Please use this identifier to cite or link to this item: http://repository.kln.ac.lk/handle/123456789/22385
Full metadata record
DC FieldValueLanguage
dc.contributor.authorWanninayaka, W.M.N.S.-
dc.date.accessioned2021-05-20T10:44:18Z-
dc.date.available2021-05-20T10:44:18Z-
dc.date.issued2020-
dc.identifier.citationWanninayaka, W.M.N.S. ( 2020). ශ්‍රී ලංකාවේ සු`ඵ පරිමාණ පශු සම්පත් කර්මාන්තය සහ ග්‍රාමීය ආර්ථිකය (කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දියර කිරි නිෂ්පාදනය ඇසුරෙන්). In : 6th National Research Conference on Applied Social Statistics, 2020. Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, p.27.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/22385-
dc.description.abstractලෝකයේ සැලකිය යුතු රටවල් සංඛ්‍යාවක පශු සම්පත ප්‍රචලිතව ඇති මුත් බහුතරයක් රටවල් තුළ කිරි කර්මාන්තයේ අනාගතය ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයට පත් ව ඇත. පශු සම්පතෙහි සුවිශේෂීම නිෂ්පාදනය වන්නේ දියර කිරි නිෂ්පාදනයයි. ශ්‍රී ලංකාවේ දේශීය කිරි නිෂ්පාදන මඟින් සමස්ත පර්භෝජන අවශ්‍යතාවයෙන් 31% ක් පමණ සපයන අතර ඉතිරිය ආනයන මඟින් සපයාගනී. ආනයනය අඩු කොට අපනයනය වැඩි කිරීම සඳහා සු`ඵ පරිමාණ කිරි නිෂ්පාදකයින් ශක්තිමත් කිරීම කාලීන අවශ්‍යතාවකි. එයට හේතුව කිරි නිෂ්පාදකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් සහ රටේ කිරි නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් නිපදවනු ලබන්නේ සු`ඵ පරිමාණ කිරි ගොවීන් විසිනි. මොවුන් වැඩි පිරිසක් නියෝජනය වන්නේ ග්‍රාමීය අංශයෙනි. වර්තමානයේ අඩු සංවර්ධනයේ ගති ලක්‍ෂණ ග්‍රාමීය අංශයෙන් බහුලව දක්නට ලැබෙන අතර එහිදී දරිද්‍රතාවට මූලිකත්වයක් හිමි වේ. එයට පිළියමක් ලෙස කිරි කර්මාන්තය කුටුම්භ ආදායමට කිනම් දායකත්වයක් දක්වන්නේ ද පරීක්‍ෂා කිරීම මෙම අධ්‍යයනය තුලින් බලාපොරොත්තු වේ. පශු සම්පත් කර්මාන්තය දුර්වල වීම සඳහා බලපාන හේතු සහ අභියෝග හඳුනාගැනීමත් එය නගා සිටුවීම සඳහා යෙදිය හැකි පිළියම් සහ නීති රීති හඳුනාගැනීමත් මෙම අධ්‍යයනයේ අරමුණු වේ. මෙම අරමුණු තෘප්ත කිරීම සඳහා ප්‍රාථමික සහ ද්විතීක දත්ත පදනම් කරගනිමින් දත්ත විශ්ලේෂණය සිදුකළ අතර නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් පහකින් පවුල් 30 ක නියැදියක් මේ සඳහා තෝරාගෙන ගැණිනි. ප්‍රශ්නාවලියක් සහ සම්මුඛ සාකච්ඡා මාර්ගයෙන් දත්ත රැස්කිරීමත්, වගු සහ ප්‍රස්තාර භාවිතයෙන් දත්ත විශ්ලේෂණය කිරීම සිදු කලේය. එහිදී ගුණාත්මක මෙන්ම ප්‍රමාණාත්මක දත්ත ඇතුළත් කරනු ලැබීය. පර්යේෂණ ප්‍රතිඵල වලට අනුව කිරි නිෂ්පාදන කර්මාන්තය සඳහා වැඩි වශයෙන් සහභාගී වන්නේ පුරුෂ පාර්ෂවය. මෙය ඔවුන්ගේ අමතර ආදායම් මාර්ගයකි. කෙසේ වුවද කිරි ගොවීන් දැඩි අර්බුද රැසකට මුහුණ පා සිටී. ඔවුන් ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ දායකත්වය ලැබිය යුතු ය. කිරි නිෂ්පාදන සඳහා තරුණ පිරිස් ආකර්ශනය කරගැනීමට නව අවස්ථා උදාකළ යුතු අතර සමාජයේ පවතින මතය ඉවත් කරමින් නව තාක්‍ෂණික දැනුම සමඟ පුහුණු තරුණ පිරිසක් කිරි නිෂ්පාදනයේ අනුයුක්ත කළ යුතුය.en_US
dc.publisherDepartment of Social Statisctics, University of Kelaniya, Sri Lankaen_US
dc.subjectපශු සම්පත, කිරි කර්මාන්තය, ග්‍රාමීය ආර්ථිකය, කිරි ගොවීන්, කිරි නිෂ්පාදනen_US
dc.titleශ්‍රී ලංකාවේ සු`ඵ පරිමාණ පශු සම්පත් කර්මාන්තය සහ ග්‍රාමීය ආර්ථිකය (කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දියර කිරි නිෂ්පාදනය ඇසුරෙන්)en_US
Appears in Collections:NRCASS 2020

Files in This Item:
File Description SizeFormat 
NRCASS 2020 Abstract Volume 7.pdf324.02 kBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.