Please use this identifier to cite or link to this item: http://repository.kln.ac.lk/handle/123456789/23200
Full metadata record
DC FieldValueLanguage
dc.contributor.authorකරුණාරත්න, ඒ.එම්.එස්.-
dc.date.accessioned2021-08-31T05:57:21Z-
dc.date.available2021-08-31T05:57:21Z-
dc.date.issued2021-
dc.identifier.citationකරුණාරත්න, ඒ.එම්.එස්. (2021) “අබා” චිත්‍රපටයේ සංගීතමය ප්‍රවණතා්, 5 වන මානවශාස්ත්‍ර පීඨ ජාත්‍යන්තර ප්‍රභාෂණය, මානවශාස්ත්‍ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව. පිටු අංකය,23en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/23200-
dc.description.abstractමෙම අධ්‍යයනයේ මූලික අරමුණ වන්නේ 2008 වසරේදී ඓතිහාසික ආඛ්‍යානයක් සහිතව නිර්මාණයවූ අබා චිත්‍රපටයේ සංගීතමය ප්‍රවණතා හඳුනා ගැනීමයි. ක්‍රි.ව. 1947 ජනවාරි 21 වන දින කඩවුණු පොරොන්දුව තිරගත වීමත් සමග ලාංකේය සිනමාව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ව්‍යාප්තවෙමින් මේ දක්වා වර්ධනයවී ඇත. ඉන්දියාවේ හෝ වෙනත් රටක බිහිවන සිනමා නිර්මාණයන්හි අනුකරණාත්මක සිනමාපට නිපදවීම එකල පටන් පැවති උපනතිය- කි. එවැනි ප්‍රභේදයන් අතරතුර ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාකතාවක් ආශ්‍රයෙන් නිර්මිත සිනමාපට, චිත්‍රපට වර්ගීකරණයේ තවත් එක් ප්‍රධානතම කාණ්ඩයකි. ක්‍රි.ව. 1948දී නිර්මාණයවූ සාලිය අශෝකමාලා කතා පුවත රැගත් “අශෝකමාලා” චිත්‍රපටයෙන් ඇරඹී 2008 වසර වනතුරු කඩින්කඩ නිර්මාණයවූ ඓතිහාසික කතා චිත්‍රපටයන්හි නිෂ්පාදනයේ ප්‍රවණතාවක් 2008 වසරෙන් පසුව දක්නට ලැබුණි. චිත්‍රපට සංගීතය පිළිබඳ පර්යේෂක- යන්ගේ සහ විචාරකයන්ගේ අවධානය යොමු වුවද ඓතිහාසික කතා ආශ්‍රිත චිත්‍රපටය- න්හි සංගීතමය ප්‍රවණතා කතා විමර්ශනයට ලක්වී නොමැත. නදීක ගුරුගේ විසින් සංගීත අධ්‍යක්ෂණය කරන ලද අබා චිත්‍රපටයෙන් පණ්ඩුකාභය රජුගේ රාජ්‍ය කාලය නිරූපණය කරයි. මුහුණ, පපුව, මුඛය, බඩ වැනි ශරීරයේ විවිධ ස්ථානයන්ට අතින් ගසා ගැනීමෙන් හඬ නිපදවීම :ඊදාහ ඵමිසජ*, අඬහැර ගායනා ස්වරූපයෙන් ගායනා කිරීම වැනි සං- ගීතමය ක්‍රමවේදයන් මෙහි ඇතුළත්වන අතර ඒ මගින් පණ්ඩුකාභය රාජ්‍ය කාලයේ පැ- වති සංගීතමය ලක්ෂණ පිළිබඳවද අනාවරණය කරගත හැකිවිය. මෙම අධ්‍යයනය සඳහා සාහිත්‍යමය තොරතුරු, විෂය ප්‍රවීණයන් සමග සාකච්ඡා කිරීම, සම්මුඛ සාකච්ඡා සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ක්ෂේත්‍ර අධ්‍යයනය සිදුකරන ලදි. අබා චිත්‍රපටයේ සංගීතය නිපදවීම සඳහා ලී කැබලි, ලෝහමය ද්‍රව්‍ය යනාදියෙන් නිර්මාණය කරගන්නා ලද සංගීත භාණ්ඩ රාශියක් භාවිතකර ඇති බවත්, එම සංගීත භාණ්ඩ තුළින් එකල සමකාලීන සංගීතමය පසුබිම වඩාත් හොඳින් නිරූපණය කිරීමට පහසුවී ඇති බවත් මෙම පර්යේෂණයෙන් තහවුරු විය.en_US
dc.publisherමානවශාස්ත්‍ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවen_US
dc.subjectචිත්‍රපට, සංගීතය, අබා, ඓතිහාසික කතා, සංගීතමය ප්‍රවණතාen_US
dc.title“අබා” චිත්‍රපටයේ සංගීතමය ප්‍රවණතාen_US
Appears in Collections:ICH 2020/21

Files in This Item:
File Description SizeFormat 
Abstract book_final 67.pdf156.87 kBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.