ශ්‍රී ලංකාවේ ජපන් භාෂාව ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ගේ වචන මාලා ඉගෙනීමේ උපාය මාර්ග

dc.contributor.authorබාලසූරිය, කනිෂ්කා අංජානි
dc.date.accessioned2022-06-07T04:21:33Z
dc.date.available2022-06-07T04:21:33Z
dc.date.issued2021
dc.description.abstractජපන් භාෂාව අධ්‍යයනය කිරීමේදී ව්‍යාකරණ, සවන්දීම සහ කියවීම වැනි අංශ කිහිපයක් හැදෑරීමට ඇත. ඒ අතරින් ජපන් වචන මාලාව අධ්‍යයනයද ප්‍රධාන ස්ථානයක් උසුලයි. ශ්‍රී ලාංකික ජපන් භාෂාව ඉගෙනුම ලබන ශිෂ්‍යයන් අතර බහුලව දක්නට ලැබෙන ගැටලුවක් වන්නේ අදාළ වචන මාලාව නිවැරදිව මතකයේ තබාගැනීමට ඇති නොහැකියාවයි. බොහෝ විට ශිෂ්‍යයන් යම් කිසි විභාගයකට පෙනී සිටින තුරු වචන මාලාව මතකයේ රැඳුනද, ඊට දින කිහිපයකට පසුව මතක නැතිව යාමේ සම්භාවිතාව සාපේක්ෂව වැඩිය. මෙම ගැටලුව විසඳීම සඳහා, ශිෂ්‍යයන් විසින් වචන මාලාව අධ්‍යයනය කිරීමට භාවිත කරන උපාය මාර්ග පැහැදිලිව හඳුනාගැනීම අවශ්‍ය වේ. වර්තමානයේ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් මාර්ගගත අධ්‍යාපනයේ යෙදෙන බැවින් අදාළ වචනයේ අර්ථය ක්ෂණිකව සෙවීමට සහ පී. ඩී. එෆ් ගොනු මත වැදගත් වචන හයිලයිට් කිරීම වැනි නව උපාය මාර්ග අන්තර්ජාලය ඔස්සේ ගවේෂණය කිරීමට සහ භාවිත කිරීමට නිදහස ඇත. තවද ජපන් භාෂා වචන මාලා ඉගෙනීමේ උපාය මාර්ග පිළිබඳ පර්යේෂණ විදේශයන්හි සිදු කර ඇති නමුත් ශ්‍රී ලාංකික ජපන් භාෂා ශිෂ්‍යයන් ඉලක්ක කරගත් අධ්‍යයනය එතරම් ප්‍රමාණයක් සිදු කොට නොමැත. එම නිසා මෙම අධ්‍යයනය තුළින් කරුණු දෙකක් පිළිබඳ අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වේ. එනම්, (1) කැලණිය විශ්වවිද්‍යාලයේ ජපන් භාෂාව ඉගෙනුම ලබන ශිෂ්‍යයන් අදාළ වචන මාලාව මතක තබා ගැනීම සඳහා බහුලවම භාවිත කරන්නේ කුමන ආකාරයේ වචන මාලා ඉගෙනීමේ උපාය මාර්ගයක්ද? සහ (2) කැලණිය විශ්වවිද්‍යාලයේ ජපන් භාෂාව ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ගේ වචන මාලා ඉගෙනීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා කුමන ආකාරයේ ඵලදායී උපාය මාර්ග හඳුන්වා දිය හැකිද? යන්නයි. මෙම අධ්‍යයනයේදී අනුගමනය කරනු ලබන ක්‍රමවේදය වන්නේ වචන මාලා ඉගෙනීමේ විවිධ උපාය මාර්ග ඇතුළත් කරන ලද ප්‍රශ්නාවලියක් වන අතර, මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ ජපන් භාෂාව හදාරන පළමු වන, දෙවන සහ තෙවන වසරවල පිරිමි සහ කාන්තා ශිෂ්‍ය ශිෂ්‍යාවන් පනස් දෙනෙකු ඉලක්ක කර ගැනීමට නියමිත ය.en_US
dc.identifier.citationබාලසූරිය කනිෂ්කා අංජානි (2021) ශ්‍රී ලංකාවේ ජපන් භාෂාව ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ගේ වචන මාලා ඉගෙනීමේ උපාය මාර්ග, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 63p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24653
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectඉගෙනීම, උපාය මාර්ග, මතකය, ජපන් භාෂාව, වචන මාලාවen_US
dc.titleශ්‍රී ලංකාවේ ජපන් භාෂාව ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ගේ වචන මාලා ඉගෙනීමේ උපාය මාර්ගen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 63.pdf
Size:
115.94 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections