Please use this identifier to cite or link to this item: http://repository.kln.ac.lk/handle/123456789/22435
Title: ග්‍රාමීය ජනතාවගේ මුල්‍යයන කටයුතු කෙරෙහි රාජ්‍ය බැංකු වල දායකත්වය පිළිබඳ අධ්‍යයනයක්
Authors: Chathurangani, D.A.K.
Keywords: රාජ්‍ය බැංකු, මුල්‍යයනය, ග්‍රාමීය ජනතාව, ව්‍යාප්තිය
Issue Date: 2019
Publisher: Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka.
Citation: Chathurangani, D.A.K. (2019). ග්රාමීය ජනතාවගේ මුල්යයන කටයුතු කෙරෙහි රාජ්ය බැංකු වල දායකත්වය පිළිබඳ අධ්යයනයක්, Journal of Social Statistics, Volume 06, Issue 02, December 2019.pp.65
Abstract: නවීන යුගයේ අවශ්‍යතාවයන් සංකීර්ණ වීමත් සමඟ රටේ බොහෝ දෙනා තම මුල්‍යයන කටයුතු ඉටුකර ගැනීම සඳහා රාජ්‍ය බැංකු භාවිතා කරයි. නාගරික හෝ ග්‍රාමීය වශයෙන් ගත් විට වෙනසක් නොමැතිව ජනතාව තම මුල්‍යයන කටයුතු සඳහා රාජ්‍ය බැංකු භාවිතා කරන ආකාරය දක්නට ලැබේ. ඒ අනුව තලවිල ග්‍රාමයේ ජනතාවගේ මුල්‍යයන කටයුතු සඳහා රාජ්‍ය බැංකුවල දායකත්වය කෙබඳුද යන්න හඳුනා ගැනිම මුලික ගැටලුව විය. මෙම ගැටලුව පදනම් කරගත් ප්‍රධාන අධ්‍යයන අරමුණ වුයේ ග්‍රාමීය අංශයේ මුල්‍යයන කටයුතු සඳහා රාජ්‍ය බැංකු ව්‍යාප්තියෙන් ඇති දායකත්වය විමසා බැලීමයි. මේ සඳහා තලවිල නැගෙනහිර ග්‍රාමසේවා වසමේ සියලුම පවුල් නියෝජනය වන ආකාරයට යමානේ (Yamane) නියැඳුම් ක්‍රමය යටතේ නියැදි ඒකක 85ක් තෝරාගත් අතර සරල සසම්භාවි ක්‍රමය මගින් අවශ්‍ය පවුල් තෝරාගන්නා ලදී. දත්ත රැස්කිරීම සඳහා ප්‍රශ්නාවලි ක්‍රමය, සම්මුඛ සාකච්ඡා ක්‍රමය හා තවත් ද්විතියීක මුලාශ්‍ර ද යොදාගන්නා ලදී. දත්ත විශ්ලේෂණය සඳහා විස්තරාත්මක සංඛ්‍යානය, කයිවර්ග පරීක්ෂාව, සංගහන මධ්‍යන්‍යය සඳහා ප්‍රාන්තර නිමානය, අපරාමිතික පරීක්ෂා හා බහුගුණ ප්‍රතිපායනය යොදාගෙන ඇත. ඒ අනුව ජනතාවගේ ප්‍රජාවිද්‍යාත්මක සාධකයන් මුල්‍යයන කටයුතු සඳහා රාජ්‍ය බැංකු භාවිතය අතර සම්බන්ධතාවයක් පවතින බවද, ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා රාජ්‍ය බැංකු ඉතාමත් වැදගත් කාර්යයභාරයක් ඉටු කරන බවද, ජනතාවගේ දෛනික වැඩකටයුතුවලදී රාජ්‍ය බැංකු විශාල බලපෑමක් කරනු ලබන අතර හා ජනතාවගේ තෘප්තිමත් වීම ඉහළ මට්ටමක පවති. මේ සඳහා ඉදිරිපත් කරන යෝජනා අතර සාම්ප්‍රදායික සුරැකුම් වෙනුවට සාමුහික ඇප පදනම් කරගෙන කණ්ඩායම් ණය ක්‍රම දියත් කළ යුතුය.
URI: http://repository.kln.ac.lk/handle/123456789/22435
Appears in Collections:Issue 02

Files in This Item:
File Description SizeFormat 
5_.pdf1.15 MBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.