ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජන සංස්කෘතිය ආශ්‍රිත සංගීතය (මල්වාන ප්‍රදේශය ආශ්‍රිත)

dc.contributor.authorසෙව්වන්දි, ඩබ්. ඒ.
dc.date.accessioned2022-06-07T04:14:44Z
dc.date.available2022-06-07T04:14:44Z
dc.date.issued2021
dc.description.abstractබස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මල්වාන ප්‍රදේශයේ සිටින සාෆි මුස්ලිම් නිකායේ තරීකා/තක්කියා යන කොට්ඨාසය ආශ්‍රිත සංගීතමය තොරතුරු ගවේෂණය කිරීම මෙම පර්යේෂණයේ මූලික අරමුණ වේ. ශ්‍රී ලංකාව පුරාම නිකායන් හතරකට යටත්ව මුස්ලිම් ජනතාව ජීවත් වන අතර මල්වාන ප්‍රදේශයේ ජීවත් වන මුස්ලිම් ජාතික පුද්ගලයන් කීප දෙනෙකුගෙන් රැස් කරගත් තොරතුරුවලට අනුව ඔවුන්ගේ ආගමික ග්‍රන්ථය වන අල් කුරාණයේ එන ආගමික යාඥාවන්ට අමතරව ඔවුන්ගේ ඉපැරණි ආගමික නොවන සම්ප්‍රදායන්ගෙන් පැවත එන ගායන පිළිබඳව මෙම පර්යේෂණයේදී ඉදිරිපත් කර ඇත. බහුසංස්කෘතික රටක් වන ශ්‍රී ලංකාව තුළ ජීවත් වන එක් ජන කොට්ඨාසයක් ලෙස මුස්ලිම් ජනතාව හැඳින්වේ. අනෙකුත් ජන සම්ප්‍රදායන් සේම මුස්ලිම් ජනතාවටද ඔවුන්ගේ ආගම, ඉස්ලාම් ආගමට අදාළ නොවන ලෙස ක්‍රමයෙන් සිදුවන ඔවුන්ගේ සම්ප්‍රදායන්වල වෙනස්වීම්වලට අදාළ විවිධ සංස්කෘතික තොරතුරු පවතී. ලංකාවේ දැනට සිටින මුස්ලිම් ජනතාවගෙන් සාම්ප්‍රදායික මුස්ලිම්වරු ආගම සමඟ දැඩිව බැඳී සිටින අතර ඔවුන් කලාව තහනමක් (හරාම්) සේ සලකයි. කෙසේවෙතත් ඉස්ලාම් ආගමට අනුව සංගීතයට, නර්තනයට වැඩි ඉඩක් නොමැති නමුත් ඔවුන් ආගම මුල් කරගනිමින් සිදු කරන බොහෝ යාඥාවන් පවතී. අසාන් ගායනය ඉන් ප්‍රධාන වේ. විශේෂයෙන් ඔවුන්ගේ විවාහ මංගල්‍යය උත්සව, අවමංගල්‍යය උත්සව ආශ්‍රිතව මෙන්ම රාමලාන් උත්සවය ආශ්‍රිතව සිදු කෙරෙන ‘යා-නබි’ ගායනා, ‘කම්සී‘ ගායනා, ‘කලීමා ශහාදා’ සහ ‘නෝම්බු පයාන’ වැනි ගායනා පිළිබඳව මෙම පර්යේෂණයේදී ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජන සංස්කෘතියට අදාළව ආගමික සහ ආගමික නොවන විවිධ උත්සව ආශ්‍රිතව මින් පෙරත් පර්යේෂණ සිදු කර තිබුණද, ලංකාවේ අනෙකුත් මුස්ලිම් ජනතාව සිටින ප්‍රදේශවලට සාපේක්ෂව මල්වාන ප්‍රදේශයේ පමණක් වර්තමානයේ දක්නට ලැබෙන ඉහත සඳහන් ගායනා පිළිබඳව සහ එහි සංගීතමය ලක්ෂණ පිළිබඳව කිසිදු පර්යේෂණයක් සිදුව නොමැත. මෙම පර්යේෂණය සඳහා ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය යොදා ගනු ලැබූ අතර දත්ත රැස් කිරීම සඳහා ක්ෂේත්‍ර අධ්‍යයන හා සම්මුඛ සාකච්ඡා මෙන්ම සාහිත්‍යයික තොරතුරු යොදා ගැනේ.en_US
dc.identifier.citationසෙව්වන්දි ඩබ්. ඒ. (2021) ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජන සංස්කෘතිය ආශ්‍රිත සංගීතය (මල්වාන ප්‍රදේශය ආශ්‍රිත), Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 62p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24652
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectඉස්ලාම් ආගමික යාඥා, තක්කියා ගායනා, මුස්ලිම් චාරිත්‍ර, මුස්ලිම් ජන සංස්කෘතිය, රාමලාන් උත්සවය, සාෆි මුස්ලිම්en_US
dc.titleශ්‍රී ලංකාවේ මුස්ලිම් ජන සංස්කෘතිය ආශ්‍රිත සංගීතය (මල්වාන ප්‍රදේශය ආශ්‍රිත)en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 62.pdf
Size:
99.7 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections