title: ඉන්දියානු නාට්‍ය කලාව හා ඉන්දියානු සංස්කෘතිය තුළ කාන්තා භූමිකාව පිළිබඳ අධ්‍යයනයක්
Authors: ප්‍රභාෂ, බී. වී. ආර්
Keywords: ඉන්දියානු නාට්‍යය කලාව, කාන්තා වීරවරියන්, කැනොනිකල් නිරූපණය, කුල ක්‍රමය, ස්ත්‍රීවාදය
Issue Date: 2021
Publisher: Faculty of Humanities, University of Kelaniya
Citation: ප්‍රභාෂ බී. වී. ආර් (2021), ඉන්දියානු නාට්‍ය කලාව හා ඉන්දියානු සංස්කෘතිය තුළ කාන්තා භූමිකාව පිළිබඳ අධ්‍යයනයක්, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 5.
Abstract: සාහිත්‍යය සහ ඉතිහාසය වෙන් කළ නොහැකිවන්නේ එකින් එක අනෙකාට එල්ල කරන බලපෑම සදාකාලික වන බැවිනි. අතීත ඉතිහාසය වර්තමාන සාහිත්‍යය හැඩගස්වන අතර එය අනාගතය ගොඩනැඟීම දක්වා දිව යයි. සාහිත්‍යකරුවාද හිතාමතා හෝ නොසැලකිලිමත් ලෙස සමකාලීන වැදගත් සිදුවීම්වලට මෙන්ම ඔහුගේ හෝ ඇයගේ සමාජයේ පවතින අදහස්වලට ද ප්‍රතිචාර දක්වයි. එබැවින් ඓතිහාසික දෘෂ්ටිකෝණයෙන් සෑම යුගයකම සාහිත්‍යය වැදගත්ම අංගයක් බවට පත්වේ. නාට්‍යය,මනුෂ්‍යත්වයේ ප්‍රභේදයක් වන අතර, නූතන සාහිත්‍යය වෙනස් කළ සමාජ ආර්ථිකදේශපාලන වෙනස්කම් වාර්තා කරයි. ජීවිතයේ සමස්ත පරාසයම යථාර්ථවාදීව නිරූපණය කිරීමෙන්, එය ස්ත්‍රීවාදය, පාරිසරික ස්ත්‍රීවාදය, ස්ත්‍රී පුරුෂ සමාජභාවයවිවේචනය, මානවවාදය වැනි න්‍යායයන් කිහිපයක මතුවීම අවුස්සන ලදී. ඉන්දියානු නාට්‍යය කලාව තුළින් බිහි වූ නාට්‍යය බොහෝමයක් පවතී. සංස්කෘත නාට්‍යය, ජන/ගැමි නාට්‍යය, නූතන නාට්‍යය, මෙන්ම විවිධ වර්ගයේ නාට්‍යය ගණනාවක් පවතී. මෙම ලිපිය නව පසුබිමක් තුළ ඉන්දියානු ස්ත්‍රීවාදයේ න්‍යායයේ පරිණාමය අධ්‍යයනය කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ. එමෙන්ම ඉන්දියානු නාට්‍යය කලාවේ නිර්මාණය වී ඇති නාට්‍යය තුළ කාන්තා චරිතයන්ගේ ක්‍රියාකාරිත්වය, කාන්තා වීරවරියන් නිරූපණය කර ඇති ආකාරය මෙන්ම නාට්‍යය තුළ කාන්තා චරිතය භාවිත කර ඇති ආකාරය පිළිබඳ මෙහිදී පෙන්වා දීමට උත්සාහ කර ඇත. එමෙන්ම ඉන්දියානු නාට්‍යය කලාව තුළ ස්ත්‍රියට දක්වන සැලකිල්ල, ඉන්දියානු නාට්‍යය කලාව තුළ කාන්තා චරිතය බෙදා දක්වා තිබෙන කොටස් ආකාරයද, ඉන්දියානු සමාජයේ කාන්තාව පිළිබඳ ඇති සංකල්පයද, කුල ක්‍රමය අනුව ස්ත්‍රියට කලාව තුළ අත්ව ඇති තත්ත්වය පෙන්වා දීම මෙම පර්යේෂණයේ අරමුණයි. එමෙන්ම තවදුරටත් ස්ත්‍රී පාලනය ස්ත්‍රීත්වය පිළිබඳ කැනොනිකල් නිරූපණය පිළිබඳවද, ඉන්දියානු කලාව තුළ පවතින සුවිශේෂ කාන්තා කලාප පිළිබඳවද, ඉන්දියානු කලාවේ දේවදාසී සංකල්පය මෙන්ම නාට්‍යය තුළ කාන්තාව විග්‍රහ කර ඇති ආකාරය, බහුතරයක් කාන්තාවන්ගේ පොදු ඉරණම විසඳෙන ආකාරය තෝරාගත් ඉන්දියානු නාට්‍ය කිහිපයක් උදාහරණයට ගෙන මෙම පර්යේෂණය තවදුරටත් විග්‍රහ කෙරේ.
URI: http://repository.kln.ac.lk/handle/123456789/24592
Appears in Collections:HUG 2021

Files in This Item:
File Description SizeFormat 
HUG Proceedings 2021 5.pdf98.6 kBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.