Please use this identifier to cite or link to this item: http://repository.kln.ac.lk/handle/123456789/23196
Full metadata record
DC FieldValueLanguage
dc.contributor.authorඅමිතරතන, උල්පතගම-
dc.date.accessioned2021-08-31T05:47:02Z-
dc.date.available2021-08-31T05:47:02Z-
dc.date.issued2021-
dc.identifier.citationඅමිතරතන, උල්පතගම(2021) අනුරාධපුර හා පොළොන්නරු යුගයන්හි හින්දු දහමේ ව්‍යාප්තිය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්, 5 වන මානවශාස්ත්‍ර පීඨ ජාත්‍යන්තර ප්‍රභාෂණය, මානවශාස්ත්‍ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව. පිටු අංකය,19en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/23196-
dc.description.abstractශ්‍රී ලංකාවේ හින්දු දහමේ ව්‍යාප්තිය පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමේදි එහි ඓතිහාසික පසුබිම අනුරාධපුර යුගය දක්වාම ගමන්කරන බව දැකගත හැකිවේ. ශ්‍රී ලංකාවේ භූගෝලීය පසුබිම අධ්‍යයනය කිරීමේදී ඉන්දීය සාගරයේ කුඩා දූපතක් වශයෙන් ශ්‍රී ලංකාව හඳුනාගත හැකිය. ඒ අනුව මෙම දූපතට අතීතයේ සිට වර්තමානය දක්වාම විවිධ ආක්‍රමණයන්ට ඍජුවම මුහුණදීමට සිදුව තිබේ. එම ආක්‍රමණිකයන් අතර එක් කණ්ඩායමක් වශයෙන් ද්‍රවිඩයන් හඳුනාගත හැකිය. ඔවුන් මෙරටට සංක්‍රමණය වීම පදනම්කොටගෙන හින්දු දහමේ ව්‍යාප්තිය සිදුවූ ආකාරය ඓතිහාසික තොරතුරු මඟින් අනාවරණය වේ. අනුරාධපුර යුගයේ මහාවිහාරික භික්ෂූන්වහන්සේලා හා අභයගිරික භික්ෂූන්වහන්සේලා අතර ඇතිවූගැටුම්කාරී ස්වභාවය පදනම්කොටගෙන මෙරට මහායාන දර්ශනය ස්ථාපනය වීමට අවශ්‍ය පාරිසරික පසුබිම සකස් විණි. එහි ප්‍රතිඵලයක් ලෙස මහායාන දර්ශනයත් සමඟ මෙරට හින්දු දහමේ ආභාසය බහුලව ලැබෙන්නට විය. ඒ අනුව හින්දු දහමට අදාළ පූජනීය වස්තූන් බෞද්ධ ආරාම සංකීර්ණය තුළට සංක්‍රමණය වන්නට විය. අනුරාධපුර රාජධානි බිඳ වැටීමෙන් පසුව නව රාජධානියක් බිහි වනුයේ පොළොන්නරුවේය. එය ආරම්භවී මද කලක් ගත වන විට ද්‍රවිඩ ආක්‍රමණ ඇති විය. එහි ප්‍රතිඵලයක් වූයේ ඔවුන්ගේ ආගමට අදාළ පූජනීය ආගමික සිද්ධස්ථාන රාශියක් නිර්මාණය වී තිබීමයි. අනුරාධපුර යුගයෙන් ආරම්භ වූ මෙම හින්දු ආගමික සංකල්ප තවමත් ජනයා අතර පවතින බවට වර්තමානයේද සාක්ෂ්‍ය හමු වේ. විශේෂයෙන් උතුරුමැද පළාතේ පෞරාණික සෑම ස්ථානයකම පාහේ හින්දු ආගමට අදාළ දෙවි කෙනෙක් සේ සැලකෙන පුල්ලෙයාර් දෙවියන් උදෙසා තවමත් පුද සත්කාර නොඅඩුවම සිදුකෙරෙයි. ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා මහත් වූ විශ්වාසයෙන් කටයුතු කරති. වර්තමානය වනවිට ශ්‍රී ලාංකිකයෝ සිංහල ද්‍රවිඩ භේදයක් නොමැතිවම හින්දු සංකල්පය අනුගමනය කරති. අනුරාධපුර යුගයේ ඉදි කරන ලද අභයගිරි විහාර සම්ප්‍රදායට මහායාන සම්ප්‍රදාය ඇතුළු වීමත් සමඟ හින්දු දහමේ ආභාසය ලැබී තිබේ. එමෙන්ම පොළොන්නරු යුගයට රාජධානි මාරුවීමේදී සොළීන්ගේ ආක්‍රමණයත් සමග ඔම ලක්ෂණ වඩාත් දියුණු තත්ත්වයට රැගෙන ගිය බව හින්දූන්ගේ ගෘහ නිර්මාණ ශිල්පයත් කලාවත් අධ්‍යයනය කිරීමෙන් මනාව පැහැදිලිවේ. එමෙන්ම අනුරාධපුර පොළොන්නරු යුගයන්හි ආරම්භවූ මෙම හින්දූන්ගේ බලපෑම වර්තමාන යුගය දක්වාම ව්‍යාප්ත වූ බව මෙම අධ්‍යයනය තුළින් ගම්‍යමාන වේ.en_US
dc.publisherමානවශාස්ත්‍ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවen_US
dc.subjectඅනුරාධපුරය, පොළොන්නරුව, හින්දු දහම, බුද්ධාගම, ගෘහ නිර්මාණen_US
dc.titleඅනුරාධපුර හා පොළොන්නරු යුගයන්හි හින්දු දහමේ ව්‍යාප්තිය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්en_US
Appears in Collections:ICH 2020/21

Files in This Item:
File Description SizeFormat 
Abstract book_final 63.pdf198.52 kBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.