Please use this identifier to cite or link to this item: http://repository.kln.ac.lk/handle/123456789/22438
Title: විදේශ ගත වූ සාමාජිකයන් සහිත පවුල්වල ආර්ථික තත්ත්වයන් එම පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනයේ සාධන මට්ටම කෙරෙහි සිදු කරන බලපෑම
Authors: Dissanayake, R.P.S.S.
Keywords: අධ්‍යාපනය, ආර්ථික, විදේශ සේවය, සමාජීය, සාධන මට්ටම
Issue Date: 2019
Citation: Dissanayake, R.P.S.S. (2019). විදේශ ගත වූ සාමාජිකයන් සහිත පවුල්වල ආර්ථික තත්ත්වයන් එම පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනයේ සාධන මට්ටම කෙරෙහි සිදු කරන බලපෑම, Journal of Social Statistics, Volume 06, Issue 02, December 2019.pp.115
Abstract: රටක ඉදිරි ගමන තීරණය කරන ප්‍රධානම සාධකය බවට එම රටේ අධ්‍යාපනය පත්ව ඇත. එයට හේතුව වී ඇත්තේ රටක ශ්‍රම බලකායේ ගුණාත්මක භාවය අධ්‍යාපනය මත රඳා පැවතීමය. මෙම නිසාම නුතන සමාජයේ ප්‍රධාන ගැටලුවක් වන විදේශ සේවයේ නියුතු සමාජිකයන් සහිත පවුල්වල ආර්ථික තත්ත්වයන් එම පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනයේ සාධන මට්ටම කෙරෙහි සිදුකරන බලපෑම කෙබඳුද යන්න මෙම අධ්‍යයනයේ ගැටලුව බවට පත්වූ අතර එම බලපෑම කෙබඳුද යන්න සොයා බැලීම මුලික අරමුණ බවට පත් කරගන්නා ලදී. ශ්‍රී ලංකාවේ වයඹ පලාතයේ ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අධ්‍යයන ප්‍රදේශය ලෙස යොදාගෙන මෙම පර්යේෂණය සිදුකරන ලදී. මෙම පර්යේෂණයේදී නියැදියේ ප්‍රමාණය තිරණය සඳහා යමානී (Yamane) ක්‍රමය භාවිත කරන ලද අතර ඒ මත පාසල් 41 ක් සඳහා, ස්තෘත සසම්භාවී ක්‍රමවේදය මත සිසුන් 100 ක නියැදියක් තෝරා ගන්නා ලදී. මෙම නියැදිය මත පදනම්ව ප්‍රශ්නාවලි ක්‍රමය හා සම්මුඛ සාකච්ඡා ක්‍රමය හරහා දත්ත ලබා ගන්නා ලදී. එම දත්ත අරමුණු වලට අදාළ වෙමින් විස්තරාත්මක සංඛ්‍යාන ක්‍රම, සහසම්බන්ධතා විශ්ලේෂණය හා ප්‍රතිපායනය යන විශ්ලේෂණ ක්‍රමවේදයන් මත විශ්ලේෂණය කර නිගමන කිහිපයකට එලඹෙන ලදී. එනම්, විදේශ සේවයේ නියුතු සාමාජිකයන් සහිත පවුල්වලින් 54% ක පවුල් ප්‍රමාණයක්ම රුපියල් 35,000 - 50,000 ක් අතර ආදායමක් උපයන පවුල් බව, මෙම පවුල්වලින් 30% ක් පමණ ප්‍රමාණයක් සමස්ත ආදායමින් අධ්‍යාපනය සඳහා වෙන් කරන ්නේ 7% ත් 12% ත් අතර ප්‍රමාණයක් බව නිගමනය කළ හැකි වූ අතර පවුල් වල මාසික ආදායම, අධ්‍යාපනය සඳහා දරණ වියදම යන සාධක හා අධ්‍යාපනයේ සාධන මට්ටම අතර ධන සහසම්බන්ධතවක් පවතින බව නිගමනය කළ හැකි විය.
URI: http://repository.kln.ac.lk/handle/123456789/22438
Appears in Collections:Issue 02

Files in This Item:
File Description SizeFormat 
8_.pdf696.52 kBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.