පදගත පරිවර්තනය භාවිතයෙන් සංස්කෘතික පද පරිවර්තනයේදී සාම්‍යතාව ආරක්ෂා කරගැනීමේ වැදගත්කම

dc.contributor.authorජයසූරිය, කේ. මයුරි චතුරිකා
dc.contributor.authorගමගේ, කේ. ජී. තිළිණි එරන්දිකා
dc.date.accessioned2022-06-03T05:51:27Z
dc.date.available2022-06-03T05:51:27Z
dc.date.issued2021
dc.description.abstractභාෂා පරිවර්තනය සඳහා විවිධ ක්‍රමවේද භාවිත කරනු ලබන අතර ඉන් එක් ක්‍රමවේදයක් ලෙස පදගත පරිවර්තනය (literal translation& හැඳින්විය හැකිය. පදගත පරිවර්තනය යනු මූලාශ්‍රය පාඨය ඍජුවම ඉලක්ක භාෂාවට පරිවර්තනය කිරීම ලෙෂ සරලව හැඳින්විය හැකිය. මෙම පර්යේෂණයෙන් අපේක්ෂා කරනුයේ පදගත පරිවර්තනය උපයෝගී කරගනිමින් සංස්කෘතික පද (Cultural terms) පරිවර්තනය කිරීමේදී එම පරිවර්තිත පදයන්හි සාම්‍යතාව ආරක්ෂා කරගැනීමේ වැදගත්කමයි. මෙහිදී අධ්‍යයන ක්‍රමවේදය ලෙස භාවිත කර ඇත්තේ මූලාශ්‍රය ලේඛනය වශයෙන් විදේශ සංස්කෘතියක් ඇසුරු කර ගනිමින් රචිත සාහිත්‍ය කෘතියක ඇතුළත් සංස්කෘතික පද හඳුනාගෙන එම පද පදගත පරිවර්තනය භාවිතයෙන් ඉලක්ක භාෂාවට පරිවර්තනය කිරීමයි. ඒ අනුව Laura Ingalls Wilder නමැති ඇමරිකානු ජාතික කතුවරිය විසින් ස්වකීය ජීවිතයේ අත්දැකීම් පාදක කරගනිමින් ඉංග්‍රීසි බසින් රචනා කරන ලද ''First four years" නමැති ග්‍රන්ථය නියැදියක් වශයෙන් මෙහිදී භාවිත කර තිබේ. ඒ අනුව මෙම නවකතාවෙහි ඇතුළත් සංස්කෘතික පද පළමුව හඳුනාගෙන ඇත. ඉන්පසු එම පද පදගත පරිවර්තන ක්‍රමවේදය භාවිත කරමින් ඉලක්ක සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත. මෙලෙස පරිවර්තනය කරන ලද සංස්කෘතික පද ඉලක්ක පාඨකයාට නිවැරදිව අවබෝධ කරගැනීමට ඇති හැකියාව සහ ඔවුන්ගේ රසවින්දනයට බාධාවක් ඇති නොකිරීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් එම සංස්කෘතික පද උසස් අධ්‍යාපනයේ නිරත සිංහල භාෂාව සිය මවු භාෂාව වශයෙන් භාවිත කරනු ලබන පාඨකයින් දස දෙනෙකු වෙත ලබාදී ඔවුන්ගේ ප්‍රතිචාර කෙසේද යන්න ලබාගෙන ඇත. එය මෙම පර්යේෂණයේ විවරණ ක්‍රමවේදය ලෙෂ භාවිත කර ඇත. සාහිත්‍ය පරිවර්තනයේදී වෙනත් සංස්කෘතියකට අයත් සංස්කෘතික පද පදගත පරිවර්තන ක්‍රමවේදය භාවිතයෙන් ඉලක්ක භාෂාවට පරිවර්තනය කිරීමේදී එම පදයන්හි ප්‍රකරණය නිවැරදිව හඳුනාගෙන ඊට ගැළපෙන තුල්‍ය පද යෙදීම අතිශය වැදගත් බව මෙම පර්යේෂණයෙන් හඳුනාගෙන ඇත. එයට හේතුව වන්නේ එම සංස්කෘතික පදයන්හි සාම්‍යතාව ආරක්ෂා කරගනිමින් ඉලක්ක භාෂාවට පරිවර්තනය කිරීම මඟින් වචනයට වචනයක් ඍජුව ගැලපීම වෙනුවට අදාළ පදයට අයත් ප්‍රකරණය හඳුනාගෙන පරිවර්තනය කිරීම පාඨක අවබෝධය සහ රසාස්වාදය තහවුරු කිරීමට හේතු වීමයි. ඒ අනුව පදගත පරිවර්තනය භාවිතයෙන් සංස්කෘතික පද පරිවර්තනය කිරීමේදී එම පදයන්හි ප්‍රකරණය අවබෝධ කර ගනිමින් එහි සාම්‍යතාව ආරක්ෂා වන පරිදි පරිවර්තනය කළ යුතු බව නිගමනය කර ඇත.en_US
dc.identifier.citationජයසූරිය කේ. මයුරි චතුරිකා, ගමගේ කේ. ජී. තිළිණි එරන්දිකා (2021), පදගත පරිවර්තනය භාවිතයෙන් සංස්කෘතික පද පරිවර්තනයේදී සාම්‍යතාව ආරක්ෂා කරගැනීමේ වැදගත්කම, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 40p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24627
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectභාෂා පරිවර්තනය, පදගත පරිවර්තනය, සංස්කෘතික පද, ප්‍රකරණය,සාම්‍යතාවen_US
dc.titleපදගත පරිවර්තනය භාවිතයෙන් සංස්කෘතික පද පරිවර්තනයේදී සාම්‍යතාව ආරක්ෂා කරගැනීමේ වැදගත්කමen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 40.pdf
Size:
121.83 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections