ජපන් භාෂාව හදාරන සිංහල මව්භාෂිත සිසුන්ගේ කතකනා අක්ෂර අවභාවිතයන් පිළිබඳ විශ්ලේෂණයක්

dc.contributor.authorයසෝදරා, කේ. එච්. එම්. දුල්හානි
dc.date.accessioned2022-06-02T06:03:42Z
dc.date.available2022-06-02T06:03:42Z
dc.date.issued2021
dc.description.abstractභාෂාවක හෝඩිය යනු එම භාෂාවේ මූලික ශබ්ද විදහා දක්වන්නා වූද, එක් එක් ශබ්ද සංඥා විදහා දක්වන්නා වූද සුවිශේෂ නිර්මාණයකි. එලෙසම ජපන් භාෂාවේද හිරගනා, කතකනා, කන්ජි සහ රෝමජි ලෙස හෝඩි වර්ග හතරක් දැකගත හැකිවේ. ඒ අතුරින් කතකනා හෝඩිය විදේශ රටකින් ජපන් භාෂාවට එක්වූ වචන දැක්වීමත්, සුවිශේෂ අවස්ථා අවධාරණය කිරීමත්, ශබ්ද සහ හඬ ආදිය ලියා දැක්වීමත් ආදිවූ විශේෂිත කාර්යයක් ඉටුකරයි. ශ්‍රී ලංකාවේ ජපන් භාෂාව හදාරන සිසුන් ජපන් භාෂා අධ්‍යයනය ආරම්භයේ සිට විශ්වවිද්‍යාල මට්ටම සහ ඉන් ඉදිරියටත් කතකනා අක්ෂර අධ්‍යයනය සිදු කළද විවිධ අවභාවිතයන් දැකගත හැකිවේ. විශේෂයෙන් ජපන් ජාතිකයන් සමග කතාබහේදී ඔවුන් භාවිත කරන කතකනා වචන තේරුම් ගැනීමට අපහසුවී අපහසුතාවට පත්වන අවස්ථාද, බැඳි අක්ෂර සහ දීර්ඝ අක්ෂර භාවිතයන්ගේ අවභාවිතයන්ද දැකගත හැකිවේ. එසේවුවද බොහෝ සිසුන් ජපන් හාෂාව කතාකිරීමේදී සහ ලිවීමේදී ජපන් භාෂා වචනයක් තම මනසට නොනැගෙන්නේ නම් යුහුසුළුව එය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කොට ඊට ගැළපෙන කතකනා වචනය භාවිතයට පැකිලෙන්නේද නැත. එබැවින් ජපන් භාෂාව අධ්‍යයනය කරන සිසුන්හට එම අවභාවිතයන් පිළිබඳවත්, එලෙස අවභාවිතයන් සිදු කිරීමේ වැඩි ප්‍රවණතාවක් දක්වන්නේ කුමන අංශ යටතේද යන්නත් පෙන්වාදීමේ වැදගත්කමක් පවතී. තවද, මේවන තෙක් සිංහල මව්භාෂිතයන්ගේ කතකනා අක්ෂර අවභාවිතයන් පිළිබඳ විශ්ලේෂණ එකකුදු සිදුවී නොමැත. එහෙයින් ශ්‍රී ලංකාවේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ජපන් භාෂාව හදාරන සිංහල මව්භාෂිත සිසුන් පනස්දෙනෙකු බැගින් සියදෙනෙකුද, ශ්‍රී ලංකාවේ ජපන් භාෂාව විශ්වවිද්‍යාල මට්ටමින් හදාරන කැලණිය විශ්වවිද්‍යාලයේ ජපන් භාෂාව හදාරන සිංහල මව්භාෂිත සිසුන්ද සහභාගී කරගනිමින් සවන්දීමේ පරීක්ෂණයක් පවත්වා දත්ත එක්රැස් කරගනු ලබයි. එමගින් ලැබෙන දත්ත යමශිතා 2014 වර්ෂයේ සිදුකළ විශ්ලේෂණ ක්‍රමවේදය භාවිත කරමින් විශ්ලේෂණය කොට සිංහල මව්භාෂිත සිසුන් කතකනා අක්ෂර අවභාවිතයේ වැඩි ප්‍රවණතාවක් දක්වන්නේ කුමන අංශයටද, යමශිතා මහතාගේ විශ්ලේෂණ වර්ගීකරණයට අමතරව සිංහල මව්භාෂිත සිසුන්ගේ නව අවභාවිතයන් පවතින්නේද යන්න විශ්ලේෂණය කරනු ලැබේ. එමගින් සිසුන්හට තමා කතකනා අක්ෂර භාවිතයේදී වැඩි අවධානය ලබා දිය යුත්තේ කුමන අංශයටද යන්න මනාව අවබෝධ කරගනිමින් නිසි භාවිතයට හැකිවනු ඇත.en_US
dc.identifier.citationයසෝදරා කේ. එච්. එම්. දුල්හානි (2021), ජපන් භාෂාව හදාරන සිංහල මව්භාෂිත සිසුන්ගේ කතකනා අක්ෂර අවභාවිතයන් පිළිබඳ විශ්ලේෂණයක්, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 21p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24608
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectකතකනා, කතකනා අවභාවිතය, ජපන් භාෂා අධ්‍යයනය, සවන්දීමේ පරීක්ෂණය, සිංහල මව්භාෂිතයෝen_US
dc.titleජපන් භාෂාව හදාරන සිංහල මව්භාෂිත සිසුන්ගේ කතකනා අක්ෂර අවභාවිතයන් පිළිබඳ විශ්ලේෂණයක්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 21.pdf
Size:
112.6 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections