ශ්‍රී ලංකාවේ වේදිකා නාට්‍ය කෙරෙහි ජන සංගීත භාවිතාව (දයානන්ද ගුණවර්ධනයන්ගේ නිරිබෑනා, ජස ලෙන්චිනා, මධුර ජවනිකා සහ ගජමන් පුවත වේදිකා නාට්‍ය ඇසුරිනි)

dc.contributor.authorසිල්වා, ඩී. එල්. ටි. එන් ද
dc.date.accessioned2022-06-07T04:27:02Z
dc.date.available2022-06-07T04:27:02Z
dc.date.issued2021
dc.description.abstractමෙම අධ්‍යයනයේ අරමුණ වන්නේ දයානන්ද ගුණවර්ධනගේ වේදිකා නාට්‍ය කෙරෙහි ජන සංගීත භාවිතය පිළිබඳ හඳුනා ගැනීම සහ විශ්ලේෂණය කිරීමයි. ශ්‍රී ලංකාවේ සංගීත පද්ධතිය විමසීමේදී එයටම ආවේණිකවූ සංගීතයක් ඇති අතර එහි ලක්‍ෂණ බෙහෙවින්ම දක්නට ලැබෙන්නේ දේශීය ජන සංගීතයේය. මීට හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකාවේ දේශීය සංගීතය ශාස්ත්‍රීය සංගීත සම්ප්‍රදායක් ලෙස හඳුනා ගෙන නොතිබීමයි. එසේ වුවද ගුණවර්ධනයන් තමන් විසින් නිෂ්පාදිත වේදිකා නාට්‍ය උදෙසා එකී දේශීය ලක්‍ෂණ නොමසුරුව උපයෝගී කොට ගෙන ඇති බව පැහැදිලිය. එසේ සිදුවී ඇත්තේ ලංකාවට ආවේණිකවූ වේදිකා නාට්‍ය සම්ප්‍රදායක් ගොඩ නැංවීමෙහිලා ඔහු විසින් කරන ලද පර්යේෂණයන්හිදී දේශීය රංග කලාවෙහි සහ සංගීතයෙහි ඇති බොහෝ ලක්‍ෂණ උපයෝගී කර ගැනීමට වැඩි නැඹුරුවක් පෙන්නුම් කිරීමයි. විශේෂයෙන්ම මෙතුමා තම වේදිකා නාට්‍ය උදෙසා පෙරදිග රංග ශෛලියෙහි ප්‍රමුඛ ලක්‍ෂණයක් වන ශෛලීගත රංග සම්ප්‍රදාය අනුගමනය කිරීමත් එනිසාම පද්‍ය සංවාද කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමත් ඊට හේතු වී ඇති බව ඔහුගේ නාට්‍ය පිළිබඳව විමසීමේදී විද්‍යමාන වේ. මහාචාර්ය සරච්චන්ද්‍රගෙන් පසුව වේදිකා නාට්‍ය සඳහා දේශීය යාතුකර්මීය ලක්‍ෂණ භාවිත කළ පුරෝගාමී නාට්‍යකරුවෙකු ලෙෂ දයානන්ද ගුණවර්ධන හැඳින්විය හැක්කේ එබැවිනි. ඔහු විසින් උපයුක්ත මෙකී ලක්‍ෂණ පිළිබඳ අධ්‍යයනය කීරීම සඳහා ඔහු විසින් නිෂ්පාදිත නරි බෑනා, ජස ලෙන්චිනා, මධුර ජවනිකා සහ ගජමන් පුවත මෙකී අධ්‍යයනය සඳහා පාදක කර ගන්නා ලදි. මෙම අධ්‍යයනය ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය අනුගමනය කරමින් අධ්‍යයනය කිරීමට අපේක්‍ෂිතය. මෙකී නාට්‍ය අධ්‍යයනය කිරීමේදී ගායනා සංවාද උදෙසා උපයෝගී කර ගන්නා ලද ගායන ශෛලීන්, ජන සංගීත නාදමාලා සහ සංගීත ආකෘති යනාදිය පිළිබඳවද අධ්‍යයනය කළෙමි. පුස්තකාල ගවේෂණ, ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡා හා ප්‍රශ්නාවලි මෙකී අධ්‍යයනය සඳහා උපයෝගී කර ගැනීමට අපේක්‍ෂිතය. ඒ අනුව අධ්‍යයනය කිරීමේදී දයානන්ද ගුණවර්ධනගේ නාට්‍ය උදෙසා දේශීය ජන සංගීතයේ භාවිතය නොමඳව ලබා ගෙන ඇති බව නිගමනය කළ හැකිය. එසේම ජන ගී, බෙර පද ආදිය යොදා ගත් බව මෙහි ප්‍රමුඛතම සොයා විය. මෙම නාට්‍ය වර්තමානයේදීත් ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ දේශීය ලක්‍ෂණ පිළිබිඹු කරන බව නිගමනය කළ හැකිය.en_US
dc.identifier.citationසිල්වා ඩී. එල්. ටි. එන් ද (2021), ශ්‍රී ලංකාවේ වේදිකා නාට්‍ය කෙරෙහි ජන සංගීත භාවිතාව (දයානන්ද ගුණවර්ධනයන්ගේ නිරිබෑනා, ජස ලෙන්චිනා, මධුර ජවනිකා සහ ගජමන් පුවත වේදිකා නාට්‍ය ඇසුරිනි), Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 64p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24654
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectගායන ශෛලිය, ජන සංගීතය,නාද මාලා, දයානන්ද ගුණවර්ධන, වේදිකා නාට්‍යයen_US
dc.titleශ්‍රී ලංකාවේ වේදිකා නාට්‍ය කෙරෙහි ජන සංගීත භාවිතාව (දයානන්ද ගුණවර්ධනයන්ගේ නිරිබෑනා, ජස ලෙන්චිනා, මධුර ජවනිකා සහ ගජමන් පුවත වේදිකා නාට්‍ය ඇසුරිනි)en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 64.pdf
Size:
98.81 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections