Please use this identifier to cite or link to this item: http://repository.kln.ac.lk/handle/123456789/22267
Title: ජාත්‍යන්තර මහජන සම්බන්ධතා පිළිබඳ න්‍යායයන් හඳුනාගැනීම
Authors: Madurasinghe, Dasini Indupa,
Keywords: ජාත්‍යන්තර මහජන සම්බන්ධතා, න්‍යායයන්, මහජන සම්බන්ධතා
Issue Date: 2020
Publisher: SDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka
Citation: Madurasinghe, Dasini Indupa,.2020, ජාත්‍යන්තර මහජන සම්බන්ධතා පිළිබඳ න්‍යායයන් හඳුනාගැනීම,Samaja Gaweshakayo,SDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka
Abstract: මහජන සම්බන්ධතා යනු යම් කිසි පාර්ශව දෙකක් සමග හොඳ හිත වර්ධනය කරගැනීම අරමුණු කරගත් අඛණ්ඩ ක්‍රියාවලියක් ලෙස සරලව හැඳින්විය හැක. මෙම ක්‍රියාවලිය පිළිබඳ ශාස්ත්‍රීය මට්ටමින් අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගත්, සන්නිවේදන, ජනමාධ්‍ය, දේශපාලන, සමාජීයවිද්‍යා සහ අලෙවිකරණ ආදී විවිධ ක්ෂේත්‍රයන්ට අයත් විද්වත්හු මහජන සම්බන්ධතා ක්ෂේත්‍රයට විශේෂිතව විවිධ නිර්වචන සහ න්‍යායයන් හඳුන්වා දී ඇත. මෙලෙස විකාශනය වෙමින් වර්ධනය වී ඇති මෙම විෂය ක්ෂේත්‍රය වර්තමානය වන විට ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන අතර ඒ හරහා ගෝලීය මහජන සම්බන්ධතා ක්‍රියාවලියක් බිහි වී ඇත. එමෙන්ම විවිධ විද්වතුන් විසින් ශාස්ත්‍රීය මට්ටමින් ඒ සඳහා ම වෙන් වූ නිර්වචන සහ න්‍යායයන් ගෝලීය වශයෙන් මෙන්ම කලාපීය වශයෙන් ඉදිරිපත් කර ඇත. එබැවින් ගෝලීය මහජන සම්බන්ධතා සැළසුම් කිරීමේ දී මෙන්ම ක්‍රියාත්මක කිරීමේ දී එම න්‍යායයන් අධ්‍යයනය කිරීම සහ භාවිත කිරීමේ වැදගත්කම හඳුනාගැනීම මෙම පර්යේෂණයේ අරමුණ වූ අතර යම් කිසි රාජ්‍යයක්, ආයතනයක් හෝ සංවිධානයක් ජාත්‍යන්තර මහජන සම්බන්ධතා පුහුණු කරන්නේ නම් එම න්‍යායන් හි අන්තර්ගතය පිළිබඳ අවබෝධයක් තිබීම සහ ඒවාට අනුකකූලව ක්‍රියාත්මක වීම තුළින් ඉලක්ක විදේශ මහජන කණ්ඩායම් සමග සාර්ථක මහජන සම්බන්ධතා ගොඩනගා ගත හැකි බව නිගමනය විය.
URI: http://repository.kln.ac.lk/handle/123456789/22267
Appears in Collections:Volume 1 - 2020



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.