ජාතක කතා පදනම් වූ නාට්‍ය නිර්මාණයන් තුළ ස්ත්‍රී චරිතයන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව අධ්‍යයනයක්

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

මානවශාස්ත්‍ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව

Abstract

ජාතක කතා ආශ්‍රයෙන් නිර්මාණයවූ වේදිකා නාට්‍ය නිර්මාණ රැසක් පවතී. කෝලම්, නාඩගම්, නූර්ති වැනි නාට්‍ය සම්ප්‍රදායන් තුළ ජාතකකතාකරුවා විසින් ගෙන එන ලද දෘෂ්ටිවාදය එලෙසින්ම වෙනස් නොකොට අන්තර්ගතව තිබිණි. නමුත් 1950න් පසුව නිර්මාණයවූ ජාතක කතා ආශ්‍රිත වේදිකා නාට්‍ය තුළින් නිර්මාණකරුවා ස්වකීය දෘෂ්ටිවාදයක් ගෙන එයි. ප්‍රධාන වශයෙන් ජාතකකතාකරුවා විසින් සමාජගත කරනු ලබන කාන්තාව පිළිබඳව සාම්ප්‍රදායික දෘෂ්ටිය නාට්‍ය නිර්මාණකරුවා බිඳ දමා තිබේ. ඒ වෙනුවට කාන්තා චරිතයන්ගේ ක්‍රියාකාරීත්වය නිදහස් පැවැත්මෙහි අරගලයක් ලෙස නිර්මාණකරුවා විසින් ඉදිරිපත් කරනු ලැබේ. උදාහරණ වශයෙන් චුල්ල දනුද්ධර ජාතක කතාව ආශ්‍රයෙන් නිර්මාණය වුණු එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යය තුළින් ජාතක කතාකරුවාගේ දෘෂ්ටියට වඩා දාර්ශනික මතයක් නිර්මාණකරුවා සාකච්ඡා කරන බව පෙනෙන්නට තිබේ- ජාතක කථා ආශ්‍රයෙන් නිර්මාණය කෙරෙන නාට්‍ය නිර්මාණයන් තුළින් නාට්‍ය නිර්මාණකරුවා ජාතක කතාකරුවා අතික්‍රමණය කරමින් ස්වකීය දෘෂ්ටිවාදාත්මක ඵලයක් සමාජගත කරයි. එම ප්‍රයත්නයේදී ජාතක කතාකරුවා ස්ත්‍රී පුරුෂ භාවය හා සමාජ ජීව විද්‍යාත්මක මතයකින් මනෝරාජික ගුණයකින් යුතුව හසුරුවා තිබෙන කාන්තා චරිතයන් වඩාත් ලිබරල්වාදී (නිදහස්) ප්‍රවේශයකින් ක්‍රියාකරවන්නට නාට්‍ය නිර්මාණකරුවා උත්සහගෙන තිබෙන බව තහවුරු කර ගැනීම මෙම පර්යේෂණයේ අරමුණයි- ජාතක කතා ආශ්‍රයෙන් නිර්මාණයවී තිබෙන නාට්‍යය නිර්මාණයන්ගේ කාන්තාකාරක ගුණය වඩාත් නිදහස් ස්ත්‍රීවාදී ප්‍රවේශයක් ගන්නා බව පෙන්වාදීමට මෙම පර්යේෂණයේදී උත්සහකර තිබේ- ජාතක කතා ආශ්‍රිත නාට්‍ය නිර්මාණ තුළ කාන්තා චරිතයන්ගේ ක්‍රියාකාරීත්වය :ත්‍ැපසබසිඑ ්ජඑසදබ ූම්කසඑහ* හෙවත් එම චරිතයන්ගේ ක්‍රියාකාරීත්වය ජාතක කතාකරුවාට වඩා ලිබරල්වාදී ප්‍රවේශයකින් හසුරුවා තිබෙන බව මූලික කියවීම තුළදී පෙනී යයි- ජාතක කතා ආශ්‍රිතව නිර්මාණයවී තිබෙන නාට්‍ය නිර්මාණ අධ්‍යයනය කරමින් ඒ පිළිබඳව විචාරක අදහස් සහ ජාතක කතා නාට්‍ය මූලධර්මයන් පිළිබඳව පවතින ශාස්ත්‍රීය ප්‍රකාශනද අධ්‍යයනය කරමින් මෙම පර්යේෂණය සිදු කෙරේ.

Description

Citation

උෂාන් පෙරේරා. ආර්.එම්. (2021) ජාතක කතා පදනම් වූ නාට්‍ය නිර්මාණයන් තුළ ස්ත්‍රී චරිතයන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව අධ්‍යයනයක්, 5 වන මානවශාස්ත්‍ර පීඨ ජාත්‍යන්තර ප්‍රභාෂණය, මානවශාස්ත්‍ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව. පිටු අංකය,27

Collections

Endorsement

Review

Supplemented By

Referenced By