Please use this identifier to cite or link to this item: http://repository.kln.ac.lk/handle/123456789/22270
Title: 1980 දශකයෙන් පසු ලොව පුරා පළාත් පාලන ආයතන ප්‍රතිසංස්කරණ ව්‍යාප්තවීම සඳහා බලපාන ලද හේතු සාධක පිළිබද විමර්ෂණාත්මක අධ්‍යයනයක්
Authors: Kumari, H.A.C.D
Keywords: ආණ්ඩුකරණය, පළාත් පාලනය, ප්‍රතිසංස්කරණ, රාජ්‍ය
Issue Date: 2020
Publisher: SDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka
Citation: Kumari, H.A.C.D,2020, 1980 දශකයෙන් පසු ලොව පුරා පළාත් පාලන ආයතන ප්‍රතිසංස්කරණ ව්‍යාප්තවීම සඳහා බලපාන ලද හේතු සාධක පිළිබද විමර්ෂණාත්මක අධ්‍යයනයක්,Samaja Gaweshakayo,SDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka
Abstract: පළාත් පාලනය වූ කලි නීතියෙන් අවසර ලැබී ඇති සේවා සැපයිමකි. පළාත් පාලනය ගත් විට එක් එක් පළාත්බද ශාඛා ඇති මධ්‍ය කාර්යාලයක් මගින් පාලනය කරන දේශව්‍යාප්ත ව්‍යාපාරයක් ලෙස හඳුනාගත හැකිය. යම් කිසි ප්‍රදේශයක වාසය කරන්නවුන්ගේ යහපත පිණිස අතුරු ව්‍යවස්ථා ඇති කිරීමේ බලය සහිත පරිපාලන වූ ත් විධායක වූ ත් බල ඇති ඡන්ද බලයෙන් තෝරාගනු ලැබූ පළාත්බද ආයතන මගින් කෙරෙන පාලනය පළාත් පාලනය වේ. අදාළ ප්‍රදේශයේ ජනතාවගේ පහසුව සුඛ විහරණය හා යහපැවැත්ම වෙනුවෙන් සේවා සැපයීම අවශ්‍ය වේ. මෙකී අරමුණ මුදුන්පත් කරවා ගැනීමේ අභිලාශය පදනම් කොටගෙන 1980 දශකයෙන් අනතුරුව පළාත් පාලන ප්‍රතිසංස්කරණ ලොව පුරා ව්‍යාප්තවීම හඳුනාගත හැකිය. එතෙක් මධ්‍ය බල අධිකාරිත්වයෙන් පරිපාලන කටයුතු සිදු වූ අතර එයින් පැන නඟින්නා වූ දුර්වලතාවන් නිසාවෙන් සෑම රාජ්‍යයක් පාහේ ඉන් ලිහිල්වීමේ අවශ්‍යතාවය ස්මතු විය. බොහොමයක් රාජ්‍යයන් ආණ්ඩුකරණයේ දී හා පරිපාලන කටයුතුවල දී අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග එක හා සමාන ස්වරුපයක් ගැනීම ද විශේෂයෙන් හඳුනාගත හැකි විය.
URI: http://repository.kln.ac.lk/handle/123456789/22270
Appears in Collections:Volume 1 - 2020



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.