බලි ශාන්තිකර්මයක ඇඹුම් කවිවලින් නිරූපිත ප්‍රාසංගික ලක්ෂණ සිව් සැන්දෑ බලිය ඇසුරෙන් සෞන්දර්යාත්මක අධ්‍යයනයක්

dc.contributor.authorතමෝදා, ඩබ්. ඒ. ආර්.
dc.date.accessioned2022-06-03T08:54:43Z
dc.date.available2022-06-03T08:54:43Z
dc.date.issued2021
dc.description.abstractබලි ශාන්තිකර්මය යනු නවග්‍රහයන් උදෙසා නර්තන සම්ප්‍රදාත්‍රයෙහිම පොදුවේ පවත්වන ශාන්තිකර්මයකි. ඇඹීම හා චිත්‍රණය කිරීම බලි ශාන්තිකර්මයක භාවිත ප්‍රධාන ශිල්පීය ක්‍රමයන්ය. ඇඹුම් කවිවලින් කියැවෙන මනඃකල්පිත රූපයක තතු දෘශ්‍යමාන රුවක් බවට පත් කොට ආතුර මනස සුවපත් කිරීම බලි ශාන්තිකර්මයක අරමුණ වේ. බලි ශාන්තිකර්මක භාවිත ඇඹුම් ගායනා බලියෙහි අන්තර්ගත ප්‍රාසංගික ලක්ෂණ කාව්‍යාත්මකව ඉදිරිපත් කරයි. බලියක් වටා ඇති සෞන්දර්ය ගුණාංගයන් අතර ඇඹීම, චිත්‍රණය කිරීම හා වර්ණ ගැන්වීම මූලික වේග මැටියෙන් අඹන ජීවය රහිත පිළිරුවක් රේඛා, වර්ණ හා හැඩතල උපයෝගී කර ගනිමින් සජීවී කලා කෘතියක් බවට පත් කිරීම මෙහිදී හඳුනා ගත හැකියග බලි ශාන්තිකර්මයේ සිව් සැන්දෑ බලියෙහි ප්‍රාසංගික ලක්ෂණ ඇඹුම් කවි ඇසුරෙන් ඉස්මතු කර දක්වන්නේ කෙසේද යන්න මෙම පර්යේෂණයේ ගැටලුවයි. බලි ඇඹුම් කවිවලින් ප්‍රකාශිත බලියක ආකෘතිකමය ස්වරූපය යටතේ සිව් සැන්දෑ බලියෙහි පවත්නා ප්‍රාසංගික ලක්ෂණ අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ අරමුණ වේග මානවවංශ පර්යේෂණයක් වන මෙම පර්යේෂණය උදෙසා ගුණාත්මක පර්යේෂණ විධි ක්‍රමය භාවිත වියග උද්ගාමී තර්කන ක්‍රමය මූලික කර ගනිමින් මෙම පර්යේෂණයේ නිගමනයන්ට එළඹිණි. මෙම පර්යේෂණය උදෙසා දත්ත රැස් කිරීමේදී ප්‍රාථමික මූලාශ්‍රය යටතේ අත්පිටපත් අධ්‍යයනය කෙරිණිග මීට අමතරව පොත්පත්, සඟරා යන ද්විතීයික මූලාශ්‍රය මඟින්ද දත්ත රැස් කෙරිණග ඔම අධ්‍යයනයෙන් රැස් කර ගන්නා ලද දත්ත විශ්ලේෂණයේදී භාරතීය භාෂාවක් මුල් කාලීනව ඇඹුම් කවි සඳහා භාවිතවී ඇතත් පසුකාලීනව දේශීය ශාන්තිකර්ම ශිල්පියාගේ රුචිකත්වය මත ගායනා නිර්මාණය වී ඇත. බලි ඇඹුම් ගායනාවල සඳහන් වන බලියෙහි හැඩරුව හා නියමිත මිනුම් ක්‍රම ශිල්ප සිත්තර ගුරුන් මැනවින් ග්‍රහණය කොට ගෙන නිර්මාණය කරන අතර වර්තමානයේ නොයෙක් තාක්ෂණික ක්‍රමෝපායන් පැවතියද පාරම්පරික ඇඹුම් ක්‍රම ශිල්ප හා එහි අන්තර්ගත ප්‍රාසංගික ලක්ෂණයන් තවමත් ඇඹුම් බලියෙහි ජීවමානව පවතින බව මෙම පර්යේෂණයේ අවසන් නිගමනය වශයෙන් සඳහන් කළ හැකිය.en_US
dc.identifier.citationතමෝදා ඩබ්. ඒ. ආර්. (2021), බලි ශාන්තිකර්මයක ඇඹුම් කවිවලින් නිරූපිත ප්‍රාසංගික ලක්ෂණ සිව් සැන්දෑ බලිය ඇසුරෙන් සෞන්දර්යාත්මක අධ්‍යයනයක්, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 46p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24636
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectඇඹුම් කවි, ප්‍රාසංගික ලක්ෂණ, බලි ශාන්තිකර්මය, සිව් සැන්දෑ බලිය, සෞන්දර්යen_US
dc.titleබලි ශාන්තිකර්මයක ඇඹුම් කවිවලින් නිරූපිත ප්‍රාසංගික ලක්ෂණ සිව් සැන්දෑ බලිය ඇසුරෙන් සෞන්දර්යාත්මක අධ්‍යයනයක්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 46.pdf
Size:
100.05 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections